මර්ලින්ගේ පිස්සුව - 2 වන කොටස

305 40 2
                                    

රජමාලිගය: ආයුධ ගබඩාව.

මර්ලින් ආයුධ ගබඩාවේ තිබූ බංකුවක වාඩි වී සිටින්නේ ආතර්ගේ සපත්තු යුගලයන් මදිමින් ය. ඔහු බලන්නේ ඔහු හැද සිටින ඔහුට නුහුරු වූ ලෝගුව දෙසය.

මර්ලින්: මේ ලෝගු.. කොහොමද ග්වෙනුයි ලියෝනුයි ඒ වගේ ඇදුමක් මට අන්දලා මට රාජකාරි කරන්න කියන්නේ? (උඩ බලමින්) මම දන්නවා ආතර් ඔයා කියන දේ. ඔව් ඇත්ත මට පුලුවන් එක මායාවකින් මේ වැඩ සේරම ඉවරයක් කරන්න. එත්...

සර් මැලෝයි: (මර්ලින්ව නවත්තමින්) ඒක ඇත්ත. ඇයි මායාවක් පාවිච්චි නොකරන්නේ. එහෙම උනානම් ඔයාගෙ කරදර සේරම අහවරයි.

මර්ලින් දොර දෙස බලද්දී දකින්නේ සර් මැලෝයි ආයුධ ගබඩාවට ඇතුල් වනවායි.

සර් මැලෝයි: ඒ වෙනුවට ඔයා කරන්නේ මැරිච්ච මිනිහෙක්ට වහල්කම් කරන එක. ඔයාගෙ බලයත් අපතේ යවාගෙනම.

මර්ලින්: ඒක අපතේ යන්නෙ නැහැ සර් මැලෝයි.

සර් මැලෝයි: ආහ් මට අමතක උනානෙ. රජතුමා නැවත එනවානෙ. දැන් මතක් උනේ.

මර්ලින්: (සංවරව) බය වෙන්න එපා. ඔයාගෙ අමතක වීම් වලට රජතුමා සමාව දේවි.
(මැසිවිල්ලෙන්) කොහොම උනත් ඔය අමතක වීම ගැන පහසුවෙන් හිතන්න එපා. ලෙඩක්ද දන්නෙ නෑනෙ.

සර් මැලෝයි: නියම මිතුරෙක් විදිහට ඔයා එයා වෙනුවෙන් මෙච්චර අවුරුදු ගානක් ඉන්නවා. ඒකමද ඔයාගෙ සැලසුම? කැම්ලොටයට පැමිණීම, කුමාරයගෙ ජීවිතේ බේරගැනීම, එයා එක්ක මිත්‍රත්වයක් ඇති කර ගන්න ගමන්ම මායාවට එයා තුළ තිබ්බ විරුද්ධත්වය නැති කරලා දාන්න.

සර් මැලෝයි ඔහු කියූ කිසිවක් ගනන් නොගන්නා මර්ලින් අසළටම යයි.

සර් මැලෝයි: මට දැනගන්න ලැබුනා සර් මෝඩ්‍රඩුත් මායාකාරයෙක් කියලා. එයත් ඔයා එක්ක එකතු වෙලාද හිටියෙ. ඔය දෙන්න එකතු වෙලා රජාව මරන්න සැලසුම් කලේ කැම්ලොටයට ආයෙ මායාව ගේන්න නේද?

මර්ලින් ගැඹුරු හුස්මක් ගනී. සර් මැලෝයිව දවාලිය හැකි තරමේ කේන්තියක් මර්ලින්ගේ සිත තුළ ඇතත් ඔහු එය පාලනය කරගනී.

මර්ලින්: (දට්මිටි කාගෙන) කට පරිස්සමින්.

සර් මැලෝයි: (මර්ලින්ට කොදුරමින්) උඹ බොරුකාරයෙක් සහ මිනීමරුවෙක්. උඹ උඹේ ඇත්ත මට හෙළි කලේ නැත්තන් උඹට සහ උඹේ ජාතියට වෙන්නේ කැම්ලොටයේදී එල්ලිලා මැරෙන්න.

