Part 7.....🩸

775 107 8
                                    

taehyung pov:

මම sryy කියලා බෑග් එකත් අරන් ආපහු ආවා.මම එනකොටත් සියෝන්ගී ගිනි මැලය ලග බලන් ඉන්නවා.සියෝන්ගී මං එන දිහා බලන් හිටියේ ඈත තියාමයි.

සියෝන්ගී-: "ටේහ්‍යුන්ග් ඔයා යනකොට යෙන්සූ හිටියද?."

මම බිම බලලා මගේ tent එක තිබුනු තැනට බෑග් එකත් උස්සගෙන ගියා.

සියෝන්ගී: "එයාට මොකද උනේ..."

.
.
.
.
.
.
"දැන්වත් මාව අතහරිනවා."

මම සේහුට කීවේ ටේහ්‍යුන්ග් ඇවිත් යනකොටමයි.ටේහ්‍යුන්ග් මං ගැන මොනවා හිතන්න ඇතිද?

සේහූ-: "ඇයි මේ ඔයාට කේන්තී ගිහින්."

"තමුසේ නිසා ටේහ්‍යුන්ග් මං ගැන වැරදියට හිතන්න ඇති.තමුසෙට හැමදේම විහිලුවක් උනාට මට එහෙම නෑ.ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ.ඔයා වගේ කෙනෙක්ට කොහොමත් බෑ."

මම සේහුගෙන් අත ගලවගන්න උත්සාහා කරන ගමන් මගේ කටට ආව වචන ඔක්කොම කියලා දැම්මා.මම කියවගෙන යන අතරේ සේහූ හයියෙන් මගේ කම්මුලට ගැහුවා.මම කම්මුලත් අල්ලගෙන බිමට නැමුනා.

සේහූ-: "උබට අරූ දැක්ක නිසා හරි නෑනේ.ඇයි ඌ උබේ කව්ද?.උබලා වගේ කෙල්ලෝ මම ඕන තරම් මට්ටූ කරලා තියෙනවා.උබ කියන්නෙත් මට මහලොකු දෙයක් නෙවේ.ඒක මතක තියාගනිම්."

සේහූ බීලා හිටියත් එයා කතා කරපු විදිහ ගොඩක් බයහිතෙනවා.ඒත් සේහූ ඉස්සරහා මට බය පෙන්නන්න ඕන නැති නිසා මම ඔලුව උස්සලා සේහූ දිහා තරහින්ම බැලුවා.ඒත් එක්කම සේහූ එලියට ගියා.මම මගේ කොන්ඩේ පිටිපස්සට කරලා කදුලු ටික පිහාගෙන ශීට් එකත් අරගෙන එලියට ආවා.මං දැක්කා සියෝන්ගී මං එනකම් ගිනිමැලය ලග බලන් ඉන්නවා.මම ඉක්මනට එතනට ගියා.

සියෝන්ගී-: "මොකද මෙච්චර වෙලා."

"නෑ මේ..බෑග් ගොඩක් තියන නිසා හොයාගන්න ටිකක් අමාරු උනා.ඒකයි.

සියෝන්ගී-: "ටේහ්‍යුන්ග් ඔය පැත්තට ගියා.ඒත් ගියා වගේම ආය ආවා"

"ම්ම්ම්ම්"

සියෝන්ගී-: "මොකද උනේ ආ.."

"මොකුත් නෑ.මට නිදි මතයි."

𝐒𝐖𝐄𝐄𝐓 𝐁𝐋𝐎𝐎𝐃🩸(completed)Where stories live. Discover now