• Part 17

687 156 0
                                    

Taehyung POV -:

මං ඉක්මනට ලෑස්ති වෙලා කාමරෙන් එලියට දුවන්න හදද්දිම මතක් උනේ මේ දවස් වල එලියෙ සීතලයි කියලා.

ආයෙමත් කාමරේට දුවලා කබඩ් එකෙන් කෝට් එක ගන්නකොට මොකක් හරි පොතක් බිමට වැටුණා. ඒකෙන් කොලයක් එලියට ඇවිත් තිබ්බා.

ඒ කොලේ .....

ඔව් ඒ කොලේ තමයි ඒ .....

අවුරුදු ගානකට පස්සෙ ඒක මං දැක්කෙ. ඉස්සර හැමදාම ඕක බල බල අඩපු කාලයක් තිබ්බා. ඒත් අරී ටික ටික ලොකු වෙද්දි මට ඒ ගැන අමතක වෙලා ගියා.

වෙව්ලන අත් වලින් මං ඒක කාලෙකට පස්සෙ අතට ගත්තා. කොලේ ටිකක් පරණ වෙලා ඉරිලා. ඒත් අත් අකුරු නං ඒ විදිහටම මුතුකැට වගේ තියනවා.

අකුරු මැකිලා ගියා උනත් ඒ කොලේ තිබුණ හැමදේම අකුරක් නෑර මට මතකයි.

අද තමයි ඒ දවස .....

මං මතක් කරන්නවත් අකමැති දවස .....

අද දවසෙත් මං ඒක ආපහු කියවන්න ගත්තෙ අඩන්න බලාගෙන.





•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

I Know Everything [✔✔]Where stories live. Discover now