බූට් යුගළය හා සන්නාහ කට්ටලය පසෙකින් තමා මර්ලින් හිටගන්නේ කේන්තියෙනි. මර්ලින් අත ඔසවද්දීම සර් මැලෝයි පළිහ ගන්නේ මර්ලින්ගෙන් ආරක්ෂා වීමටය. නමුත් එය අවශ්‍ය වූයේ නැත. මර්ලින් සර් මැලෝයි දෙසට අත දිගු කරන්නේ ඔහුට අභියෝග කිරීමට මෙනි.

එක්වරම සර් මැලෝයිගේ අමුතු වෙනසක් වෙන්නට පටන් ගනී. ඔහුගේ දෑස් සතුටින් දිළිසෙයි. මර්ලින්ගේ උඩහිස උඩින් ඔහු පිටුපස බලයි

සර් මැලෝයි: ආතර් රජුණි! සැරදේවා උතුමාණෙනි!

සියල්ල අමතක වූවාක් මෙන් මර්ලින් එක්වරම පිටුපස හැරෙන්නේ ඔහුගේ මුහුණ බලාපොරොත්තුවේ හැගීම් වලින් පුරවාගෙනයි. ඔහු කලබලෙන් එදෙස බලන්නේ ආතර්ව බලාපොරොත්තුවී ගෙනයි.

නමුත් එහි කිසිවෙක් නැත.

සර් මැලෝයි එක්වරම මහහඬ නගමින් සිනාසෙන්නට පටන් ගනී.

සර් මැලෝයි:උඹට අමතක උනාද. ආතර් මැරිලා දැන්.

මර්ලින් තවමත් කාමරය සෝදිසි කරයි. මේ කෲර විහිලුව නිසාවෙන් මර්ලින්ගේ සිත හොදටම රිදී ඇත.

සර් මැලෝයී: ඕ... කලබල වෙන්න එපා. රජතුමා ඔයාගෙ අමතක වීම් වලට, ඔයාගෙ පසුබෑමට සමාව දෙයි. කොහොම උනත් ඔබේ සිහිය අඩු වීම ගැන පහසුවෙන් හිතන්න එපා. ලෙඩක්ද දන්නෙ නෑනෙ. පිස්සා

සර් මැලෝයි පිටවයන්නේ මහත් සිත් බිදීමකට ලක්වී සිටින මායාකරුවාව ආයුධ ගබඩාවේ තනිකරදමමිනි. මර්ලින් නැවතත් වාඩිවෙන්නේ ආතර්ගේ බූට් යුවළ ඔහු දෙසට ගනිමිනි.

මර්ලින්:(මැසිවිලි නගමින්) මට පිස්සු නැහැ.

වෙළඳසැල, රථගාල

මර්ලින් කැබ්රියේ පසුපස අසුනේ සිටින්නේ අඩ නින්දේය. ආතර් කැබ්රියෙන් බැස මර්ලින්ගේ පැත්තේ ජනේලයට තට්ටු කරන්නේ මර්ලින් ඇහැරවීමටයි.

ආතර්: ඇහැරෙන්න දැන්..

මර්ලින්: (අඩසිහියෙන්) මොකක්ද?

ආතර්: ඔයා කිවුවනෙ අපිට දේවල් වගයක් ගන්න ඕනෙ කියලා. ඔන්න අපි දැන් තැනට ඇවිල්ලා.

මර්ලින්: (සියල්ල සිහිවෙමින්) ඕහ්...

ඔහු කැබ්රියෙන් එළියට එන්නේ වැටෙන්නට ගොස් අමාරුවෙන් බේරෙමිනි. ඔහු ආතර් හා එක්වන්නේ වෙළදසැලට යෑමටයි.

ආතර්: ඔයාට විශ්වාසද ඔයා හොදින් කියලා.

මර්ලින්: ඔව්. කවදාවත් නැති තරම්.

කලුපැහැති කාරය, වෙළදසැල, රථගාල.

ඇකලොන් වෙළදසැලේ රථගාලේ නවත්වා තිබූ කලුපැහැති කාරයේ දොර ඇර එයට නගියි. එය තුළ සිටියේ වෙළදසැල දෙස බලා සිටින වොර්ටිගර්න් ආදිපාදතුමාය.

ඇකලොන්: මොනාද මට මග මගඇරුනේ.

වෝටිගර්න්: එයාලා ගියා බඩු වගයක් ගන්න. තව ටිකකින් එලියට එයි.

ඇකලොන්: ම්ම්. රණකාමී ආතර් තමන්ගෙ ජීවිතේ පළමු වතාවට සුපිරි වෙළදසැලක.

වෝටිගර්න් ආදිපාදතුමා තම පිළිතුර සාදාගැනීමට මදක් කල්පනා කරයි.

වෝටිගර්න්: ආතර්ගේ පුරාවෘතයෙන් අපිට දෙයක් ඉගෙනගන්න ලැබුනනම්, ඒ දේ තමයි ජීවිතයක තියන අනපේක්ෂිතකම.

ඇකලොන්: අපි මේ ගැන කලින් කතා උනා වෝටිගර්න් ආදිපාදතුමා. එයාලා පුරාවෘත විතරක් නෙමේ. හැමෝම සියවස් ගණනාවක්ම උත්සාහ කලා ආතර් රජුගේ පුරාවෘතයේ සැබෑ වැදගත්කම තේරුම් ගන්න. ඒත් එයාලා අසාර්ථකයි. මොකද ඒ කතා එහෙම නොවුන නිසා. ඉතිහාසයේ සිදුවෙච්ච හැමදේම ජනප්‍රවාද,  පුරාවෘත විතරක්ම නෙමෙයි නෙමෙයි. ඒවා අනාවැකි, සමහරවිට අනාගතයේ කතන්දර වෙන්න පුළුවන්. අතීතයේ විතරක්ම නෙවෙයි.

වෝටිගර්න්: ඒත් ඒ හැම කතාවක්ම එහෙම නෙවෙයි. සමහර ජනප්‍රවාද ඇත්තෙන්ම ඓතිහාසික වාර්තා. මම හිතන්නෙ නෑ ඔයා ඒ හැම එකම අනාවැකි කියලා කියනවා කියල.

ඇකලොන්: මෙහෙමයි. ඉතිහාසය හරිම හාස්‍යමත් දෙයක්. හැමදේම නැවත නැවත සිදු වෙනවා වගේ දෙයක්. හැමවෙලේම අපි හිතන විදිහටම නොවුනත් අනිවාරෙන් ඒ දේ වෙනවා.

වෙළඳසැල

මර්ලින් හා ආතර් කඩිමුඩියේම වෙළදසැලේ කවුන්ටරය වෙත යන්නේ මුදල් ගෙවීමටය. මර්ලින්ට යමක් ඇසුණු නිසාවෙන් ඔහු වටපිට බලන්නේ කලබලයෙනි. ඒ නිසා ආතර්ගේ අවධානයද මර්ලින් දෙසට යොමුවෙයි. තප්පර කිහිපයකින් මර්ලින් සන්සුන් වෙයි.

ආතර්: (මර්ලින් දෙස බලමින්) ඔයා අද හොදින් නෙමෙයි වගේ.

මර්ලින්: මොකක්ද ඒකෙන් ඔයා අදහස් කලේ? හ්ම්ම්. මට ගොඩක් මහන්සි නිසා වෙන්න ඇති.

කලු පැහැති කාරය, වෙලදසැල රථගාල

ඇකලොන්: අන්න එනවා.

මර්ලින් හා ආතර් ඔවුන් මිලදීගත් දෑ සමග වෙළදසැලින් පිටවෙන දෙස ඇකලොන් හා වෝටිගර්න් බලා සිටී.

ඇකලොන්: පස්සෙන් යමු. ලෑස්ති වෙන්න.

වෝටිගර්න් ආදිපාදතුමා කාරය පණගන්වයි.

කැබ්රිය

ආතර්: අහන්න. මර්ලින්. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැනෙ මම ඉන්නවා. ඔයාට ඕනෙ නම් කතා කරන්න ඕනෙම දෙයක් ගැන. දැන් කතා කරමු. අපි එකට හිටපු පහුගිය දවස් වල මොනවද උනේ? නැත්තන් අපි එකට නොහිටිය අවුරුදු 1500 දි මොකද උනේ. ඒ ගැන කතාවෙමු අපි.

කැබ් රියදුරා තම උගුර පාදන්නේ අපහසුවෙන් මෙනි. මෙතරම් විකාරකාරයින් දෙදෙනෙක් ඔහු කිසිදා දැක තිබුනේ නැත. කැබ් රිය මාර්ග සංඥාවක නවතී.

මර්ලින් ආතර්ගේ පිටුපසින් කවුළුවෙන් එලිය බලන්නේ සැකයෙනි. ඔවුන් නොදන්නා යමක් සිදුවෙමින් පවතී.

ආතර්:(මර්ලින්ගේ අවධානය වෙනතකට යොමුවූ බව දැනගෙන) මම දන්නවා ඒක. ඔව් ඇත්තෙන්ම ගොඩක් අමාරු වෙන්න ඇති. ඒත් මට කියන්න ඕනෙ. හැමදේම මට කියන්න මර්ලින්.

මර්ලින් තමාගෙ පිටුපස කවුළුවෙන් යමක් දෙස බලා සිටින බව ආතර්ට වැටහෙයි.

ආතර්: ඔයා අහගෙනද ඉන්නෙ මර්ලින්?

මර්ලින්: ඉන්න...

ආතර්: මොකක්?

මර්ලින් එක්වරම දොර ඇරගෙන කැබ්රියෙන් එළියට බහියි. ඒත් එක්කම මාර්ග සංඥාව කොලපැහැයට හැරෙයි. නවතා තිබූ වාහන සියල්ලම ඉදිරියට ඇදෙන්නට පටන් ගන්නේ වේගයෙනි.

ආතර්: මර්ලින්... (කැබ් රියදුරාට) ඔතනම ඉන්න. (අමතමින්) මර්ලින්න්න්...

ලන්ඩන් නගරය, මහා මාර්ගය

ආතර් කැබ් රියෙන් එළියට පනින්නේ මර්ලින් පසුපස යන අරමුණෙනි. මීටකලින් මෙලෙසම මහ පාරෙදී ඔහුට නුපුරුදු දසුන් නිසා ආතර් කලබල වූවත් මෙවර නම් ආතර් එසේ කලබල වූයේ නැත. මර්ලින් පාරේ අනෙක් පසෙහි ඉදිරියට යනු ආතර් දකී. ආතර්ද ඔහු පසුපස යයි.

මේ අතරේ ඇකලොන් හා වෝටිගර්න් මේ දෙස බලාගෙන සිටින්නේ ඔවුන්ගේ කාරය තුල සිටයි.

ඇකලොන්: පස්සෙන්ම යමු.

වෝටිගර්න්: වාහනේ නම් බෑ.

ඔවුන් වටා තිබූ වාහන සියල්ල ඉදිරියට ඇදෙද්දී ඇකලොන් කාරයෙන් බහින්නේ මර්ලින් හා ආතර් පසුපස යෑමටයි.

මර්ලින් එක්වරම නවතී. ඉදිරියේ එක් මිනිසෙක් සිටී. සෙනග අතරින් ලාවට පෙනෙන්නේ ඔහුගේ මුහුණයි.

මර්ලින්: (කේන්තියෙන්, සෙමින්) මෝඩ්‍රඩ්...

මර්ලින් ඔහුගේ දෑත් මිට මොලවාගෙන ඉදිරියට දිවයන්නේ ඔහු මෝඩ්‍රඩ් ලෙස හදුනාගත් මිනිසා දෙසටය. එක්වරම ඒ මිනිසා දෙසට මර්ලින් ඔහුගේ අත දිගු කරයි.

