part 2

232 52 43
                                    

ටේහ්‍යුන්.....
යාලුවෝ අතරේ එයා ටිකක් නිශ්ශබ්ද කෙනෙක්.එහෙමම නිශ්ශබ්දත් නෑ ඉතින් ..😂 කොටි මූණක් වගේ තමා එයාගෙ මූන.මං ආසම එයාගෙ කියුට් ස්මයිල් එකට
ඇත්තම කිව්වොත් ටේහ්‍යුන් ගැන මට කැමත්තක් තිබුණා.
ඒත් මං ඒක කියන්න ගියේ නෑ මොකද මට බය හිතුණා එහෙම කිව්වොත් අපි අතර තියෙන යාලුකම නැතිවෙයි කියලා .මේ ගැන දන්නේ යුන්හියා විතරයි .එයා නම් කියන්නේ කියන්න කියලා .ඒත් මට බෑ.මං හිතන්නේ ටේහ්‍යුන්ට දැනටමත් එහෙම කෙනෙක් ඉන්නවා .

අපේ පැත්තට දුවගෙන ආවේ මියා
මං කිව්වේ එයා තමයි මියා ගොඩක් වෙලාවට ඉන්නේ ටේහ්‍යුන් එක්ක .ටේහි ටේහි ගාගෙන පස්සෙම්මයි .

ටේයා දුවගෙන ආව පාර මගෙ ඇගේ හැප්පුනා මං වැටෙන්නයි ගියේ....ඒත් එකපාරටම ආපු අතක් මාව අල්ලගත්තා
.
.
.
බයටම ඇස් පියවුනත් මං බැලුවේ කවුද මාව අල්ලගත්තේ කියලා ඒ ටේහ්‍යුන් එයා හිටියේ මට එහාපැත්තේ
හිත ගැස්සුනත් මං ඉක්මනට හිටගත්තා

" කුමවෝ ටේහ්‍යුන් " මං එයාට ඔලුව වනලා ආචාර කරා යුන්හියා නම් මට වැලමිටෙනුත් ඇන්නා 😑
ටේහ්‍යුන් එයාගෙ කියුට් ස්මයිල් එක දැම්මා

" අයිගෝ ටේහි එන්න අනේ මාත් එක්ක යන්න "
මියා කිව්වේ මං දිහා රවාගෙන මටත් ඕනෙ උනේ නෑ එයාලා අතරට ඇවිදින් බාදාවක් වෙන්න ඒක නිසා මං යුන්හිවත් ඇදගෙන ක්ලාස් එකට ගියා ..

Taehyun pov

මම හිටියේ හොබීයි යුන්ගියි එක්ක පොඩි කයියක් දාගෙන .ඒ එක්කම ක්ලාස් එකට ආවේ සන්ග් මියි යුන්හියි
සන්ග්මි ගෙ නළලේ ප්ලාසටර් එකක් අලවලා තිබුණේ ඒත් ඇයි එයාට මොකක් හරි කරදයක්වත්ද ?

" යා මොකද උනේ"
මං අහන්න යනකොටම යුන්ගි ඇහුවා

"වොලිබෝලේ වැදුනා "

ආහ් මං බය උනා සන්ග්මිට කරදරයක් කියලා
සන්ග්මි
ඒ කියන්නේ මං ආදරේ කරන කෙල්ල ඒත් මං කවදාවත් එයාට ඒ ගැන කියලා නෑ ..බැරිවෙලාවත් ඒකෙන් අපේ යාලුකම නැතිවෙන්න පුලුවන් .මෙහෙම හරි කතා කරලා ඉන්න එක හිතටත් පහසුයි .මට ඕනේ උනා එයාගෙන් අහන්න රිදෙනවද ගොඩක් තුවාලද මට ඕනෙ උනා එයාට කියන්න ඇවිදිනකොට වටපිට බලලා පරිස්සමින් ඇවිදින්න කියලා ඒත් මට ඒ තරම් ශක්තියක් නෑ

I am not a weak girlWhere stories live. Discover now