🌜*𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 05*🌛

105 21 15
                                    

ඔලුවත් බිමට නමන් Chan දුකින් හිටියා.......
Chan - මේකනේ.....
.......................................................

Chan - මම ඊයෙ Lee එක්ක Dinner එකට ගියානෙ...හරියට 7 වෙද්දි මම මම Resturent එකට ගියා Lee එයාගෙ ඩ්‍රයිවර් එක්ක එනව කිව්ව නිසා...

ඉතින් ගිහින් මම සල්ලිත් ගෙවල ගාන වැඩිම ටේබල් එකත් බුක් කරගෙන ඉඳගෙන හිටියා Lee එනකල්...
මම පැයක් විතරම බලන් හිටියා Lee එනකල්...ආවෙ නෑ...බැරිම තැන Call කලා...ගත්තෙ නෑ...අන්තිමේදි ඉතින් මම ආවා...
ඔහේ මගේ කාලෙයි සල්ලියි දෙකම නාස්ති වුණා...කන්නත් නෑ.😪

Chan එහෙම කියාගෙන ආයෙත් බිම බලා ගත්තා....

TuTu - මං තමුන්ට කිව්ව නේද ඕක වෙයි කියල....අනේ හොඳම වැඩේ....මායි Liaයි නම් ඊයෙ හොඳට විනෝද උනා....
හොඳ වැඩේ අර නැට්ටිච්චි පස්සෙන් යනවට....

එහ් එහෙම කිව්වම Lia ත් මගෙ දිහා බලල හිනා උනා....
කොච්චර Chanට විහිළු කලත් අපි දෙන්නම දැනගෙන හිටිය Chan කොච්චර කෙල්ලො පස්සෙ ගියත් එයාගෙ හිතේ Lee ගැන ආදරයක් තියන බව..😒

Lia - හරි හරි...දැන් ඉතින් වුණු දේ වුණා...එයාට එන්න බැරි වෙන්න ඇත්තෙ මොකක් හරි හේතුවක් නිසානෙ....දැන් ඉතින් ඕක අමතක කරනවා...

Chan - මට දුකයි...

TuTu - හයියෝ....අපිට බැරියැ වෙන දවසක එයා එක්ක Dinner එකට යන්න...

Chan - අනේ...මට දුක ඒක නෙවෙයි...කෑම.....හයියෝ...ඊයෙ ඔයාල හොඳට කෑව නේද....මම දැක්ක Lia Instagram දාලා තිබ්බ Photos....
එතන....එතන මම ආසම Sandwich තිබ්බා...දෙයියනේ....මම කොහොමද ඒ වගේ කෑම වේලක් Miss කර ගත්තෙ...🥴

Chan කෑම ගැන කිව්වම Liaයි මායි මූණට මූණ බලා ගත්ත...බැලින්නම් මේකා කෙල්ල නැතුව නෙවෙයි කෑම නැතුවයි දුක් වෙලා තියෙන්නෙ....😑

Lia - අනෙ මෝඩයො...තමුන් මේ කෑම නැතුවද දුක් වුනේ....
මේකා වගේ එකෙක් මගෙ හොඳම යාළුව උනේ කොහොමද කියල මට තාම හිතා ගන්න බෑ...😅😅

Lia එහෙම කිව්වම නම් මටත් හිනා  ගියා....

TuTu - හරි හරි...දුක් වෙන්න එපා...අයියා කිව්වා ඔයාවත් එක්කගෙන ආයෙ Party එකක් දාමු කියල....

ఌ︎MOON LIGHT✰[Completed]Where stories live. Discover now