Chapter - 2

449 63 18
                                    

නිදාගෙන හිටපු රීස් දිහාට බැල්මක් හෙලපු මම හෙමින් නැගිට්ටා. එයාට කියලා මේ වැඩේ කරන්න බැරි බව මම දැනන් හිටිය නිසා සද්ද නැතුව යන එක හොඳයි කියලා මට හිතුණා.

කබ⁣ඩ් එකෙන් මම එළියට ගත්තේ රීස්ගේ ඇඳුමක්. ඒක මට ටිකක් කොට වුණත් වැඩේට ඕන ඒ විදිහේ එකක් තමයි.

ඊළඟට ලිප්ස්ටික්? ඒවා ගාන අයත් ඉන්නවා ඉතින්.

මම යන්තමින් හිනාවෙලා ලිප්ස්ටික් ටිකකුත් උලා ගත්තා.

පාන්දර හතයි වෙලාව. රීස් රෑ අඬලා නින්දට ගියේ හතරත් පහුවෙලා. ඇද වෙලා තිබුණ පොරෝනාවෙන් එයාගේ කකුල් දෙක වහපු මම එතනින් නැගිට්ටා.

'මම මේක බලාගන්නම්...' එයාගේ නළලේ තිබ්බ බෑන්ග්ස් අයින් කළ මම එයාව සිප ගන්න ගමන් හෙමින් මිමිණුවේ හැමදේම හරියන බව තහවුරු කරන්නයි.

දොර ලොක් කරලා යතුරත් අරගෙන සීතල හුළං මැද්දෙන් මම පාරේ ඇවිදන් ගියා. මගේ ඇඟ ගල් වෙලා තිබ්බේ අධික සීතලයි ඇඳුමේ කොටයි එකට මිශ්‍ර වෙලා.

රීස්ගේ පොතකින් බලාගෙන ලියපු ඇඩ්‍රස් එකට ආපු මම දොරට තට්ටු කළා.

'මිස්ටර් ලියෝ ඉන්නවද?' මම ඇහුවේ තරහා ගිය ඇස් දෙකකින් දොර ඇරපු වියපත් ගෘහ සේවිකාවගෙන්.

'විනාඩියක් දෙන්න මිස්... මිස්ගේ නම මොකක්ද?'

'මගේ නම මියා. ඒත් මිස්ටර් ලියෝට කියන්න රීස් ගැන කතා කරන්න කෙනෙක් ඇවිත් කියලා'

ගෑනු කෙනා ඔළුව වනලා ඇතුළට ගියා.

දොර ළඟ හිටගෙන රීස්ගේ මල් වැටුණ කොට ගවුමේ දාරේ අතින් මිරිකමින් මම බලන් හිටියා.

අන්තිමට එයා ආවා. මිස්ටර් ලියෝ...

රීස් වැඩ කරන තැන අයිතිකාරයා.

😐

__________
ලියන දෙයක් දන්නෑ.. නිකන් ලියනවා... මට මේක නිකන් සෙක්ස් වලින් පිරුණ කතාවක් කරන්න ඕන නැහැ.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 01, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

nights with her -  [GL]Where stories live. Discover now