සක් 6
බෙල්ල අතෑරලා සංඛ අයියා කාමරේට ගියෙ ඇඳුමක් ඇඳගන්න...කොහෙද යන්නෙ කියලා අහන්නෙ නැතුවම එක්කයන දිහාවකට යන්න මම කැමති උනේ අයියා ගැන අවිස්වාසයක් නොතිබ්බ නිසා. මම කාමරේට ගිහින් රාක්කෙ එල්ලලා තිබ්බ මගෙ කලිසමයි කමිසෙකුයි අරගත්තෙ කුස්සිය දිහාට ඇවිත් ඇඳගන්න.
" කොහෙද ඔයටික අරන් යන්නෙ"
" ඇඳගන්න..දැන් කොහෙද යන්න තියේ කිව්වෙ"
" ඒක හරි...මම අහන්නෙ ඇයි ඕක අරන් එහාට යන්නෙ කියලා...ඇයි තෝ ගෑනියෙක්ද මෙතන ඇඳගන්න බැරි"
" ඇයි පෙන්නන්න ඕනෙද..ලබ්බක් කියනවද මන්දා.. ...මම...මේ...එහාට ගිහින්ම ඇඳගන්නම් ඉතින්"
කොන්ඩෙ පීර පීර හිටිය අයියා පනාව මේසෙ උඩට දඩාස් ගාලා අතෑරලා මගෙ ගාවට ඇවිත් ඉස්සරහින් හිටගද්දි මම මූන උස්සලා ඒ දිහා නොබලා පැත්ත බලාගත්තා.
" මේ අහපන්...උඹට නගින්නෙ මොකා දැක්කම කියන එක අදාල නෑ...හැබැයි උඹත් කොල්ලෙක් මං වගේ.....නිකන් අනික් උන්ට වඩා වෙනස් වෙන්න දඟලන්න එපා...."
" මට ඔය දේ තියෙනවා...හැමවෙලාවෙම අනික් අයගෙන් ඈත් වෙන්න බලනවා..හිතෙනවා මම වෙනස් කෙනෙක් කියලා"
" උඹම උඹව වෙනස් එකෙක් විදිහට හිතනකොට මෙතනින් පිට උන් කොහොමද උඹත් උන් වගේ කියලා හිතන්නෙ...හැමදේටම මුල හිත...මුලිම්ම උඹ හිතන විදිහ වෙනස් කරගනින් "
මම ඇඳුම් ටික ඇඳ උඩට දමලා ගහලා පැත්තකට ගිහින් උලුවස්සට හේත්තු උනේ අයියා කියන දේ එක පාරම පිලිගන්න බවක් පෙන්න්න අකමැති නිසා
" ඔච්චර මඟුල් කියවන්න ඕනෙ නෑ නෙ..ඇංදගෙන ඉවර නම් එලියට යනවකො...නැත්නම් මම කුස්සියට ගිහින් ඇඳගන්නම්"
" බෑ....මම මෙතනින් යන්නෙත් නෑ....තෝ මෙතනින් එහාට ගිහින් ඇඳුම් අඳින්නෙත් නෑ ...ලෑස්ති වෙන්න විනාඩි දයකට වඩා වෙලාව දෙන්නෙත් නෑ "
එහෙම කියපු අයියා ඇඳට වෙලා ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන බලන් හිටියා කවුද වගේ...
" මොන මල කරදරයක් ද අප්පා...මට මගෙ විදිහට ඉන්න දෙනවාකො...රෙද්ද...මට වෙනස් වෙන්න ඕනෙ නෑ"
YOU ARE READING
සක්
Mystery / Thrillerමංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි