Part 13.....🩸

665 100 24
                                    

හයියෙන් කෑ ගැහුවේ මගෙ ඉස්සරහා කටත බැදලා ලනුවකින් අතුත් බැදලා කොන්ඩෙන් අල්ලගන ඇතුලට ඇදගෙන ආව යෙන්සුව දැකලා.එයාට කවුරු හරි ගහලා කියලා මට තේරුනේ මූනේ තැනින් තැන තුවාල පාරවල් වගේම ලනුවට කැපුනු අත් දෙකේ ලේ පාරවල් තිබුනු නිසා.යෙන්සූ හිටියේ හිටගෙන ඉන්න පුලුවන් තත්වෙක නෙවේ නිසා සේහූ යෙන්සුව එක අතින් අල්ලගෙන හිටියා.ඒ වෙලේ මට දැනුනේ කියාගන්න බැරි වේදනාවක් වගේම තරහක්.

සේහූ යෙන්සුව ඉස්සරහට ඇදගෙන ඇවිත් මගෙ ඉස්සරහට තල්ලූ කරලා දැම්මා.හිටගෙන ඉන්න බැරි නිසා තල්ලූ කරපු වේගෙට යෙන්සූ මගෙ කකුල් ලගටම විසි වෙලා ආවා.

"යෙ...යෙන්සූ....යෙන්සූ නැගිටින්න.....ඔ...ඔයාගේ යාලුවා....බලන්න එයා ඉන්නවා.එයා මැරුනේ නෑ.ඔයාගේ යාලුවා ජීවත් වෙනවා."

මම වෙව්ලන කටහඩින් යෙන්සුට කතා කරනවත් එක්ක එයා ටිකක් ඔලුව ඉස්සුවා.එයා කිසි දෙයක් කතා නොකර ඇස් වල කදුලු පුරවගෙන මං දිහා බැලුවේ එයාගේ කට බැදලා තිබුන නිසා.ඒත් එක්ක අත් දෙක බැදලා තියෙන ලනුව ලෙහාගන්න එයා දැගලුවත් ඒකෙන් උනේ කැපිලා තිබුන අත් තවත් පෑරිලා ලේ ගැලුව එක.

"සේහූ යෙන්සුව ලෙහපං.උබ ඇයි එයාව ගෙනාවේ.උබට ප්‍රශ්නයක් තියෙනවනම් තියෙන්නේ මාත් එක්ක.එයාට යන්න දීපං."

මම මොනතරම් දැගලුවත් වැඩක් උනේ නෑ. මට බලය පාවිච්චී කරන්න තිබුනා.ඒත් සේහූගෙන් ඒ තුන්දෙනාට කරදරයක් වෙන නිසා මට මොකුත් කරගන්න බැරි උනා.

යෙන්සූ සියෝන්ගී දෙන්නා මූනට මූන බලන් ගොඩක් වෙලා ඇඩුවා මං දැක්කා.යෙන්සූට කෑ ගන්න බැරි නිසා ඇස් දෙක තද කරන් අත් දෙක ලෙහන්න උත්සහ කරනවා.එයිට ටිකක් එහයින් සේහූ ඒ දේවල් හිනා වෙවී රසවිදිනකොට මට මං ගැනම ලැජ්ජා හිතුනා.

"දැන් උබට තීරනයක් ගන්න පුලුවන්.මුන් තුන් දෙනාද ඔය මාලයද?."

සේහූ කපටි හිනාවක් දාලා එහෙම අහද්දී මට අසරන කමක් දැනුනා.ඒත් තුන් දෙනෙක්ගේ ජීවිතේ මං නිසා අනතුරේ දාන්න බෑ.මට ඒ වෙලාවේ මතක් උනේ කිම්ජූ අංකල්ව.එයා මේ දේ දන්නවනම්.

මට තීරනයක් ගන්න වෙනවා.ඒත් මේ මාල දෙක එක්කෙනෙකුට අයිති උනාම දෙන්නෙක් බේරෙයි ඒත් මගෙ අයියා....
සේහූ කීව විදිහට එයා මනුස්සයෙක් නිසා කරදරයක් වෙන්න පුලුවන්නම් මේ මාලේ සේහුට අයිති උනොත් සේහුගෙන් අයියට හානියක් වෙනවා....

𝐒𝐖𝐄𝐄𝐓 𝐁𝐋𝐎𝐎𝐃🩸(completed)Where stories live. Discover now