💟Sleeping Love💟( Suga 🐱)

175 46 2
                                    

"අනේ කවුරුහරි දොර අරින්නකෝ.." යූන්ගි දොර ගාව ඉදන් කතා කරා.

ඒත් ඒ වෙලාවේ කවුරුත් එතන හිටියේ නෑ. යාලුවොත් හිතුවෙ යූන්ගි හැමෝටම කලින් ගෙදර ගිහින් නිදි ඇති කියලයි.

යූන්ගිගෙ සද්දෙට අර කෙල්ල නැගිට්ටා. එයා බය වෙලා වගේ, දුවගෙන ඇවිත් යූන්ගිව බදාගත්තා.

"අනේ මාව එලියට එක්කන් යන්නකෝ"ඒ කෙල්ල අඩන්න ගත්තා.

"සොරි දොර ලොක් වුණානේ" යූන්ගි දුකින් වගේ කිව්වා.

"ඔයා මොකද මෙතන කරන්නෙ?" යූන්ගි ඒ කෙල්ල දිහා බලලා ඇහුවා.

"මගේ නම ඉමා. මං මෙහෙ තමයි වැඩ කරන්නේ. මෙහෙ වැඩ කරන තව කෙල්ලෙක් ඉන්නවා,එයාට මාව පේන්න බෑ. ඒත් මං එයාට වැරැද්දක් කරලත් නෑ. මං මෙතනට ආවේ බඩු ටිකක් අරන් යන්න සැරසිලි වැඩ වලට. එයා මාව දාලා දොර වැහුවා. අද හවස ඉදන් මං මේක ඇතුලේ. මං කෑ ගැහුවට කාටවත් ඇහුනේ නැතුව ඇති මියුසික් සද්දෙ නිසා. මට ටික වෙලාවකින් මහන්සියට නින්ද ගියා" ඉමා අඩ අඩ කිව්වා.

" මං යූන්ගි. සමහරක් විට ඔයා මාව දන්නවාත් ඇති. බය වෙන්න එපා, උදේට මගේ යාලුවෝ මාව හොයන් එයි" යූන්ගි ඒ කෙල්ලව සනසන්න කිව්වා.

එයාලා එතන ඉදන් කතා කර කර හිටියා. ටික වෙලාවකින් දෙන්නටම නින්ද ගියා. එයාලා නිදාගෙන හිටියේ ලග නිසා නින්දෙන් ඉද්දිම ඉමා යූන්ගිගෙ උරහිසට ඔලුව තියා ගත්තා.

ඔන්න උදේ යාලුවො ටික දාගෙන යූන්ගියාව හොයනවා.

" හෑ... මේ මනුස්සයා කොහෙ ගිහින්ද?" ඒ නම්ජූන්.

"ඇද යටවත් නිදිද දන්නේ නෑ" ජින් හිනා වෙලා කිව්වා.

"යූන්ගි ඔප්පා.." ඔන්න කෙල්ලො ටිකත් වටේට හොයනවා.

"මං හිතන්නේ එයා ගෙදර ඇවිත් නෑ වගේ" කුකී එහෙම කිව්වා.

"එහෙනම්.." ඔයා ඇහුවා.

"අපි party එක තිබ්බ තැනට ගිහින් බලමුද? " ඒ සෞම්‍යා.

" යමු එහෙනම්" හැමෝම එලියට ආවා.

දැන් හැමෝම එතනට ගිහින් යූන්ගියාව හොයනවා.

"මේ තියෙන්නේ එයාගේ ෆෝන් එක" ටේ යූන්ගිගේ ෆෝන් එක හොයා ගත්තා.

මේ අතර ජිමින් අර ගබඩා කාම්බරේ පැත්තට ගියා.

_____________________________________
Hi guys,
දැන් කලින්ට වඩා කතාව කියවන අය අඩුයි🙂ඇයි කතාව අවුල්ද? 💔
කමක් නෑ කියවන්න එක්කෙනෙක් හිටියත් මං දිගටම ලියනවා😊

Please Vote And Comment 🥰💜

𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼..💗(𝕔𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now