14th Chapter 🐺

1K 267 114
                                    


Tae Pov...

" ජිමින් මට ටිකක් කතා කරන්න ඕනේ.. "

ඔලුවේ හිර වෙලා තියෙන ප්‍රශ්න ගණනාවක් එක්ක දවස් ගානක් හැලහැප්පිලා බැරිම තැන මං ජිමින් එක්ක මේ ගැන ටිකක් කතා කරන්න හිතා ගත්තා.. ගෙදර මේ ගැන නිදහසේ කතා කරන්න අමාරු නිසා මං ජිමින් එක්ක හොටෙල් එකට ගිය වෙලාවේ ජිමින්ව ටිකක් අල්ල ගත්තේ මේ වගේ තැනක මේ යකා පිස්සෙක් වගේ හැසිරෙන් නෑ කියලා දන්න හින්දා.... ජීහූ ගැන වගේම යුන්හී ගැනත් මට තිබ්බේ ලොකු කුතුහලයක් .. ජීහූගේ වෙනස් වීම ගැන නොහිතුවත් යුන්හීගේ හැසිරීම ජිමින් ආවට පස්සේ හුගක් වෙනස් වුන එක මගේ හිතට ලොකු බරක්.. ඒ වගේම මං ශියා එක්ක ඉද්දී වුනත් එයා හැසිරුනේ අමුතු විදිහට.. ඒ ඇයි කියලා මට දැනගන්න පුලුවන් එකම කෙනා ජිමින් විතරයි.... ඒ හින්දා මේ ගැන අද කොහොම හරි විසද ගන්නවා කියලා හිතන් දෙන්නත් එක්කම හොටෙල් එකේ VIP waiting Area එකේ කොනකට ගිහින් ඉද ගත්තා...

" කියපන් මොකෝ සීන් එක.. උඹ ටික දවසක ඉදන් බඩ වේලලා වගේ දගලනවා මට තේරුණා.."

" 😑 උබේ ඔය කුණු කට පොඩ්ඩක් වහන් මේක අහපන්.. ජීහූට මොකද අපි කරන්නේ ?.. ඒ දරුවා හැම වෙලේම මෙහෙම හැසිරුනොත් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් ජිමිනා... "

" උඹට නොකීවට මාත් ඕක හිතුවා.. මගේ බෙහෙත් එයාට දරා ගන්න අමාරුයි... ඔම්මා ඒකේ ඩොස් එක අඩු කරලා බෙහෙත හදන්න උත්සහා කරනවා.. ඒත් එහෙම වුනොත් ඒකෙන් වැඩක් වෙයිද කියන එක තවම ශුවර් කරන්න බැහෑ...එහෙම වුනොත් අපිට එයාට බ්ලඩ් දෙන්න වෙනවා.."

" human blood ? "

" නැහෑ සත්තුන්ගේ..."

" ඒත් අපි කොහොමද ඒක කරන්නේ ?"

" ටිකක් අමාරුයි තමයි.. මොකද අපි හැම සතෙක්ගෙම blood ගන්නෙත් නෑ.. අපිට ඕනේ පිරිසිදු ලේ... ඒක ගොඩක් අමාරුයි.. "

" හරක් ? ඌරෝ ?. කුකුල්ලූ හරියන් නැත්ද ? "

" නැහෑ.. මොකද ඒ සත්තු අපිරිසිදුයි.. මස් නම් ඉතින් කන්න පුලුවන් 🙂 ..ඒක වෙනම කතාවක්.. ඒත් එයාලගේ ලේ පිරිසිදු නැහෑ... ඒවා නරින්ට අවුලක් නැති වුනාට අපිට එහෙම බැහෑ... 😌 "

BLIND LOVE ❤️ [ Completed ]Where stories live. Discover now