08 කොටස

144 50 0
                                    

"හරි දැන් හැමෝම ඉන්න එකේ අපි මීටින් එක පටන් ගමු එහෙනම්"

නාම්ජූන්ගෙ කටහඬින් මුළු බෝඩ් රූම් එකම පිරුණා. හැමෝම තම තමන්ගෙ ෆයිල්ස් දිග ඇරගත්තා. කට්ටිය හැමෝම මීටින් එකට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කලාට ජන්ග්කුක්ගෙ ඇස් දෙකයි හිතයි සම්පූර්ණයෙන්ම තිබුණෙ එයාට ඉස්සරහින් වාඩි වෙලා හිටපු දෙන්නා ළඟ.

මීටින් එක අතරතුර සැරින් සැරේට ජන්ග්මි ටේහ්‍යොන්ග් දිහා බැලුවත් ටේහ්‍යොන්ග් හිටියෙ discussion එකට සම්පූර්ණ අවධානය දීලා. ඒත් ජන්ග්මි තමන් දිහා බලනවා ටේහ්‍යොන්ග් නොදැක්කා නෙමෙයි.

ජන්ග්කුක් මේ හැමදේම බලාගෙන...

ජන්ග්මිගෙ හිතේ දහසක් ප්‍රශ්න..එයාට හිතාගන්න බෑ මොනවද වෙන්නෙ කියලවත්. ජන්ග්කුක් දිහා බලන බලන සැරේට ජන්ග්කුක් තමන් දිහා බලන් ඉන්නවා කියලා එයාට තේරුණා. තමන් දිහා විතරක් නෙමෙයි ටේහ්‍යොන්ග් දිහාත්..

ඇත්තම කිව්වොත් ටේහ්‍යොන්ග්ව දැක්ක පළවෙනි වතාවෙම ජන්ග්මිගෙ හිත ගියා. ලූනා තමයි ඔක්කොටම කලින් කැමති උනේ.. ඒත් ජන්ග්මිගෙ හිතේ කොණක තාමත් ජන්ග්කුක් ඉන්නවා. ඒ නිසයි එයාට කරන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි.

තනියම මෙහෙම හිත හිත ඉන්නකොට ජන්ග්කුක් එකපාරටම නැගිට්ටා. බෝඩ් රූම් එකේ හිටපු හැම කෙනාම පුදුම වෙලා බැලුවෙ ජන්ග්කුක් දිහා.

"චෙසොහම්නිදා ඇල්ෆා, මට ටිකක් අසනීප ගතියක් දැනෙනවා. මම එළියට යන්නම්." නාම්ජූන්ට හිස නවලා ආචාර කරපු ජන්ග්කුක් ජන්ග්මි දිහා එක පාරක් බලලා එළියට ගියා..

සාක්කුවෙ තිබ්බ පැක් එකෙන් එක සිගරට් එකක් අරන් පත්තු කරගත්තු ජන්ග්කුක්ගෙ ඇස් දෙක කේන්තියට රතු වෙලා. එයා ළඟ තිබුණ බිත්තියට මිට මොළවලා හයියෙන් පාරක් ගැහුවා..බිත්තියෙ පතුරු කීපයක් ගැලවුනත් වැඩිම තුවාලය උනේ ජන්ග්කුක්ට. එයාගෙ ඇඟිලි හතරක්ම හීරිලා ලේ එන්න පටන් ගත්තා.

ඒත් ජන්ග්කුක්ට ඒක පොඩ්ඩක්වත් රිදුනෙ නෑ. ඒ වෙනුවට රිදුනෙ එයාගෙ හිත. තමන් ජන්ග්මිව ප්‍රතික්ෂේප කරපු එකට ටිකින් ටික ජන්ග්කුක් පසුතැවිලි වෙනවා.

You Belong To Me!!!  (Completed)Where stories live. Discover now