⚡Introduction⚡

938 126 607
                                    

ටයිටන් යුගය..

හැමෝම කියන්නේ ඒක අදුරු යුගයක් කියලයි.

ටයිටන් ක්‍රෝනෝස් , එයාගේ තාත්තා ව විනාශ කරලා මුලු ලෝකෙම එයා යටතට ගන්න තරම් ශක්තිමත් ටයිටන් වරයෙක් උනා.
ක්‍රෝනෝස් කාලයට වගේම ලෝකෙටම අධිපති උනා.
මුලු ලෝකයම එයා ඉදිරියේ දණ ගැහුවා.

එයාගේ බලයට විරුද්ධව නැගී ඉන්න පුලුවන් උනේ
ක්‍රෝනෝස් ගේ ආදරණීය බිරිද ට විතරයි.

තමන් තමන්ගේ තාත්තා ව විනාශ කරා වගේ
කවදහරි තමන්ගේ පුතෙක් එයාව විනාශ කරලා රාජ්‍ය බලය අයිති කරගනීවී කියලා
බය උනු ක්‍රෝනෝස්, එයාගේ හැම දරුවෙක්ම පණ පිටින් ගිල දැම්මා.

මේ හැමදේම බලන් හිටපු ක්‍රෝනෝස් ගේ බිරිද
තමන් වැඩියෙන්ම ආදරය කරන

සියුස් , පොසයිඩන් , හේඩිස්
පුතුන් තුන් දෙනාව ක්‍රෝනෝස් ගෙන් හැංගුවා.

කාලයත් සමගම ශක්තිමත් උන මේ රහසේ හැදුනු පුතුන් තුන් දෙනා
තාත්තා ට අභියෝග කරා.
හිතපු නැති විදියට ලෝකයටම අධිපති වුණු ක්‍රෝනෝස් ,
තමන්ගේ ම පුංචි පුතුන් තුන්දෙනා ඉස්සරහ දණ නැමුවා.

තාත්තා ගේ අදුරු යුගය අවසන් කරපු මේ තුන් දෙනා
ටයිටන්වරුන්ව විනාශ කරලා ක්‍රෝනෝස් ව පාතාල ලෝකයේ තියෙන
Tatarus හිර ගෙදර හිර කරා.

මේ විදියට අලුතින් පටන් ගත්තු Olympian යුගයයි මේ ගෙවෙන්නේ...

ලෝකයේ හැම ප්‍රධාන බලයක්ම මේ සහෝදරයන් තුන් දෙනා අතර බෙදිලා ගියා.

සියුස් අහසට හා අකුණුවලට අධිපති වගේම
ඔලිම්පස් කදු මුදුනේ තියෙන දේව මණ්ඩලයේ නායකයා උනා.

පොසයිඩන් සාගරයට හා මුහුදු කුණාටු වලට අධිපති දෙවි උනා.
ලෝකයේ තියෙන හැම ජල බිංදුවක්ම පොසයිඩන් යටතට පත් උනා.

• ඔලිම්පස් කන්ද මුදුනේ තමන්ට වෙන්වෙලා තියෙන ආසනය අත ඇරපු හේඩිස්
පාතාල ලෝකය පාලනය කරමින් එහේ ජීවත් උනා.

පොසයිඩන් වගේම ත්‍රිශූලයක් ආයුධය කරගත්තු හේඩිස් මරණයට අධිපති දෙවි උනා. පාතාල ලෝකයේ හිර ගෙය වගේම පාතාල ලෝකයේ තියෙන
රත්තරන් , රිදී වගේ ලෝහ නිසා හේඩිස් දෙවියන් අතර ධනවත්ම කෙනා උනා.

~ ⚡The Cursed Throne⚡~Where stories live. Discover now