Love should not be delayed 5 ( pt2)

1.1K 277 24
                                    

Love should not be delayed

( short ff )

Chapter 5 (Part 02)

.......................................................................

ඩොක්ටර් ගියාට පස්සෙ මිකේලා ජේකේ ගෙ කාමරේ ට ආවා..

දොර ඇරලා තිබ්බ නිසා මිකේලා ඇතුලට ගියා..ජන්කුක් තාමත් නිදි..ඇස් පිහාටු වැහිලා තියද්දි හරි ලස්සනයි ඒ මූන..

"එක පාරක් මන් දිහා ආදරෙන් බැලුවනම්.."

මිකා හිතුවා..ලොකු හුස්මක් අරන් ජන්කුක් ට කතා කරේ කෑම කන්න එන්න කියන්න.

" ජන්කුක්.."

"ජන්කුක්"

"ජේකේ.."

ජන්කුක් තුන් වෙනි පාර බෙඩ්ශීට් එක තව ටිකක් මූනට ලන්කරගත්තේ මූනත් ඇබුල් කරන ගමන්.."

" ජන්කුක් "

"මොකද ආ"

" කෑම කන්න නැගිටින්න.."

"මට එපා"

" අනේ චේබල් නැගිටින්නකෝ..නොකා හිටියොත් ඔයා ආයෙමත් අසනීප වෙයි.."

"මන් දැන් එක පාරක් කිව්වනෙ මට එපා කියලා..මෙතනින් යනවා මගෙ යකා අව්ස්සන්නැතුව."

" ඔයා දැන්ම ඔතනින් නැගිටලා කෑම කන්න ලෑස්ති වෙනවද නැද්ද.."

"හාහ්..ඒ පාර මට අන දෙනවද.."

"ඔව්.."

මිකා කිව්ව පාර ජේකේ පුදුම උනා..මිකා කවදාවත් ජේකේ එක්ක එකටඑක කියන කෙනෙක් නොවන නිසා..

" මොකක්ද තමුසෙ කියන්නේ.."

" හරි ඔයාට බෑනෙ නේද..ඉන්න..මන් ටේ ඔප්පලට කතා කරන්නම්.."

" යාහ්..හරි හරි..හ්‍යුන්ග් ලට කියන්න ඕනෙ නෑ.."

ඒ එක්කමයි ගෙදර බෙල් එක වැදුනේ..
මිකේලයි ජේකේයි දෙන්නම ඒ පැත්ත බලලා මූනට මූන බලාගත්තා..
පස්සේ මිකේලා පහලට ගියේ කව්ද බලන්න..

දොර ඇරියහමයි දැක්කේ ටේහ්‍යුන් ඔප්පයි ජිමින් ඔප්පයි දොර ඉස්සරහ හිටන් ඉන්නවා..

" යාආආආආආහ් ඔයාලා ද.."

" කෝ ජන්කුක්.."

ටේ ඇහුවේ ටිකක් විතර කලබලෙන්..එයාලා ජන්කුක් ට අසනීප උනා කියලා දැනගෙන කියලා ඒ මූනු වලින් සහ ජිමින් අතේ තිබ්බ කෑම බෑග්ස් වලින් පෙනුනා

Love should not be delayed ( short ff ) #COMPLETED Where stories live. Discover now