අලුත් අාරංචිය 👼

706 186 66
                                    

යූ බින් ගෙ අපාර්ට්මන්ට් එකේ

" සුෂි. මට දෙයක් කියන්න තියෙනවා. හැබැයි කලබල වෙන්න එපා."

" මොකද්ද ඒ සර්? "

තමන් කර කර හිටපු වැඩේ පැත්තකට දාලා සුෂි හැරුණේ යූ බින් ගෙ පැත්තට.

" තවත් දෙයක්. මේක ඔයා විතරක් දැනගත්තම ඇති. මොකද මේක තාම ඉවර නැහැ "

එතකොටම යූ බින් ට කෝල් එකක් එනවා චෙන් ගෙන්. බින් හිනාවෙලාම කෝල් එක ආන්සර් කරනවා.

" හෙලෝ"

" ඔයා කොහෙද ඉන්නෙ සතියකින් ආවෙ වත් නැහැ මීට් වෙන්න. "

" චෙන් මං මේ ටිකේම ලොකු වැඩකට හිර වුණා. ඔයාගෙ මස්සිනා ගැන දේකට. "

" මොකද එයා මගෙ අයියාව අතාරින්න යනවද? මං යහතින් තියන්නේ නෑ...ඒ....ත් එයා අයියාට පන ඇරලා ආදරෙයි නෙ.🤔 හැමදාම දැක්කෙ නැත්නම් කෑවෙ නෑ වගේ රෑට අයියාව ඇවිල්ලා බලලත් යනවා. ඒකට ඔයා..😔"

යූ බින් ⁣ට කවදාවත් නැතුව ඉන්වෙස්ටිගේෂන් එකක වැඩක් පිටට කිය වුණා. ඒක හරි ගස්සන්න යූ බින් ට්‍රයි එක දැන්.

" අයියෝ අයියෝ මගෙ චෙන් පැටියෝ. ඔයා ගියපු දුර. ඒවගේ දෙයක් නෙවේ. හැබැයි එයා ඔයාගෙ අයියාට ආ⁣දරේ කියන එකනම් මට ෂුවර්. හරි හරි. මං දැනුත් පොඩි වැඩක ඉන්නෙ. මේක ඉවර වෙලා ඔයාව බලලා යන්න මං එන්නම්. OK. "

" ම්. හරි. "

සුෂි යූ බින් කෝල් එක ගන්නකන් කිචන් එකට වෙලා හිටියෙ. කෝල් එක ඉවර වෙලා යූ බින් ආයෙත් සුෂි ට කතා කලා.

"සුෂි, මං කියන්න ආවෙ මේකයි. මිස්ට හයිකුආන් ගෙ දෙමව්පියෝ දන්නෙ නැති කට්ටියක් මරලා දාලා තිබ්බෙ මීට අවුරුදු 12කට කලින්. ඒ වගේම අර කාර් ඇක්සිඩන්ට් එක, එකත් මේකට රිලේටඩ්. මේ කේස් දෙකම එකම කෙනෙකුගෙ වැඩක්. ඒත් ඒක කෙරෙව්වෙ කවුද කියලා හොයාගෙන තිබුණේ නෑ. ඒත් ඒ ඉන්වෙස්ටිගේෂන් එක නැවැත්තුවෙ කාගෙ කීමටද කියලා මට අහු වුණා. මට මේක කෙරෙව්ව කෙනා ගැනත් පොඩි සැකයක් තියෙනවා. ඒත් ඒක පොසිබල් නැහැ. මේකට ඒ දවස්වල හිටපු පොලිස් කමිෂනර් ඩිරෙක්ට් සම්බන්ධයි. මේක තමා මට ඕන කරපු ඔත්තුව. මෙයාට යටින් ඉන්න අය වගේම කමිෂනර්  ඩිරෙක්ට් මේකට ඉන්වෝල් වෙන්න මේ වගේ දෙයක් සූක්ෂමව හංඟන්න නම්. මේකෙ මහ මොලකාරයා පොඩි පහේ මිනිහෙක් වෙන්න බෑ කියලා හිතෙනවා මට. මේ ෆයිල් එක වහලා දාලා තිබුණේ. මිස්ට හයිකුආන් පර්සනලි මගේ එහෙ චීෆ්ට කතා කරලා මේක ආපහු ඇපීල් කලේ මේකෙ සුලමුල හොයන්න. සුෂි ඔයා මොකද හිතන්නේ?"

LET ME (COMPLETED)Where stories live. Discover now