----පලමු පරිච්ඡේදය ----

209 38 37
                                    

මෙහි ඇතුලත් සියලුම නම් ගම් , කාල වකවානු ,චරිත ,මන:කල්පිත වේ.
____________________________

වර්ථමානය_

පෙරදා පටන් හඩනැගූ උලමාගෙ හඩ ඒ වනවිට නැවතී ගොසින්‍ ඇති නියාවෙන් අවට තිබුණේ නිසසල බවක් ය..නමුදු එම නිසසල බව අභිභවා සසල ව තිබුනේ එක් ශෝකී හදවතකි...
ගත කීරිගැසීයන තරමේ සිහිතලක් අවට පැවතියද ඔහුගේ බුර බුරා දැවුණු ඒ හදගින්න නිවාලීමට ඒ සිහිතල අහලකටවත් නොවිණි.

පෙරදා රැයෙහි සිදුවූ කිසිවකුත් ඔහුට අදහාගැනුමට මේවනතුරා නොහැකිවිය....
තම ප්‍රාණසම මිතුරා නික්මගොසින් ය..
කුඩාකල සිට දැනහුන් අනෙකා ද්‍රෝහී විය...

වරෙක ඔහු තමාවම කොනිතිගසාගති.
වරෙක ඔහු ගල්තලාවෙහි වැතිරී මලමිණියක සේ හිදියා ය....

තවරෙක වනය පුරා සිහිවිකලකු සේ දිවෙන්නට විය.
ඒ කිසිදු දෙයක් ඔහුට ඇබින්දකුදු නොදැනිණ.
අඩුතරමේ තමා කව්ද යන්න පිළිබඳව වත් සිහියට නගා ගැනීම උගහට විය.

අවසානයේ දී පයපැකිලී ගලා යන දිය පහරකට ඇද වැටෙන තුරු ගතවුණු කාලය පිලිබදව ඔහුට නිනව්වක් නොවීය..........

ඝණ හිමයේ පටන් ඇදී ආ එම සිහින් ජලපහර තුල වූයේ අයිස් මෙන් සිසිල් ජලය විණි...
උන්මත්තකයෙකු සේ දිව ආ ඔහුගේ සංවේදන අවදි වූයේ ඇටමිදුලු තුලට කාවැදුනු අධික සිසිල නිසාවෙන්‍ ය...

ශෝභ!
ශෝභ!!
ශෝභ!!!

ඔබ කොහිද...කිමද මෙලෙස සිදුවූයේ...කි...මද ?.... .

මරණය තුරු වෙන් නොවන බව පැවසුවේ ඔබ නොවෙද........
මමයි මිය යා යුතු වූයේ
කොහිද නුඹ මෙලෙස සැගවුණේ..........
ඔබ නොමැතිව මා සිටින්නේ කෙලෙසකද????

වේදානාවෙන් දෑස් පිටාරා ගැලූ කදුලු රුදුරු ජල පහරට මුසු වූයේ වගක්වත් නොමැතිවය...

ප්‍රාණයට ප්‍රාණය සේ සිටි තම ප්‍රියයා අද නික්ම ගොසින් ය!...

මෙතරම් කාලාන්තරයක් තුල තමාගෙ පාෂාණිභූතව තුබූ සංවේදක අතරින් ගලාගිය හීන් සිතුවිල්ල අවබෝධ වුන ඔහු වෙව්ලීය...

මෙතරම් කලක් නොවැටහුණු සත්‍යය !

ඔහු විසින් අවබෝධ කරගැනීමට කිසිදු වෙහෙසක් නොදැරූ සත්‍යය!

••🍂චක්‍ර🍂••   [Historical  BL ] Where stories live. Discover now