part 03

193 49 12
                                    

jin pov

කෙළින්ම දිව්වේ සනීගෙ රූම් එකට...එයා නිදි...මං ඇද ලගට පුටුවක් ගෙනත් එයාගෙ පියවුණු ඇස් දිහා බලාගෙන හිටියා..එයා අඩලද? ඔව් එයා අඩලා ..ඇස් අග රැදිලා තිබුණ කදුලු බිංදු සාක්ශි දැරුවා....සනී අඩන්න ඇත්තේ මං නිසා නේද?.. මං හොද අයියා කෙනෙක් උනේ නෑ එයාට ඒත් මං මටම පොරොන්දු වෙනවා මොන ප්‍රශ්නේ ආවත් මගෙ නංගි වෙනුවෙන් ඕනෙම දේකට ඉන්නවා ...මං දැක්කේ එයාගෙ නළල තුවාල වෙලා...ඇයි ඒ? මං මගෙ අත තිබ්බේ එයාගෙ සිනිදු නළලට ඒත් එක්කම සනී ගැස්සිලා ඇහැරුනා

sang mi pov

නිදාගෙන හිටපු මං ගැස්සිලා ඇහැරුනේ කවුරු හරි ඔලුව අතගාපු නිසා...

" ඔප්පා"
වෙන කවුරුත් නෙමේ ඒ මගෙ ඔප්පා ඒත් ඇයි එයා මගෙ රූම් එකේ අනික එයාගෙ ඇස් වල කදුලු

" වේ ඔප්පා"

" මියානේ සනී පැටියෝ"
ඔප්පගෙ ඇස් වල හිරවෙලා තිබුණ කදුලු එකින් එක කඩාගෙන වැටෙනවා

" ඇයි සමාව ඉල්ලන්නේ?"

" ඔයාව අවිශ්වාස කරාට..අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා"

මෙච්චර වෙලා අඩ,අඩ හිටපු මගෙ හිතට සැහැල්ලුවක් දැනුනේ ඔප්පගෙ වචන වලින්..අන්තිමේදි එයා ඇත්ත තේරුම් ගත්ත එකටනම් මට සතුටුයි..

" ඒක දැන් අමතක කරලා දාන්න ඔප්පා"

" සනී ඔප්පට සමාව දෙනවද?"

වැරදි කිරීම මනුස්ස ගතියක්..සමාව දීම දේව ගතියක්..ඇයි මං ඔප්පට තව අවස්තාවක් නොදෙන්නේ අනිවාර්යයෙන්ම දෙනවා........

" එහෙම දෙන්න බෑ"

" වේ?"

" ලොකු චොක්ලට් එකක් ඕනේ😂"

" අයිගෝ එකට දෙකක්ම දෙන්නකො"

" හරි එහෙනම් "

" දැං ආපහු නිදාගන්න"

" අපෝ බෑ මට බඩගිනියි"

" එහෙනම් යමු කන්න"

" යමූ....."

............................................................................
.
.
.

යුන්හි මායි හිටියේ cls එකට එන ගමන් අද යුන්හියා එක්ක ආපු නිසා පරක්කු උනා..අපි පන්තියට එනකොට කවුරුත් හිටියේ නෑ..ආ නෑ ඒක්කෙනෙක් හිටියා..ඒ ඉතින් අපේ නිදි කුමාරයා යුන්ගි සුපුරුදු පරිදි නිදාගෙන

I am not a weak girlWhere stories live. Discover now