මර්ලින්ගේ දෑස් රන්පැහැයෙන් දිලෙද්දීම රන් පැහැ ආලෝකමය ශක්තියක් අර මිනිසා වෙතට එල්ල වෙයි. ඔහු එයින් බේරී දිවයන්නේ පාරේ කලබල වී සිටින මිනිසුන් මග අරිමිනි.

ඇකලොන් ද මේ පසුපස පැමිණෙයි.

ආතර් මර්ලින් පසුපස යද්දී කාරයකට නොහැපී ඔහු බේරෙන්නේ අනූනමයෙනි. මර්ලින් ද දිගින් දිගටම මායා ප්‍රහාර එල්ල කරමින් අර මිනිසා පසුපස හඹායද්දී ආතර්ද වේගයෙන් ඔවුන් පසුපස දිවයයි.

ඔවුන්ගේ පසුපස පැමිණෙන ඇකලොන්ට ඔවුන්ව මගහැරෙයි. ඇකලොන්ට ඔවුන්ව මගහැරෙයි. පාරේ ජනගහනයද ඉතා කලබලකාරී නිසාවෙන් ඇකලොන් කෙතරම් උත්සාහ කළත් ඔහුට ආතර්ගේ සහ මර්ලින්ගේ සේයාවක් පවා සොයාගත නොහැකි වෙයි.

ඇකලොන්: අයියෝ...

ලන්ඩන් නගරය, වෙස්ට්මිනිස්ටර් පාළම.

මර්ලින් මෝඩ්‍රඩ් පසුපස හඹායන්නේ දිගින් දිගටම ඔහුට මායා ප්‍රහාර එළ්ළ කරමිනි. ඔහු වෙස්ට්මිනිස්ටර් පාළම මතට යද්දීම මර්ලින් මායා බලයෙන් කකුල් පටළවා ඔහුව බිම වට්ටාගනී. ඉන්පසුව මර්ලින් මායාවෙන්ම ඔහුව ඔසවා තේම්ස් නදිය වෙතට ඇල කරන්නේ තර්ජනාත්මක අයුරිනි.

මර්ලින්: (කේන්තියෙන්) මම දන්නෙ නෑ මොන මගුලකට දෛවය විසින් උඹව ආයෙ එව්වද කියලා. ඒත් මම ඉන්නකන් ආයෙ උඹට බෑ ආතර්ට අත තියන්නවත්.

මිනිසා: (අමාරුවෙන් හුස්ම ගනිමින්) අනේ... කරුණාකරලා. මට මුකුත් කරන්න එපා.

මර්ලින් ඔහුගේ මායාව ලිහිල් කර ඒ මිනිසාගේ මුහුණ පෙනෙන පරිදි ඔහු දෙසට හරවාගන්නේ එම කඩහඬ නුහුරු වූ නිසාවෙනි. නමුත් ඔහු මෝඩ්‍රඩ් නම් නොවේ. එහෙත් මර්ලින්ට නම් තවමත් සිතෙන්නේ ඒ සිටින්නේ තමාගේ හොඳම මිතුරාගේ මිනීමරුවා වූ මෝඩ්‍රඩ්මයි කියාය.

මර්ලින්: මෝඩ්‍රඩ්... උඹට මං කියන දේ තේරුනානෙ. උඹව මං අත අරිනවා. හැබැයි ආයෙ උඹේ හුස්මක්වත් ආතර්ගේ ඇඟේ වදින්න බැහැ. තේරුනාද?

මිනිසා: (බියෙන් සහ වික්ෂිප්තව) මොකක්ද මේ කියන්නේ? කවුද මෝඩ්‍රඩ්?

මේ මොහොතේදී මර්ලින් තුළ තිබූ කේන්තිය කෙමෙන් කෙමෙන් පහව යයි. මෝඩ්‍රඩ්ගේ දෑක් කොළපැහැති වූවත් මොහුගේ දෑස් ද ඊට හාත්පසින්ම වෙනස් ය. මේ මෝඩ්‍රඩ් නොවේ. මර්ලින්ට තමා කල වරද සෙමින් සෙමින් වැටහෙයි.

