[_චර_] - 8

228 60 12
                                    

ක්‍රෙඩිට්කාඩ් විමර්ශනයට සඳහා පැමිණි පොලිස් නිලධාරීන් නික්ම ගිය පසු වසන්ත අධිකාරිගේ නිවසේ ඉදිරිපසට වන්නට පිහිටා තිබූ කාර්‍යාල කාමරයේ සංවාදයක නිරත වූ හුන් දෙදෙනෙකි.

වසන්ත මාමේ..අපි කැමා කම්පැනියේ ටෙන්ඩරේම හරියාවි කියලා ඒ ගැනම බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ.අපි මේ ඉන්න තත්වය අනුව කවුරුත් අපේ බිස්නස් ගැන විශ්වාස කරන්නෙත් නෑ කොහොමත්..

ඔව් ඒක හරි විශාල්..මටත් ඕක ගැන කල්පනා වුණා..ඒත් වෙන මොනවා කරන්නද කියලා තේරුමක් නෑ..

වසන්ත නළල රැලි කරගනිමින් පැවසුවේය..

මම ඉස්සර අපිට බඩු දුන්න කම්පැණි වලින් දැන් ටෙන්ඩරේ ගත්ත අය ගැන විස්තර හොයලා බැලුවා..ඒ ගොල්ලොත් එක්ක කතා කරලා බලමු..මොනවහරි කරගන්න බැරි වෙන එකක් නෑ..

එතන කවුරුහරි කෙනෙක් ඉන්නවද පොලිතින් පෙලට් නොකර අතරමැදියෙක් විදියට විකුණන??

ඔව් කීපදෙනෙක්ම ඉන්නවා..ඒත් අපි කෙලින්ම කම්පැණියෙන් ගන්නවට වඩා ටිකක් ගාණ වැඩි..මේ වෙලාවේ විදියට සල්ලි නාස්තිකිරීමක් වෙයිද කියලා හිතෙනවා එහෙම බඩු ගන්න එක..

නෑ නෑ..අපි ඒ අයත් එක්ක කතා කරලා බලමුකෝ..බිස්නස් කරන්න බෑනේ රිස්ක් එකක් ගන්නේ නැතුව..

හරි මාමේ..මන් අදම ඒ අයව කන්ටෑක්ට් කරගන්න බලන්නම්..

මං කල්පනා කලේ ඒක නෙවේ විශාල්..එකපාරට මේ කොහේවත් යන ක්‍රෙඩිට්කාඩ් වංචාවකට මං කොහෙන් පැටලුනාද කියලා..ඒකෙන් අන්තිමට නැතිවෙන්නේ මගේ නම..මේ පොඩි පොඩි ණය ගැන නම් බයක් නෑ..මොකද ඒ ඔක්කොම කටවචනෙටනේ අරන් තියෙන්නේ..

ඒත් අද ඇවිල්ලා ප්‍රශ්න කරපු විදියටනම් බැංකුවෙන් මාව මේකට අහුකරලම මිසක ආපිට බලන එකක් නෑ කියලා මට හිතුණේ..

වසන්ත කවුළුවෙන් ඈත බලාගෙන හුන් දෑස් ඉන් ඉවතට නොගෙන කලකිරීමෙන් යුතුව කතාකළේය.

බය වෙන්න එපා මාමේ..ඕන දේකට අපි ඉන්නවා..අපි වැරැද්දක් කරලා නෑනේ..ඒ නිසා නිකන්ම ඕක විසඳිලා යාවි..මගෙත් යාළුවෝ කීපදෙනෙක්ම ඉන්නවා පොලිසියේ..මන් ඒගොල්ලන්ට කතා කරලා බලන්නම්..

[_චර_]Where stories live. Discover now