චිතකය දිගටම දැවෙමින් තිබිනි. අඩක් දැවී අවසන් වන විටම රැස්ව සිටි පිරිසෙන් එකින් එකා සොහොන් බිමෙන් ඉවතට ඇදෙන්න විය.
" මට හරිම කනගාටුයි දුවගෙ අම්මගෙ මරනය ගැන. අපි එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න."
" හරි, ආවට ස්තූතියි. " යුහස්නා තම යුගත් අල්ලා සිටි කාන්තාවට සිහින් සිනාවක් පිරිනැමීය.
" අපි ගිහින් එන්නම් මනීශා "
යුහස්නාගේ අනෙක් පස සිටියේ ඇගේ බාල සහෝදරිය මනීශාය. ඇය අසලට පැමිනි කඩවසම් තරුනයන් දෙදෙනෙකි." හරි අයේශ් "
යුහස්නා තම නැගනිය දෙස බැල්මක් හෙලු වේ අයේෂ් යනු කවුරුන්ද කියා අසන අයුරිනි." මේ මගේ යුනි එකේ හොද යාලුවෙක් අයේශ් "
මනීශා තම ඉදිරියේ සිටි කඩවසම් තරුණයා පෙන්වමින් කිවාය." එතකොට මේ එයාගේ අය්යා ඉන්ස්පෙක්ටර් ආයුශ්"
" ආ හමුවීම සතුටක් " යුහස්නා අයේශ්ට අතට අත දුනි.
" ආයුශ් "
යුහස්නා තම හස්තය ඔහුට දිගු කලාය. ඇය සුන්දරයි ආයුශ් කල්පනා කරන්නට විය.ඔහුගේ සිහින් ඇස් වලින් ඇගේ රූපය හසුකරගත්තේය.
දිගු කඩාහැලෙන කොන්ඩය සිහින් ඇස් , ලාරෝස පැහැ පිරිපුන් ලවන් යුගලක්ව ඈට තිබිනි. පාදය තෙක් වැසෙන අත් දිගු ගවුම නිසා ඈ සංවර කුල කාන්තාවක් බදු බව ආයුශ්ට සිතිනි.
දවසක ඈ හමු විය යුතුයි. ඔහුට සිතින. හමූවීමට ක්‍රමයක් තමන්ටම සොයා ගත යුතුබව ඔහු සිතීය.
මධ්‍යම රාත්‍රියට ආසන්න මොහොතේ යුහස්නාට ඇමතුමක් ලැබින.
යුහස්නා
ඔව් කියන්න.
යුහස්නා , මේ මම ආයුශ්. ඔයාට මාව මතක ද ?
මනීශාගේ යාලුවගේ අය්යා නේ
ඔව්
මට කතා කලේ.............. හදිස්සියක්ද ?
ඔව් .
ඇය දුරකතනය පසෙකලා නිවසින් පිටතට දුවයන්න විය. ඇගේ හදවත වේගයෙන් සැලෙයි. ගත හිරිවැටෙන සීතල සුලග පරයා ඈ ඉදිරියට ඇදෙයි . කම්මුල් දිගේ ගලා යන කදුලු බිදු නිසා ඇගෙ කොපුල් තල සීතල වී ඇත. ඈගේ දිවයාම නතර වුයේ රොහල් දොරකඩ අසලිනි. යුහස්නා ගැහෙමින් රෝහල තුලට ඇතුල් විය. ඇය රෝහලට යනවිටද අයේශ් සහ ඔහුගේ සොහොයුරා පැමින සිටි අතර වෛද්‍යවරයෙක් ඔවුන් හා කතාකරමින් සිටියි.
YOU ARE READING
psycho ☑️
Short Story" ඔව් , මට පිස්සු " " මෙච්චර කල් ඉවසපු මට පිස්සු , ඔයාව ලබාගන්න මනිශව මරපු මට පිස්සු. පොඩිකාලෙ ඉදන් නොලැබුන ආදරය ඔයාගෙන් ලබන්න ආස කරපු මට පිස්සු. "