මිනිසා: කරුණාකරලා. මට යන්න දෙන්න...

මොන මගුලක්ද මේ මර්ලින් කරන්නේ?

"ඒයි එයාට යන්න දෙනවා"

පාරේ සිටි මිනිහෙක් එක්වරම කෑ ගසයි.

එවෙලේ මර්ලින් බලන්නේ පාරේ ඒ පස සිටි මිනිසුන් සියල්ලම දෙසය. ඔවුන් භීතියෙන් කෑ ගසද්දී මර්ලින් අර මිනිහව අත අරී. ඔහු බිම වැටෙමින් දුවන්නේ ඉතා බියෙනී. ආතර් එවෙලේ එතැනට පැමිණෙයි. රජුට වැටහෙන්නේ ඔහුගේ මයාකාර මිතුරා මර්ලින් හට කුමක් හෝ සිදුවී තිබේ යන්නයි. එනිසාම ඔහු මර්ලින්ව එතනින් ඇදගෙන යයි.

ලන්ඩන් නගරය

ආතර් මර්ලින්ව අත අරින්නේ තරමක් ඈතට පැමිණීමෙන් පසුවයි.

ආතර්: ( කම්පනයෙන් ) මොන මගුලක්ද ඔයාට වෙලා තියෙන්නේ? මොකද්ද හිතාගෙන හිටියේ එවෙලේ?

මර්ලින්: ( ගොත ගසමින් ) මම... මම මුකුත්.... මම...

ආතර්: මොකද්ද? ඔයා මොකද්ද? මර්ලින්...

මර්ලින්: මම හිතුවේ ඒ මෝඩ්‍රඩ් කියලා...

ආතර් එක වරම ගල් ගැසෙයි. ඔහු තුළ තිබූ කේන්තිය කේන්තිය කෙමෙන් කෙමෙන් පහව ගොස් දැන් ඔහු තුළ ගැඹුරු නොසන්සුන්තාවයක් හටගෙන ඇත.

ආතර්: මර්ලින්, මොනාද මේ කියන්නේ. ඒ මිනිහා මෝඩ්‍රඩ් ගෙ පෙනුමට කොහෙත්ම සමාන නැහැ.

මර්ලින්ට ඔහු සිටි තත්වය වචනයෙන් විස්තර කල නොහැකිය. ආතර් නැවත් යෑමට සැරසුනත් මර්ලින් එතැනම සිටගෙන සිටී. ඔහු තුළ තිබූ වික්ෂිප්තබව කෙතරම්ද කියතොත් මුලු ලෝකයේම ඔහු තනි වෙලා වැනි හැඟීමක් ඔහුට දැනෙයි.

ආතර්: අපි අපේ කැබ් එක හොයාගන්න ඕනේ. මර්ලින්...

මර්ලින්ට ආතර් පැවසූ දෙයක්වත් ඇසුනේ නැත. ඔහු කල්පනා කරමින් සිටියේ අඩසිහියෙනි.

ආතර්: ( මිත්‍රත්වයෙන් ) එන්න යමු.

ආතර් මර්ලින්ව නැවතත් ඇදගෙන යයි.

ලන්ඩන් නගරය, මහා මාර්ගය.

වෝටිගර්න් ආදිපාදතුමා ඇකලොන් දෙසට දිව එයි.

වෝටිගර්න්: (හති අරිමින්) කොහෙද උන්? කොහෙටද ගියේ?

ඇකලොන්: (කණගාටුවෙන්) උන් පැනලා ගියා.

වෝටිගර්න්: එලීන් ආර්‍යාව නම් සතුටු වෙන එකක් නැහැ

ඇකලොන්: ඈ කවදාද සතුටු උනේ?

මර්ලින්ගේ මහල් නිවාසය

මර්ලින් හා ආතර් කැබ් රියෙන් බැස මර්ලින්ගේ මහල් නිවාසය දෙසට යයි.

Merlin Season 06 Script (Sinhala Translation)Where stories live. Discover now