- හරි මිස්ට යුන්ගි.. සන්සුන් වෙන්න..
ඊට පස්සේ එයා එකපාරට ඇඳෙන් නැගිටලා, දොර ගාවට දුවලා යන්න හදද්දි නර්ස්ලයි ඩොක්ටර් හෝසෝක්යි එයාව අල්ලගත්තා, එයා ඒගොල්ලන්ගෙන් බේරිලා යන්න දැඟලුවා. ඒ අතරෙම ,
- මට යන්න දෙන්න!!!මම යන්න ඕන!!!යන්න දෙනවා!!!මේක මම දෙන්න ඕන!!!
එයා කතා කළා. පළවෙනි වතාවට මම එයාගේ කටහඬ ඇහුවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් එයාට ඉන්ජෙක්ෂන් එකක් දුන්නු නිසා එයා සිහි නැතිව වැටුණේ ඩොක්ටර් හෝසෝක්ගේ අත් අතරට.
- එයාට කාවවත් හම්බ වෙන්න දෙන්න එපා, Treatmentsවලට හරි කෑම වේල්වලට හරි ඇරුණම වෙන කිසි හේතුවකට කවුරුත් ඇතුළට යන්න එපා.
- හරි ඩොක්ටර්.
ඩොක්ටර් හෝසෝක් එළියට ඇවිත් කාමරේ දොර වහනවත් එක්කම මම හැංගිලා හිටිය තැනින් එළියට ආවේ ඇස්වල කඳුළු පිහදගන්න ගමන්.
- ඩොක්ටර් එයාට මොකද වෙලා තියෙන්නේ??ඇයි එයා එහෙම කෑ ගැහුවේ??
- කම්පනයක් තියෙනවා වගේ එයාට. එයාගේ මේ තත්වය ගැන එයාගේ දුර්වල ආච්චි අම්මට දැනගන්න තියන්න එපා. ඔයා එයා වෙනුවෙන් එයාගේ ආච්චි අම්මා බලා ගන්න කැමතිද??
- හ..හරි ඩොක්ටර් මම එහෙම කරන්නම්!!
මම එතනින් කෙලින්ම ආච්චි අම්මගේ කාමරයට ගියා. එයා වතුර එක ගන්න අත දික් කරන් හිටියත් එයාගේ අත එතනට දිග නැහැ. මම ඉක්මනින් එතනට ගිහින් එයාට වතුර එක අරන් දුන්නේ කොට්ටය කෙලින් කරලා එයාට පහසු විදියට හේත්තු වෙන්න උදව් වෙන ගමන්.
- මට කතා කළා නම් මම උදව් කරනවනේ.. වැටුණනම් ආච්චි අම්මව??
- අ.. අනේ.. ඔය.. දරුවා කලබල වෙන්න එපා.. ම..මට දැන් ගොඩක් දුරකට හොඳයි.. මේ.. ඔ.. ඔය දරුවා.. ඇඬුවද??..
- මොකක්ද.. මමද??ඇයි ආච්චි අම්මා එහෙම ඇහුවේ??
- ඇස්.. නහය.. රතු වෙලා.. හරියට.. පොඩි.. කෙනෙක්ගේ.. වගේ..
- අහ්... ඒකද?මේකනේ ආච්චි අම්මේ මට පොඩ්ඩක් අද අසනීපයි. ඒකයි.
- මොකද??
- පොඩි ඔළුවේ කැක්කුමක්..
- අහ්.. පුතේ.. කෝ.. යුන්...
YOU ARE READING
💕PROMISE 💕 ( Completed )
FanfictionShort Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
