Chapter -1

491 63 14
                                    

'නූනා...' පිටිපස්සෙන් සද්දයක් ඇහුණා.

ඔන්න එනවා ඉතින් මාව අරන් යන්න. මම රීස්ව ගනන් නොගෙන දිගටම වැඩේ කරන්න හැදුවා.

'නූනා~' ආයෙත් සැරයක් රීස් ඇද්දා.

අදනම් රැවටෙන්නේ නෑමයි කියලා හිතාගෙන මම පිටිපස්ස හැරිලා බැලුවා.

මෙන්න ඉන්නවා අපේ පුංචි වදකාරී.

රීස් කොනෙකො. 🙂

එයාගේ බාගෙට කැරලි කොණ්ඩේ උරහිස් දිගේ වැටිලා.

ඇස් දෙක අඩවන් කරගෙන කොණ්ඩෙත් අවුල් කරන් රීස් මං දිහා බලන් හිටියා. එයා ඇඳන් හිටපු ඇඳුම තිබ්බේ එයාගේ කකුල් දෙකෙන් බාගයක් වැහෙන්න විතරයි.

 එයා ඇඳන් හිටපු ඇඳුම තිබ්බේ එයාගේ කකුල් දෙකෙන් බාගයක් වැහෙන්න විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'නූනා... නිදිමතයි...' එයා ඇඟිල්ලකුත් උරමින් හිමින් කිව්වා.

හරි මම පරාදයි. ලැප්ටොප් එක වහපු මම නැගිටලා රීස්ව උස්ස ගත්තා. 'යමු නිදාගන්න...'

රීස් ලාවට හිනාවෙමින් මගේ පපුවේ එයාගේ ඔළුව හංග ගත්තා. මට ඕකමයි මේ පූසිව විශ්වාස නැති. එයා හරිම ලස්සනට රඟපාලා මාව රවට්ටගෙන ඇඳට ගෙනියන්න දක්ෂයි.

ඊට පස්සේ වෙන දේවල් අපි කතා නොකර ඉමු.

රීස්ව ඇඳෙන් තියපු මම ලයි⁣ට් නිව්වා. මගේ අත් එයාගේ ඉණ වටේ වෙලිලා මගේ ඇඟට එයාව තද කරගත්තා.

'නූනා...' එයා හෙමින් ඇද්දා.

'හ්ම්ම්?'

'ඇයි මිනිස්සු අපි වගේ අයට අකමැති?' එයා ඇහුවා.

'රීස්... ඔයා දන්නවනේ... මිනිස්සු ගොඩක් දේවල් මනින්නේ අනික් අයගේ කෝණෙන්. ඉතින් අපිට එයාලව හදන්න බැහැ...'

'නූනා..' රීස් හෙමින් අඬන්න වගේ හඬකින්.

'රීස්!'  මම ලයිට් එකට අතින් පාරක් ගැහුවා.

'රීස් මං දිහා අඩවන් වුණ ඇස් වලින් බැලුවා. එයාගේ ඇස් කඳුළුවලින් පිරිලා තිබුණා.

'ලයිට් නිවන්න...' එයා කිව්වේ අඩ ඉකියක් එක්කයි.

හුස්මක් ගත්තු මම ලයිට් නිවලා එයාව මගේ පපුවට තුරුල් කරගත්තා.

'මොකද වුණේ රීස්...' එයාගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවමින් මම ඇහුවා.

'මුකුත් නැහැ...' එයා හෙමින් කිව්වේ බොරුවක් කියන බව මට නිකන්ම තේරුම් කරවමින්.

'අහ්... ආයෙත් අර මනුස්සයා මොනවා හරි කිව්වද?'

රීස් ඔළුව වනනවා මට දැනුණා.

'හ්ම්ම්... එයාට නම් දෙකක් කියන්න වෙයි...' මම කිව්වේ රීස්ගේ කම්මුල කොනිත්තමින්.

'නූනා?' එයා ප්‍රශ්න කළා.

මම රීස්ගේ නළල ඉම්බා. 'නිදාගන්න බබා... මම ඒක බලාගන්නම්.'

_____________

දැන්  මම ඒ කියපු මිනිහා කවුද කියලා කල්පනා කරන මම...

nights with her -  [GL]Where stories live. Discover now