⚡ Vampires ⚡

275 60 84
                                    

No one's p.o.v.
@Camp halfblood

Practice ඉවර වෙලා මහන්සියටම තණකොල තැනිතලාව උඩ වාඩි වෙලා
දණහිස් උඩ ඔලුව තියාගෙන හිටපු ජිමින් ගැස්සිලා ගියේ
උරහිසට වැදුන පහරකින්.

" මොකද මහන්සිද ?
අපිත් මෙතනින් ඉදගත්තට කමක් නෑනේ ? "

Beom එක්ක ආපු Suzy ජිමින් ඔලුව වැනුවම
බිම වාඩි වෙලා Beom ගේ අත ඔඩොක්කුවෙන් තියාගත්තා.

Suzy : " අපේ Hyung නම් වෙලාවකට මහ මොකෙක්ද මන්දා ..
බලන්න ඔයාගේ අතට කරලා තියෙන දේ.
මන් බලාගන්නම්කෝ අද රෑට. "

සාක්කුවට අත දාලා ප්ලාස්ටර් එකක් ඇදලා ගත්ත Suzy,
Beom ගේ සීරුනු අතට පිඹ පිඹ
ලොකුවට තියෙන තුවාලේ වැහෙන්න ප්ලාස්ටර් එක අලවලා
ආයේ කියවන්න පටන්ගත්තා.

Suzy : "යුද්ධෙට අධිපති දෙවියන්ගේ ලොකු පුතා උනා කියලා
වෙලාවකට  එයා හිතන් ඉන්නේ එයාට වඩා ලොකු පුත්‍රයෙක්
මිහිපිට පහළ වෙලා නෑ කියලා.

ඔයාට රිදෙනවද Beom ආහ් ?
ඉන්නවකෝ අද Hyung ගේ රදනක දත මන් බඩට යවනවා. "

ඒක ඇහිච්චි ගමන් ජිමින් ට විතරක් නෙවේ
අමාරුවෙන් හිටපු Beomට ත් හිනා ගියා

Beom :" අයියෝ මේක පොඩි සීරීමක් විතරයි නේ අප්පා..
අනික Hobi hyung මට එච්චර හයියෙන් ගැහුවේ නෑ.
මේක මේ බිම වැටෙද්දි පොඩ්ඩක් සීරුනා.
එච්චරයි. "

ඒත් කොහෙද Suzy අහන එකක් යැ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඒත් කොහෙද Suzy අහන එකක් යැ.

Suzy : " හොද පොඩි.
අනේ මේ නිකන් හිටාම් මගෙන් මුකුත් අහගන්නේ නැතුව. "

Beom ට බෙහෙත් දාලා ඉවර වෙද්දි Suzy ට තේරුනා
ජිමින් ඉන්නේ වෙනත් කල්පනාවකට වැටිලා කියලා. 

Suzy : " ඔයා මොකද ? කොහෙහරි තුවාල නම් කියන්න.
තව ප්ලාස්ටරයක් තිබ්බා මන් ගාව.
නැත්තං Shini ගේ මෙඩිකල් යුනිට් එකෙන් උස්සපුවා තිබ්බා මගේ කාමරේ. "

~ ⚡The Cursed Throne⚡~Onde histórias criam vida. Descubra agora