Chapter 2

232 41 11
                                    

වීමින්කුක් තුන්දෙනා කැලයේ ඇතුලට දුවන්න පටන් ගත්තා යන අතර මගදී ජිමින් ගලක පැටලිලා වැටුනා....

"ආහ්...😣"

"ජිමිනා... ක්වෙන්චානා..."

"ජිමින්සී අයිගෝ..."

ටේ , ජන්ග්කුක් නැවතිලා ජිමින්ව නැගිට්ටවන්න බලද්දී එයාගේ කකුලෙන් ලේ යනවා සීරිලා.. ජිමින් බය එක්ක අඩන්න ඔන්න මෙන්න ඉන්නේ... ටේ දන්නවා තව මොකක් හරි එයාලගේ කටින් පිට වුනොත් ජිමින් ගේ අඩන බබා ටැප් එක ඇරෙනවා කියලා...

"කුකී... ඔහොම ඉන්න ජිමින් ගාවින්. විකාර කතා කියෝලා ජිමින්ව අඩවනවා නෙමෙ.." ටේ ජන්ග්කුක්ව ජිමින් ගාවින් තියලා කැලෑවේ ගස් තියෙන පැත්තට යන්න හැරෙද්දීම ,

"අනේ ටේ කොහෙද ඔය යන්නේ..😣" ටේ මේ හොල්මන් කරදර අස්සේ තනියම ඇතුලට යන හින්දා ජිමින් කකුල අල්ලන් කෑගහනවා...

"ඔයාගේ කකුල ඇඹරිලා ජිමින්... ඒක බදින්න ඕනේ... ඒ හින්දා යන්නේ..."

"මොකක් කකුල ඇඹරිලා.." හරි අතිසාර්ථක ලෙස ජිමින්ව ඇඩෙව්වේ එයා කියලා ටේ හිතින් එයාට අත්පුඩි ගහනවා... ජන්ග්කුක් ඔරෝගෙන ඉන්නවා දැන් හරි නේ කිව්ව එකාම ඇඩෙව්වා කියලා... ජිමින් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්... එයාට දැන් කකුලේ අමාරුව දැනුනේ නැති උනත් පස්සට දැනෙයි.. ඒත් කකුල ඇඹරුනා කිව්වම දහ අතේ ලෙඩ පටන් ගන්නවා.. මේ හැම සංසිද්ධියක්ම සිද්ධ වෙන්නෙ අපි හිතන සිතුවිලි මොලයට සම්ප්‍රේෂණය කිරීමෙන්...

"අපොයි අඩන්න එපා මගේ හොද ජිමින්සී... මේ බලන්නකෝ පොඩි වැඩයි අපි කරන්නේ.. " ජන්ග්කුක් ජිමින්ව පොඩි එකෙක්ට දාලා විහිලු කරනවා හැමදේම අමතක වෙලා වගේ... ටේ ජිමින්ව උස්සලා දොලක් වගේ තියන තැනට ගිහින් කකුලේ ලේ පිහිදාන්න පටන් ගත්තා...

"ලේ..."

ජන්ග්කුක් ගේ දුර්වලතාවය.. එයා මෙච්චර වෙලා ජිමින් ගේ මූණ දිහා විතරයි බලන් ඉදියේ.. මොකද ජන්ග්කුක්ට ලේ දිහා බලන් ඉන්න බෑ..

"ජන්ග්කුක් අනිත් පැත්...ත හැරෙනවා.." ජිමින් කෑගැහුවම ජන්ග්කුක් ඉද්ද ගැහුවා වගේ ආපහු ජිමින්ලගේ පැත්ත හැරුනා...

𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒 || •ʜᵒʳʳᵒʳ ғғ•|| ᴏⁿʰᵒˡᵈッ Where stories live. Discover now