සතුටට ද, දුකට ද මේ කඳුළු 😒

737 203 13
                                    

   

ඒ වෙන කවුරුත් නෙවේ. බෝ ගෙ ඩ්‍රයිවර් මිස්ට පාක්.
මිස්ට පාක් මුලින්ම ඈත තියා දැක්කෙ බෝ බිම මොනව හරි හොයනවා කියලා. ඒත් එතන්ට කට්ටිය එකතු වෙද්දි එයා කලබල වුණා බෝට කරදරයක් කියලා හිතලා. මොකද මිස්ට පාක් කියන්නෙ බෝ ගෙ ඩ්‍රයිවර් විතරක් නෙවේ. එයාගෙ පර්සනල් බොඩිගාර්ඩ්. ඒක ගැන පිට කෙනෙක්ට කියලා දන්නෙ ෂුආන් විතරයි. ⁣
මිස්ට පාක්ව දැකපු බෝ ඇස් වලින් ඉඟි කලා එයාට ප්‍රශ්නයක් නෑ කියලා.

"මේ, මොකාද මූ.. යකෝ මූ මගෙ බනීගෙ මූණත් අල්ලගෙන. මේකා කවුද.... එතකොට මේ තරම් මෙයත් ඇඹරෙන්නේ ඇයි?...ආ.... මොකක් මගේ? 🤔 කවද්ද කවුද මගෙ බනී.. බෝ... Don't cross your limit. "

බෝ තනියම හෝ ගාලා හිතනවා චෙන් ගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන. ඒ අස්සෙ චෙන් බෝ දිහා බලාගෙන කල්පනාවක.

" මූ නිකන් මං දිහා බලන් ඉන්නෙ උගේ දෙයක් මං බලෙන් අරන් වගේනෙ. කැම්පස් එකෙත් අර කොල්ලාට ගැහුවෙ නැති ටික විතරයි. දැන් මෙතන නිකන් අයියාට උදව් කරන්නෙ අයියා ගෙ ජෝබ් එකට තට්ටු කරන්න ද දන්නෙ නෑ. කෝකටත් ශේප් එකේ ඉන්නවා. ඒත් මට මූව දිරවන්නෙම නෑ."

චෙන් ත් බෝ ගෙ ඇස් වලට රිඇක්ෂන් එකක් නොදුන්නම නෙවේ. ඒ වෙද්දි වටේ හිටපු අයත් ගිහින්.
දෙන්නා ඇස් වලින් මරා ගන්න අතරෙ සීන් එතන ක්ලීන් කරපු වැඩේ කලා. ඒ වගේම එයා හිතින් දුක් වුණා ෂොප් එකේ අයිතිකාරයා මොනවා කියයිද කියලා. මොකද එයා දැනගෙන හිටියා ඒක එයාගෙ ෆයිනෑන්ෂල් පැත්තට බලපානවා කියලා. ඒ ඔක්කොම අමතක කරලා කොල්ලා එයාගෙ මල්ලි ගැන හිතුවා.

" පැටියා. ඇයි මේ තරහින් වගේ? මේ බලන්නකෝ මං හොඳින්. ඔයා කලබල වෙන්න එපා හොඳද.. දැන් කියන්නකෝ.ඔයාට බඩගිනි ද? තව පැය දෙකකින් මගේ වැඩ ඉවරයි."

සීන් එයාගෙ එක අතකින් මල්ලිගෙ මූණ අතගාන ගමන් ඇහුවා.

" ඔයා වැඩ ටික කරලා එන්නකො. අපි ගෙදර ගිහින් කමු මොනවහරි. දැන් බඩගිනි නෑ"

චෙන් දවල්ටවත් කාලා හිටියෙ නෑ. ඒත් ඒක එයාගෙ අයියාට නොකිව්වෙ එයාට කන්න දීපු සල්ලි වලට මොකද කලේ කියලා අහයි කියලා. චෙන් එයාට දවල්ට කන්න දෙන සල්ලි ගොඩක් වෙලාවට නොකා ඉතිරි කරනවා. ඒක ගැන සීන් නම් දන්නෙ නෑ. ඒ අතරෙ සීන් මල්ලිට කථා කරපු වචන වලට බෝ හොඳටම අවුල් වෙලයි හිටියෙ. මොකද බෝ දන්නෙ නෑ ඒ එයාගෙ මල්ලි කියලා.

LET ME (COMPLETED)Where stories live. Discover now