සක් 3

1.4K 274 40
                                    

සක් 3

මම කතා කලේ ලොකු පසුබැස්මකින්. ඇත්තටම මම ඒවෙලාවෙ අසරණ වෙලා නොහිටියත් සංඛ අයියා උදව් කරපු විදිහට, එයා මට වෙනසක් නොකර මනුස්සකමින් සලකපු විදිහට මගෙ අතින් මොනවා හරි වැරැද්දක් වෙයිද කියලා මම වද වුණා. ඩොක්ටර් නවීන් ඇත්තටම මම ගැන හිතනවද...අපි වෙනුවෙන්මද එයා මේ දේවල් කරන්නෙ....ඕවා හිත හිත වචන පිටනොවී තියෙනකොට එහා පැත්තෙන් ඇහුණ ඩොක්ටර් නවීන්ගෙ කටහඬ හරි ඍජු එකක් ....තියුණු එකක්.

" මට කෙලින් කියපන්...උඹට ඕනෙ මේ කරුමෙන් ගොඩ යන්න නෙමේද...මේතරම් උඹ ගැන හිතන මට වඩා දැන් කොල්ලො උඹට ලොකු අර කොහෙවත් ඉන්න කාලකන්නියෙක්ද"

" ම්ම්....මට සමාවෙන්න ඩොක්ටර් ...මට  ඔලුවෙ තිබ්බ පීඩනේට එහෙම කියවුනේ...මෙහෙම ඉන්න එකත් හරි අපහසුයි...අඳුරන කවුරුත් නෑ...දැන් හවස් වෙනකන් තනියෙන් ඉන්න ගියාම එපාවෙයි"

" මම 12 න් පස්සෙ මෙඩිකල් සෙන්ටර් එකට යනවා....අපි ටිකක් කතා කරමු...එතකොට ඔය කම්මැලි ගතිය නැතිවෙලා යයි"

" ඒත් අර මනුස්සයා ආවොත් මම කොහෙ ගියා කියලද කියන්නෙ...."

" ම්ම්....මෙහෙම කරමු....ඔය ප්ලේස් එක සේෆ් නම් මට පුළුවන් ඔහාට එන්න..."

" මොනවහරි අවුලක් වෙයිද..."

" නෑ නෑ....මම ඉන්නවනෙ...බය නොවී ඉදපන්"

ඩොක්ටර් නවීන් අඳුනගෙන ලොකු කාලයක් ථිබ්බෙ නෑ. මාසයකට දවස් ගානක් අඩු වෙන්න ඇති.ඒ ටික කාලෙට අපි පස් හය වතාවක් මුණගැහුනා. ගොඩක් දේවල් කතා කලා, එයාගෙ ඇග මගෙ වෙච්ච, මගෙ ඇඟ එයාට ඕන ඕන විදිහට නැවුනු දවස් ගානකුත් ඒ අතරෙ තිබ්බා. මම එයාගෙන් බලාපොරොත්තු වුනේ ආදරයක් වත් වෙන විදිහක ශාරීරික බැඳීමක් වත් නෙමෙයි. මම ඩොක්ටර් නවීන්ට ළං වුනේ මේ හැමදේකිම්ම ඈත් වෙන්න උදව් ඉල්ලගන්න. පවුලෙ එකම ළමයා මම වෙච්ච එක මට පුදුම බරක් ඔළුවට දීපු කාරණාවක්. මට ඕන වුණේ තාත්තව සීයා කෙනෙක් කරන්න. අනික් මිනිස්සු වගේ පවුලක් පන්සලක් වෙන්න. සාමාජීයව මට මොන බලාපොරොත්තු තිබ්බත් ජීව විද්‍යාත්මකව මට මේ ලැබිච්ච දේ මහ දඬුවමක් විදිහට මම බාරගත්තෙ. මුවෙක් වෙලා සිංහ හමක් දාගෙන තණකොල කන්න බැරි කමින් මම හිටියෙ. මට ඕන උනේ ඒ සිංහ හම ගලවගන්න... ජීවිතේ අන්තෙටම කලකිරුණ දවසක මම ෆේස්බුක් එකට එකතු කරපු පෝස්ට් එකකට ආපු රිප්ලයි එකක් නිසා මට හම්බුන කෙනෙක් තමයි ඩොක්ටර් නවීන් කියන්නෙ.

සක්Where stories live. Discover now