_සිව්වන පරිච්ඡේදය_

142 23 4
                                    

මෙතැන් පටන් මෙම කතාංගය දිවෙන්නේ සමාන්තර ලොවක හිඳය...

වර්ණ දෑස් විවර කෙරුවේ කෑකෝ ගැසීම් හඩනගා සිනාසීම් මධ්‍යෙහි ය.. ඔහු හිදියේ තවමත් පෙර හුන් තැන නමුදු අලුපැහැති , ප්‍රාණීන්ගෙන් තොර පැරණි ආශ්‍රමය තවදුරටත් දක්නට නොවීණි......

සුපිරිසිදු ලෙස සුදුවර්ණ ගැන්වූ කුටි තුලින් නිකුත් වූයේ ප්‍රභාමත් ආලෝකයකි..ධවල වර්ණ චක්‍ර ලාංජන සහිත කොඩිවැල් සැම තැනම දිදිලීය....සුදුපැහැති වැල්ලෙන් සමන්විත වූ පොලොව නෙක නෙක රටාවන් වලින් ඇමද තිබුණි..
සුදු හා රන්පැහැ නිල ඇදුමෙන් සැරසුණු කුඩා ධ්‍යාන ලාභීන් කිහිපදෙනෙකු කෙලිසෙල්ලම් කරමින් හුන්නේ වර්ණ හිදි ස්ථානයට මදක් ඔබ්බෙනි.කෑ ගැසුම් හඩ නිකුත් වූයේ ඔවුන්ගෙන් බව වර්ණ අවබෝධ කරගති..

එතැන මුලුමනින්ම ජීවයෙන් පිරි ස්තානයක් විය..වර්ණ මදක් පුදුමයට මෙන්ම විස්මයටද පත් වීය... ඒ සමගම ඔහුගේ හදවත තවත් බලාපොරොත්තුවකින් දැල්වුනේ මේඝවර්ණ සෘෂි සිහිවීමෙණි....

හනික හිඳවුන් තැනින් නැගිටගත් හේ ඉදිරියට අඩියක් තැබුවත් ඔහු හුන් තැනම ගැස්සී ගියේ ඈතක වූ කුටියක් තුලින් පැමිණි හුරුපුරුදු ජායාවක් දුටීමෙණි.....

භ..භාහු !!!

වර්ණට ඇතිවූයේ දරාගත නොහැකි කෝපයකි..දෑත් කිටි කිටියේ මොලවාගත් හෙතෙම ප්‍රහාර එල්ල කිරීමට දෑත් ඉදිරියට යොමු කරනවාත් සමගම ඔහු පිටුපසින් නැංවුණු අඩි ශබ්ධය නිසා කෙමෙන් දෑත් හංගා ගති...

මෝක්ෂ ! නුඹ කුමක්ද මෙහි සිදුකරන්නේ ?

වර්ණ උඩබිම බැලීය...
මෝක්ෂ ? ඒ කවරෙක් ද ?

මෝක්ෂ...මා නුඹටයි අමතන්නේ...

වර්ණ සෙමින් පිටුපස හැරීය...

ඔහුට වඩා වියත් දෙකක් පමණ උස් වූ ධවල හා රන්පැහැ වස්ත්‍රයෙන් සැරසුණු පුදගලයෙකු ඔහු අමතමින් හිඳීය...

නුඹේ කර්ණ පටලය හා නි වී ද? මා කියන්නක් නොඇසිණි ද?.හෙතම කෝපවත් හඩින් කියාගෙන ගියාය...

වර්ණ තුෂ්නිම්භූත වූයේ කුමක් සිදුවන්නේ දැයි සිතාගැනුමට නොහැකිවය...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 10, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

••🍂චක්‍ර🍂••   [Historical  BL ] Where stories live. Discover now