💕CHAPTER 02💕

734 158 5
                                        

මම කෙලින් වෙලා බලන්න හදද්දිම නර්ස් කෙනෙක් දුවගෙන ඇවිත් ඇතුළට ගියා.. මමත් ඇතුළට ගියේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි නිසයි.

- සර්. ප්ලීස් එළියට යන්න. දැන්ම ඔයාට ඇතුළට එන්න බෑ.

ඒ නර්ස් අර කෙනාව එළියට එක්කගෙන යන්න හදන බවක් මට පෙනුණේ, ඒත් ඒ කෙනා නම් එළියට යන්න කැමැත්තක් නෑ වගේ.. මම නර්ස්ව නවත්තලා එයාගේ ළඟට ගියා.

එයාට තිබුණේ ගොඩක් සුදු හමක්, චූටි ඇස් දෙකෙන් එයා මගේ දිහා බැලුවේ කේන්තිය මුසු වුණු අසරණ කමකිනුයි. මම එයාගේ අතින් අල්ලලා එයාගේ දිහා බැලුවා.

- සර්. දැන් එළියට යන්න.

එයා මුකුත් කියන්නේ නැතිව මගේ අත ගසලා දාලා හිතුවක්කාර විදියට පුටුවක් ඇදලා අරගෙන ආච්චි අම්මගේ ඇඳ ගාවින් ඉඳගත්තේ ආච්චි අම්මගේ අතකුත් අල්ලගන්න ගමන්. මට තවත් එයාව නවත්තන්න පුළුවන් කමක් නෑ, ඒ නිසා මම එළියට ගියේ ඩොක්ටර් හෝසෝක්ව එක්කගෙන එන්න හිතාගෙන. මම ඩොක්ටර්ගේ කැබින් එකට ගිහින් ඔක්කොම කියලා, ඩොක්ටර්ව එතනට එක්කගෙන ආවා.

ඩොක්ටර් එතනට ගිහින් එයාට කතා කළා, ඒ වෙලාවේ එයා ටිකක් සන්සුන් වෙලා ඩොක්ටර් කියන දේ අහගෙන හිටියා.

එයාලා දෙන්නම එළියට ආවාට පස්සේ ඩොක්ටර් එයාට එතන තිබ්බ තැනින් වාඩි වෙන්න කියලා මගේ ගාවට ආවා.

- මේ ඒ පේෂන්ට්ගේ පවුලේ කෙනෙක්. පේෂන්ට්ට සිහිය එනකම් එයා මෙතන ඉඳීවි, එයාට මොනවාහරි උදව්වක් ඕන වුණත් බලලා කරලා දෙන්න පුළුවන් ඔයාට ජිමිනි?

- හරි ඩොක්ටර්!!

- මම යන්නම්.. කොහොමත් තව ටික වෙලාවක් යයි එයාගේ ආච්චි අම්මගේ රිපෝට්ස් එන්න.

- මට තේරුණා ඩොක්ටර්. ඒත් ඩොක්ටර් මෙයා ගොඩක් තරුණ පාටයිනේ..

- ඔව්.. මේ එයාගේ මුණුබුරෙක්. මම මෙයාව දන්නවා. ආ.. මම දැන් යන්නම්.. පේෂන්ට් කෙනෙක් එනවා දැන්.. ඔයා මම කිව්ව දේවල් ගැන බලන්න ටිකක්.

- හරි ඩොක්ටර්..

ඩොක්ටර් එතනින් ගියාට පස්සේ මමත් ඒ කෙනාට ටිකක් එහායින් වාඩි උනා. පැය බාගයක් විතර ගියත් එයා වචනයක්වත් කතා කළේ නෑ. මටත් ඉතින් කට පියාගෙන ඉන්න බැරි නිසාම මම එයාට කතා කළා.

💕PROMISE 💕 (  Completed ) Donde viven las historias. Descúbrelo ahora