සක් 2
"යකෝ මේයකා මහ පුදුම මිනිහෙක්නෙ...බොරු කියලා සේරම කටින් අල්ලගෙන දැන් මාව දෙකට නමාගන්ඩද හදන්නෙ....හොඳවැඩේ මටත් රැවටෙනවට....එක අතකට එහෙම උනත් අවුලක් නෑ නෑ වගේ ඉතින්...හැබැයි අකමැති වගේ පෙන්නන්න ඕනෙ. නැත්නම් මගෙ තත්වෙට හරිත් නෑ."
ඒ ටික කල්පනා කරන ගමන් මම ඇඳෙන් නැගිට්ටෙ සංඛ අයියා මං දිහා බලන් මහ කැත විදිහට හිනාවුණ හින්දා.....
" උඩින් ඔපේ යටින් හපේ කියන්නෙ ඕක තමා...බොරු කියලා සේරම අහගෙන දැන් .....මේ අයියෙ,ඔයාගෙ බෝඩිමේ ඉන්න එපා නම් යන්නං. ඒත් ඔයාට ඕන ඕන විදිහට නටන රූකඩයක් වෙයි කියලා නං හිතන්න එපා කීයටවත්....මිනිහෙක් අසරණ උනහම ඒ අසරණ කමින් ප්‍රයෝජන ගන්න එපා"
" මුගෙ කට යකෝ...ඇයි දැන් උඹ කියන්නෙ මට ඕන්නං මොකුත් කරන්න බෑ කියලද ...මට ඕනෙනං පුතෝ මං ඒ දේ ගන්නවා..ගොඳින් හරි නරකින් හරි"
" අයිනට වෙනවා...ඉස්ටේශමේ බංකුවක බුදියන එක හොදා දන්නෙවත් නැති එකෙක්ට දෙකට නැමෙනවට වඩා"
මං අයියව පහු කරන් යන්න හදද්දි අයියා මාව ඇදලා ගත්තෙ මගෙ අතින්....කොයිතරම් කට කියෙව්වත් ඒ එක අතකින් අහු උනාම ඇති මං අඩපණ වෙන්ඩ.එහෙම්මම මාව ඇදලා ඇඳට දැම්ම අයියා, එක කකුලක් උස්සලා ඇඳේ තියලා මගෙ පැත්තට පාත් වුණා. මං කරපු එකම දේ අහක බලන් ඇස් පියාගත්ත එක. ඊළඟට මොනවා වෙයිද...මොනවා කරයිද...මට මොනවගේ දෙයක් වෙයිද වගේ දාහක් දේවල් ඒ පොඩි තප්පර ගානට හිතට ආවෙ ගියෙ අකුණු ගහනවා වගේ. මගෙ හුස්ම සෑහෙන්න වේගවත් උනා. ඒක අයියටත් දැනෙන්න ඇති. ඒ විදිහට විනාඩි ගානක් ගියත් එතනින් එහාට මගෙ ඇඟට අතක් තියා අයියගෙ හුස්ම පොදක්වත් වැදුනෙ නෑ. වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරිකමට මට ඇස් ඇරලා බලන්න ඕන උනා. ඒත් එක පාරට ඇස් අරින්න බැරි නිසා මුලිම්ම එක ඇහැක් බාගෙට ඇරලා බැලුවා. මගෙ ඉස්සරහා හිටපු මිනිහා පේන්න නොහිටිය නිසා මං ඇස් දෙකම ඇරලා බැලුවෙ සංඛ අයියා කොහෙද කියලා බලන්න. මොකුත් නොවුන ගානට මේ මිනිහා පුටුවට වෙලා කිරි එක බොනවා.
" උඹ දන්නවද මල්ලි...දැනට අපේ අම්මා ඇරුණම මං ආස විදිහට කිරි එකක් හදපු එකම එකා උඹ....කොහොමද මම ආස විදිහටම හැදුවෙ බං."
YOU ARE READING
සක්
Mystery / Thrillerමංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි