🐉 Chapter 20. 🐉

191 64 14
                                    

"ලිමින්...... ලි....මි.....න්.... "

"ඇයි.... මොකද කෑ ගහන්නේ.. "

"එන්නකො.... ඉක්මනට එන්න.. "

"ඇයි .... මොකක්ද වුණේ. කොන්දවත් කඩා ගත්තද ආය. "

"නෑ නෑ.... කට පියාගෙන අහන්නකො මේක. "

එහෙම කියලා මං ටීවි එක පෙන්නුවා...

_________________________________________

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.

LMG ආයතනයේ ප්‍රධානියා වන Limin Su ගේ පියා Lee Su මහතාව මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
පොලීසිය විසින් සිදු කරනු ලෑබු මාස 8 ක මෙහෙයුම සාර්ථක වී ඇත. ඒ මහතා මේ වන විට පොලීසිය භාරයෙ දැඩි ආරක්ෂාව සහිතව රෝහලක සීටි. ඒ මහතාට දරුණු ලෙස පහර දී ඇති බවත් දරුණු පිහි ඇනුමක සලකුණු ඇති බවත් වෛද්‍යවරු පවසයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහාතාට කුමක්ද සිදු වුයේ යන්න තවමත් සොයයි. කට උත්තරයක් ගැනීම සඳහා ඒ මහතාට සිහිය එන තෙක් සිටිය යුතු වේ.

මේ පුවත ඇසූ සැනින් LMG ආයතනයේ නිත්‍ය භාර කරු වන ඔහුගේ පුත් Limin Su ට වහාම පොලීසියට එන මෙන් ඉල්ලා සිටිමි.

මේ පිළිබඳව තවත් තොරතුරු අප ඔබට ගෙන එන්නම්.
පුවත් අවසන්.

ස්තූතියි.!!!!

_________________________________________

"

එයාව හම්බෙලාද. මං දැං පොලීසියට යන්න ඕනේ.... Kim ඉක්මන් කරන්න ඉක්මනට ලෑස්ති වෙන්න. "

"මං මොකටද..."

"ඔයාව තනියම දාලා යන්න බෑනේ. ඔයත් මාත් එක්ක එන එක හොඳයි. අනික ගිය දවස් ටිකේ වුණ දේවල් එක්ක ඔයාව කොහොමත් තනියම තියලා යන්න බයයි.... "

"එහෙනම් පොඩ්ඩක් ඉන්න මං ලෑස්ති වෙලා එන්නම්. අයියෝ මට බෑ... මහන්සිත් එක්ක... නිදිත් මතයි. "

"අනේ Kim ලෑස්ති වෙලා එන්න. නැත්තං මං ඔහොමම ඔයාව උත්සන් යනවා. ඔහොම යන්න බෑනේ. "

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now