⚡ Hyung ⚡

261 54 81
                                    

ඊයේ Jinගේ meeting එකෙන් පස්සේ ඔක්කොම ලොකු උනන්දුවකින් practice එක ගැන වැඩි අවදානෙකින් වැඩ කරන්න ගත්තා. මේ සටන සාමාන්‍ය සටනක් නෙවේ, ලොකු අභියෝගයක් කරලා තියෙන්නේ, Demigodsලා වුනත් සටන දිනන්න වෙන්නේ ගොඩක් දේවල් කැප කරලා, වෙන්න පුළුවන් ජීවිත හානිය, මේ හැමදෙයක්ම ගැනම දැනගත්තට පස්සේ ඔක්කොටම ඕනේ වුනේ හැමෝටම සාධාරණයක් වෙන්නයි.

Coach Kai, Shini එක්ක දවස පුරාවටම පුහුණු වීම් වලට උදව් වුනා. අද දවසම එයාලා තම තමන්ගේ බලයන් හසුරුවන විදිය පුහුණු වුනා.

Yoongi, Beom එයාලා එයාලාගෙම විදියකට එක පැත්තකින් තනියම පුරුදු වෙද්දි, Jungkookගේ නැති වීමේ බලයයි, Taeගේ වේගයයි එක්ක ඒ දෙන්නාව team එකක් විදියට Kai එයාලව පුහුනු කරන්න පටන් ගත්තා. දෙන්නටම නොපෙනෙන්න වෙන තැනකින් මතු වෙන්න පුළුවන් නිසා එයාලා ටිකක් භයානක team එකක් වුනා.

Suzy, Jhope තවත් සමහර Demigodsලා කිපදෙනෙක්ට එයාලගේ කැමතිම ආයුධ පුරුදු කරන අතරේ Jin, Jiminගේ බලයන් හරියට හසුරුවන්න කියලා දුන්නා. ඔව්, Jin හැම බලයක් ගැනම දන්නවා.

Lunch break එකෙන් පස්සෙත් දිගටම practice කරපු නිසා
Jin ඔක්කොටම හවස ගඟ ගාව ගිනි මැලයක් ගහලා ‍dinner time එකේ ටයිටන් යුගයේ පරණ කතා කිව්වා.

ඔලිම්පස් වල ඉද්දි විශේෂ දවසකට ඇරෙන්න එකට එකතු නොවෙන මේ මුරණ්ඩු  Demigodsලා දැන් නන් පුදුම තරන් යාළුවෝ වෙලා.
ගිනි මැලයක් වටේ එකතු වෙලා එකට ඉඳගෙන කතා අහන ගමන් Jhopeගේ විහිළුවකට හිනා වෙන එක මීට සති කීපකෙට කලින් නන් එයාලට හීනයක්.

ඒත් දැන් හැමෝම එකතු වෙලා ඉන්නේ එකම අරමුණකට,
අපිට අපි විතරයි, කියන දේ Jin ලස්සනට කියලා දීලා.
ඔලිම්පස් වල දෙවිවරු Jinව "Half Blood Camp" එකේ Head කරපු හේතුව මොකක් වුනත් Jin එයාගේ අරමුණට නන් හිමිට ලං වෙනවා.

Tae: " Jin hyung ඔයා මුකුත් දන්නේ නැද්ද සියුස්ගේ පුතාට වුන දේ ගැන?
එදා රෑ මාලිගාවේ මොකද වුනේ කියලා? "

(  මතක නැති අය ගිහින් chapter 1 කියවලා එන්න 😁)

Jiminවයි Jungkookවයි මේකේ පටලවලා හරි සියුස්ට ඕනේ vampiresලාගෙන් කොහොමහරි පළිය ගන්නයි එයාගේ පුතාව නැති කරපු එකට.

~ ⚡The Cursed Throne⚡~Hikayelerin yaşadığı yer. Şimdi keşfedin