04 කොටස

169 56 3
                                    

ජන්ග්මියි අරායි හිටියෙ ජන්ග්මිලාගෙ ගෙදර තියෙන mini movie cinema එකේ ෆිල්ම් එකක් බලන ගමන්. ෆිල්ම් එක බලනවට වඩා අරා හිටියෙ එයාගෙ ෆෝන් එකේ.

"අරා ඔයා මේක බලන්නැද්ද? කාත් එක්කද ඔය ආපු වෙලාවෙ ඉඳන් මැසේජ් කරන්නෙ? කොල්ලෙක්ද? මෙහෙ දෙනවා මටත් බලන්න"
ජන්ග්මි අරාට ළඟ තිබුණ කොට්ටයක් අරන් ගැහුවා.

"ආනී මම ඔයාට පස්සෙ කියන්නම් ජන්ග්මියා" අරා කිව්වෙ ෆෝන් එක පැත්තකින් තියන ගමන්..

"ඕනෙ එකක්" තව බිස්කට් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් ජන්ග්මි ආයෙම ෆිල්ම් එක බලන්න ගත්තා. ටික වෙලාවක් යනකොට ජන්ග්මිට තේරුණා කලින් ආපු හිසරදය ආයෙම ඇවිත් වගේ. හිසරදය විතරක් නෙමෙයි ජන්ග්මිට ඇඟට අමාරු ගතියකුත් දැණුනා, හරියට නිකන් උණ ගන්න වගේ..

"අ...අරා...අරා...මට ටික..ක් අමාරුයි" ජන්ග්මි කිව්වෙ ඔළුව එයාගෙ අල්ලගෙන.

කකුල් දෙකත් උඩ දාගෙන ෆිල්ම් එක බල බල හිටපු අරා එකපාරටම හිටගත්තා. එයාට එකපාරටම බැලුනෙ ඔරලෝසුව දිහා.

"එකොළහයි හතළිස් පහයි" අරා මිමිණුවා.. "වෙලාව ළං වෙනවා"

"ජන්ග්මියා වෙලාව හරි, දොළහට ළඟයි, ඔයාට ගොඩක් අමාරුයිද?" අරා ඇහුවෙ ජන්ග්මිගෙ ඔළුව අතගාන ගමන්..

"අරා මට බාත් රූම් එකට යන්න ඕනෙ" ජන්ග්මි කෙඳිරිගෑවා..

"එන්න යමු" අරා ජන්ග්මිව වත්තම් කරගත්තා. කෙල්ලට හොඳටම දාඩියත් දාලා..

"මම දොර ළඟම ඉන්නවා, කතා කරන්න හොඳේ" අරා ජන්ග්මිව බාත් රූම් එක ඇතුළට දාලා එළියෙන් දොර වැහුවා.

බාත් රූම් එකේ ලොකු කණ්ණාඩිය ඉස්සරහට ගිය ජන්ග්මිට තමන්ගෙ රූපය පෙනුනෙ අපැහැදිලිව, කණ්ණාඩිය ඇතුළෙ ජන්ග්මිලා දෙන්නෙක් ඉන්නවා වගේ පෙණුනෙ. ජන්ග්මි එයාගෙ ඇස් දෙක පිහදාලා ආයෙ බැලුවා..

දැන් එයාගෙ කරකැවිල්ල හොඳටම වැඩි. එයා ටැප් එක ඇරලා මූණ හොඳට හෝදගත්තා. එකපාරටම එයාට ඇහුණා කෙනෙක් කතා කරනවා.

"ජන්ග්මියා"

ඒක හරිම සිහින් කෙඳිරියක් වගේ... ජන්ග්මිට ආයෙමත් ඒ කටහඬ ඇහුණා... එයාට දැණුනෙ ඒක හරියට එන්නෙ තමන්ගෙ ඇඟ ඇතුළෙන් වගේ..

You Belong To Me!!!  (Completed)Where stories live. Discover now