මර්ලින්ගේ පිස්සුව - 5 වන කොටස

321 25 13
                                    


රජමාළිගය, මර්ලින්ගේ නව කුටිය.



ඝනකම් යකඩ දොරවල් විවර වෙයි. ආරක්ෂකයින් දෙදෙනෙක් මැද්දේ මර්ලින් කාමරයට ඇතුළු වන්නේ ඔහුගේ බඩු බාහිරාදිය සියල්ලම රැගෙනය. මර්ලින් කාමරයට ඇතුළු වූ සැනින්ම ආරක්ෂකයින් දොර වසා දමයි.



මර්ලින් දැන් ඔහුගේ කාමරයේ වටපිට බලන්නේ එයට හුරුවීමටයි. කාමරය විශාල වූ බැවින් එහි ඇත්තේ හිස් ස්වභාවයකි. පුටුවක්, මේසයක් සහ ඇදක් පමණක් වූ කාමරයේ ජනේලයක් හෝ ගිනි උඳුනක් පවා නොමැත.



මර්ලින් පුටුව දෙසට ගොස් එය අදින්නේ එහි වාඩිවීමටයි. නමුත් පුටුව සෙලවුනේවත් නැත. පුටුව පොළොවටම සවි කර ඇත. පුටුව පමණක් නොවේ. කාමරයේ ඇද හා මේසයද පොළොවටම සවි කර ඇත. ඒ මර්ලින්ගේ නින්දේදී ඔහුගේ නපුරු සිහින වලින් හා මායාවෙන් සිදුවන අනතුරු වළක්වාගැනීමටයි.



හදවතට පිහියකින් ඇන්නාක් මෙන් පාළුවක් තනිකමක් මෙන්ම දුකක්ද සමග මර්ලින් කාමරයේ තනිවෙයි.



මර්ලින්ගේ නිවස, සාලය



මර්ලින් සෝෆාව මත ඉදගෙන සිටින්නේ ඔහුගේ අත්ල පිරිමදිමිනි. ආතර් මර්ලින්ට වතුර වීදුරුවක් දෙයි. මර්ලින් එය අතට ගන්නේ ආතර් දෙසත් වීදුරුව දෙසත් පුදුමයෙන් බලමිනි.



මර්ලින්: ඔයා දැන් තනියෙන්ම ෆිල්ටර් එකකින් වතුර ගන්නත් පුරුදු වෙලා නේද?



ආතර්: මම මෝඩයෙක් නෙමෙයි මර්ලින්. වතුර ගන්න එකේ මූලික සිද්ධාන්තය තවමත් ඒ තරම්ම වෙනස් වෙලා නැහැ.



මර්ලින්: ඔයා මේක ඒකෙන් නේද ගත්තේ? නැතුව...



ආතර්: ඕහ්. ඔන්න ඕක බොන්නකො.



මර්ලින් කෝප්පය දෙසත් ආතර් දෙසත් හෙලන්නේ සැකමුසු බැල්මකි.



ආතර්ගේ බැල්ම යොමුවන්නේ ජනේලය දෙසටයි. ඈතින් මහ මාර්ගයේ දිවෙන වාහන වල හඬ ඇසෙයි.



ආතර්: ඔයාගෙ කබාය ගන්න.



මර්ලින්: ඇයි?



ආතර්: අපි එළියට යනවා. නැවුම් වාතය වදින්න. ඔයාටත් හොඳයි ඒක.

You've reached the end of published parts.

⏰ Last updated: May 31, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Merlin Season 06 Script (Sinhala Translation)Where stories live. Discover now