The Sky - 15th Chapter

447 114 9
                                    

" පාළුයි නේද?? "

" ම්ම්.. "

" අර බබා ගැන නේද ඔයා ඔය හිතන්නේ.. "

කාර් එක drive කරන අතරතුර ජිමින්ගේ කල්පනාව නැති උනේ ශියා කතා කරපු නිසා..

" හ්ම්ම්.. ඔව්...එයා මාව එයාට ඇදලා ගත්තා කියලා මට හිතුනේ.. පුදුම තරම් හුරතල්.. "

" අනේ ඔව් ඔප්පා.. තාම දත් ටිකත් චූටී ඒ උනාට හයියෙන් හිනා වෙනවා.. මට ආසම හිතුනේ ඒකට.. "

" හ්ම්ම්.. ඔයා hotel එකට යන්න මන් පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.. මේකයී ටේහයුන්ග් ගේ wedding එකට මුකුත් කරන්න මන් තාම හිතුවේ නෑ.. ඒ ගැන පොඩ්ඩක් බලන්න ඕන.. ඒකයී.. "

ජිමින් එයාලා නැවතෙන hotel එක ගාවින් කාර් එක නතර කරලා ශියාට එහෙම කිව්වේ මොකක්ද හේතුවකට තනි වෙන්න හිත ඉල්ලන නිසා..

" හරි ඔප්පා මන් යන්නම්... පරිස්සමෙන් ඔයා.. "

ශියා යන දිහා බලාගන ඉඳලා කාර් එකේ ශීට් එකට ඔලුව තිබ්බේ අමුත්තක් හිතට දැනුන නිසා..

" ජීහූ.. ?? ඒ පුංචි දරුවා කොච්චර හුරතල් ද?? හරියට මාව ගොඩ කාලෙක ඉඳන් දන්නවා වගේ මගේ පපුවට තුරුල් උන විදිය.. හරියට ඔයා වගේ.. මන් කොහේ හරි ගිහින් දවස් දෙකක් විතර ඔයාගෙන් ඈත් වෙලා හිටියත් ඔයා මන් ආවාම මගේ පපුවට තුරුල් උනෙත් මේ ජීහූ වගේමයී.. ඔයා මට තුරුල් වෙද්දී මගේ හදවත කොච්චර ගැහෙනවද ඒ රිද්මයටම අද ජීහු මට ලන් උනාමත් දැනුනා.. මන් දන්නේ නෑ යුන්හී.. ඒ කවුද කියලා.. ඒත් මට අපේ අතීතයේ හැම දෙයක්ම ජීහුගේ ඇස් වල ඇඳුනා.. "

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" මීහා... ඔන්න අපි ආවා.. "

" ඔහ් ඇනා... අනේ මන් නිසා අද ඔයා තනියම.. මන් කරදරමයී ඔයාලට කරන්නේ.. "

" ඒක නෙමේ කොහොමද දැන් ඔයාට.. ඇයි මෙ නැගිටලා.. "

" මන් අපිට කන්න ඉව්වා.. කෝ ජීහූ නිදිද?? මන් නැතුව ඔයා අතේ ඔය නිදාගත්තමද කොහෙද.. කෝ දෙන්න ඇනා...

අනේ මගේ පුංචි වීරයා බලන්නකෝ නින්ද ගිහින් ඉන්න විදිය කටත් උල් කරගෙන.. අම්මි බලන්න ඕනත් නැද්ද අද මගේ පුතු පැටියට... ම්ම්... මගේ මැණික.. අම්මී නැතුව හිටියද පැටියෝ... "

THE SKY [Completed] | PJM FF | 🌧️🌧️Where stories live. Discover now