Just Imagine..💜️

249 60 26
                                    

(ඔයාලා මේක කියවද්දි ජින් ගේ Epiphany සෝන්ග් එක අහන ගමන් කියවන්න..එතකොට ඔයාට මේක වැඩියෙන් දැනෙයි.. මේ ඉන්නේ ඔයා කියලා හිතන්න. මේක imagination story එකක්.)

හිතන්න ඔයා දැන් ගොඩාක් සාර්තක වුන කෙනෙක්... ඔයා ඉගෙන ගෙන අද හොද තැනකට ඇවිල්ලා... ඔයා සාර්ථකයි ඒත් තවම ඉවර නෑ.. ඔයාට තව ගොඩාක් දුර යන්න තියෙනවා...

ඔයා දවසම කම්පියුටර් එකක් අස්සේ මූන ඔබාගෙන රටක් ඉස්සරහට ගෙනියන්න දියුණු කරන්න උදවු වෙන එක චරිතයක්...

උදේ ඉදලා හවස අදුරු වැටෙනකන්ම ඔයා ඉන්නේ කම්පියුටර් එකේ මූන ඔබාගෙන.. ඔයා ඔයාගෙ උපරිමය කරන්න ගොඩාක් මහන්සි වෙනවා..  දවසේ ඔයාට තියෙන වැඩ කොටස කරලා ඔයා දැන් ලෑස්ති වෙන්නේ ගෙදර යන්න.. ඔයාගෙ සැනසීම හොයාගෙන...

ඔයා හොඳට හම්බකරන කෙනෙක්.. ඒත් ඔයාගෙ ආසාව හොද සුපෝකබෝගි විදිහ නෙමෙයි... ඔයාගෙ ආසාව ඇවිදගෙනම ඔයාගෙ කකුල් දෙකෙන්ම ගෙදරට යන්න..
හැමදාම වගේ ඔයා හෑන්බෑග් එකත් එල්ලගෙන තාර පාරෙ අයිනට වෙන්න තියෙන පදික වේදිකාවෙ ඉස්සරහට ගමන් කරනවා... එහා මෙහා වේගෙන් ගමන් කරන වාහන මිනිස්සු අවරගිරට බහින ඉර නිසා රන්වන් පාට වෙලා තියෙන අහස ඔයා රසවිදිනවා... ඒත් වාහන වල සයිලන්සර් ,හෝන් සද්දය ඔයාට අමාරුයි. ඔයාට ඒකෙන් ඉක්මනටම මිදෙන්න ඕනි..
පරිසරය කොච්චර ඔයාට විදින්න ඕනි වුනත් ඔයා අඩිය ඉක්මන් කරලා ගෙදරට යනවා..

අඩිය ඉක්මන් කරලා ඔයා ඔයාගෙ ගෙදර දොර ඉස්සරහට එනවා.. ඔයාගෙ හෑන්ඩ්බෑග් එක අතපත ගාලා දොරේ යතුර හොයාගෙන අගුලු ඇරලා ඔයා ගෙට යනවා... මේ ගෙදර ඉන්නේ ඔයා විතරයි තනියම. ගෙදර සාලෙ හරිම පාලු ගතියයි. මොකද ගෙදර පාලු මකන්න ඉන්නෙ ඔයා විතරයි. සාලෙ දිහා එක ඇහැක්වත් ඇරලා බල්න්නේ නැතුව ඔයා යන්නේ ඔයාගෙ කාමරේට.

කාමරේට ගිහින් ඔයා හොඳට කාමරේ පුරා ඇස් යවලා හොද හුස්මක් පිට කරනවා..
මොකද මේකේ තමයි ඔයාගෙ ලෝකය රැදිලා තියෙන්නෙ. ඔයාගෙ සතුට.ඒත් ඔයාගෙ හැමදේම නෙමෙයි.
කාමරේ බිත්තිවල හරි ලස්සන පින්තූර එල්ලලා..අපූරු සුරදූතයො හත්දෙනෙක්. ඔයාට අද මෙතනට එන්න හයියක් වුන තවත් කට්ටියක්...

EPIPHANY💜️💕 (Completed)Where stories live. Discover now