සින්ඩරෙල්ලා

210 49 77
                                    

"සකුන ගීය සැගවී යන....
පළා පැහැයෙ කලු තවරා....
සැදෑ අදුර ගේන.... පවන....වගේ....සියුම්....සරින්
ඈ.....ත එපිටින් හදට වඩින......
සින්ඩරෙල්ලා......"

ඈ ගායනා කිරිම මදකට නැවැත්වූවා....ඇගේ නාසය බර වී ගොස් දෑස් තෙත්වන'යුරු ඈට සංවේදනය වුනා......
ඇස් කෙවෙනි අග කෙලවර සීමා මායිම නොදත් ඒ කදුල දෙකොපුල හරහා ගලා ගියේ ඇගේ සිරුර පුරා විදුලියක් දුවවමින්....




                             ☆☆☆☆☆☆

"ඒයී....මෙහෙට දෙනව ඕක කිව්වම......"

ඈ මොර දුන්නෙ උකුලෙහි වූ බෑගය පසෙකින් තබමින්.....
නමුත් ඇගේ මිතුරිය නොවේ ඈට සවන් දුන්නෙ....

සිරුරටම තද වූ කලිසම සහ ප්‍රමාණයට වඩා ලොකු කමිසයක් හැද සිටි ඇගේ මිතුරිය හා තරගයට දිවීම කෙටි ගව්මක් හැද සිටි ඈට කල නොහැක්කක්......

"........ඔබේ කේ-කේශ කළ්‍යාණය ම-මට සිහිපත් කර්රවන්නේ....මයුර ධේනුවකගේ තේජස සහ වැහි ලිහිණියකගේ සෞම්‍ය බ-බවයි......"
ඇගේ මිතුරිය උස් හඩින් කියැවූයේ මොහොතකට පෙර ඇගේ අතින් උදුරා ගත් කඩදාසියේ තිබූ වදනකි.....

".....මා කැ-කැමතියි ඔබව හදුනාගන්නට.....විවේකය වෙලාවට මා එන්නම් ඔබ හමුවෙන්න......"

"ඔහ්හ්හ්...හෝඕඕඕ"
ඇගේ මිතුරිය උස් හඩින් ඉහත වචන පැවසුවේ දෑස් අංශක 116 කට සිහින් කරමින්.....

ඇගේ දෙකොපුල් රත් පැහැයට හැරුනේ ලැජ්ජවට හෝ කේන්තියට විය යුතුයි...

"මෙහෙට දෙනව ඕක......"  අනුකාරයෙන් ගිගුලූ ඈ මිතුරියගේ අතෙහි වූ කඩදාසිය උදුරා ගත්තා......

"ඔහ්හ්හ්-හෝඕඕ.....සින්න්න්ඩ...රෙල්ලා........."
එවර ඇගේ මිතුරිය කෑගසන්නට ගත්තේ අසල වූ මේසය මතට නැගීගෙන ය......

තම මිතුරියගේ නොමනා හැසිරිමට නොරිස්සුම් බැල්මක් හෙලූ ඈ නැවත කඩදාසිය වෙත අවධානය යොමු කලා ය.....

"......ඔබේ පුලුලුකුල සිහි වන සෑම රාත්‍රියක්ම මා ගත කලේ නින්දත් නොනිදත් අතරයි......."
නිල් පැහැ පෑනකින් ලියා තිබූ එවදන් ඇගේ සිතේ ඇති කලේ ලැජ්ජාව මුසු කෝපයක්......

| කැමීලියා || ᴄᴀᴍᴇʟʟɪᴀ |Where stories live. Discover now