chapter 13

380 69 36
                                    

අද ජිමින් එන්න පරක්කු වෙන නිසා අද දවල් වගේම ටේ ගෙදරට ආවා.....

බබාටම හරියන විදිහට හැසිරෙන ටේ වගේ කෙනෙක් අද ආපු එකෙන් මට ගොඩක් ගෙදර වැඩ කරගන්න පුලුවන් උනේ...ටේ බබා එක්ක දවසම හුරතල් වෙවි හිටපු නිසාත් බබා අද මන් ලගට ආවෙම නෑ.....

"ඉයුන්......"

"නේ , කියන්න ටේ...බඩගිනි ද?"

"අයියෝ , නෑ අනේ.......මේ මන් නම් ටිකක් හෙව්වා.....බලන්නකෝ ලස්සන මොකද්ද කියලා......"

"අම්.......ඉන්න බලමු .....හරිද? ජිමිනුත් ආවාම බලමු..නැත්තම් මට කෑ ගහයි"

"අනේ කවුද අනේ ඔය මිනිහව ගනන් ගන්නේ , තබේකට වැඩක් නෑ......." ටේ මූනත් හද හද කියද්දි මටත් මගේ හිනාව පාලනය කරගන්න බැරි උනා...

"කාවද උබට වැඩක් නැත්තේ....? කියපන් බලන්න...."

පිටිපස්සෙන් ඇහුන කටහඩට අපි දෙන්නම ගැස්සිලා බැලුවේ දොර දිහා... ඒ ඇවිල්ලා හිටියේ ජිමින් , රතු උන ඇස් වලින් ටේ දිහා බලන්නේ නැතුව මන් දිහා බලන් හිටියෙ  මන් කිව්වා වගේ.....මන් ටේ ගාවින් ඇවිල්ලා කෙලින්ම ගියේ කුස්සියට

"අහ් ,යාලුවා....කොහොමද ? "ටේ ජිමින් ගේ පැත්තට යන ගමන් කියන් ගිය.....

"උබ් දැන් මොනාද කියෝ කියෝ හිටියේ?"

"නෑ බන් මේ............ආව්....යකෝ බඩට අනින්නේ...." ජිමින් ටේ ගේ බඩට ගහන්න පටන් ගත්ත නිසා ටේට හයියෙන් කෑ ගැස්සුනා

"උබට මම.......තො මාව වැඩක් නෑ කිව්වා නේද? තබෙකට ගනන් ගන්නෙ නෑ නේ...."

"ආයි ආයි ආයි ,යකෝ.......මට අමරුයි....ඉයුන් මාව බේරගන්ඩො......උබ මාව මරන්නද යකෝ හදන්නේ......අම්මේ....බඩ..."

ජිමින් ටේට හිතන්නවත් වෙලාවක් නොතියා එතන තිබ්බ සොෆා එකට පෙරලගෙන ගහගන්න පටන් ගත්තේ හරියට පොඩි එව්න් දෙන්නේක් වගේ...

"මරන්න නෙමේ හම ගහන්න වටින්නේ...."

ජිමින් ටයි එකත් බුරුල් කරන ගමන් සෝෆා එකෙන් ඉදගත්තා..

"ඉයුන් , මට වතුර එකක් ගේන්නකෝ?"

ටේ හුරතල් කටහඩකින් එහෙම කියද්දි ජිමින් ඒ ටේ දිහා බැලුවේ දවා අලු කරන මරුමුස් බැල්මකින්...

❤️°'Destiny'° Parkjimin ❤️Where stories live. Discover now