සක් 5

1.1K 264 27
                                    

සක් 5

මම ඇඳෙන් නැගිටිනකොට ඇඟ තෙත් වෙන්න තරම් දාඩිය දාලා තිබ්බා..හුස්ම ගත්ත්  පිටකරපු වේගෙට පපුව ගැල්වුනේ නැතුවා පුදුමයි. වටේ පිටේ බැලුවෙ මගෙ ෆෝන් එක්  හොයන්න. මේසෙ උඩ තිබ්බ ෆෝන් එක රගෙන වෙලාව බැලුවෙ කොයිතරම් වෙලා මට නින්ද ගිහිල්ලා තිබ්බද කියලා දැනගන්න. පාන්දර එක වෙන්න තිබ්බෙ  විනාඩි පහකට පොඩ්ඩක් වැඩි වෙලාවක්. ෆෝන් එකේ කෝල් ලොග් එක චෙක් කලේ මම දැක්කෙ හීනයක් කියලා සීයට දාහක්ම තහවුරු කරගන්න.

ඔව්...ඒක හීනයක්...ඒක කොහෙත්ම වෙන්න බෑ....මොකද ඩොක්ටර් නවීන් දන්නෙ නෑ සක් කියන්නෙ සංඛ අයියා කියලා. ඉතින් එහෙම දෙයක් වෙන්න බෑ. අනික සංඛ අයියට එහෙම උනත් මට කෝල් එකක් එන්න කිසිම විදිහක් නෑ නෙ. මට තේරුම් ගන්න බැරි උනේ මම සංඛ අයියා ගැන ඒතරම් වද වුනේ...එයා ගැන එතරම් බය උනේ මම නිසා එයාට වැරැද්දක් උනා කියලා දැනුන නිසාද නැත්තම් වෙන  මොකක් හරි හැඟීමක් නිසාද කියලා තේරුම් ගන්න බැරි තත්වෙක මම හිටියෙ.

අඩි දෙකක් ඉස්සරහට තිබ්බොත් අඩි තුනක් ආයෙම පස්සට මාව ඇදලා දානවා...ඒත් මේතරම් කල් ඉස්සරහට ඉස්සරහට කියල මම ගිහින් තිබ්බෙ හරහට නේද කියලා මට දැනුනා. ඉස්සරහක් පස්සක් දිගක් පලලක් නැතුව පඹ ගාලක මම අතරමං උනා...නන්නාදුනන තැනක මාව කරකෝලා අතෑරියා වගේ.

මට ඕන උනේ හැම දෙයක් ම එකට ගුලි කරලා හිතේ පැත්තකින් තියන් අලුත් විදිහකට ජීවිතේ පිලිවලක් කරගන්න..මේ අවුල ලිහාගන්න... නිදිමතේම නැගිටලා මම බාත් රූම් එකට ගිහින් මූනට තදිම්ම දැනෙන තරම් වතුර පාරවල් ගොඩක් දාගෙන දාඩිය පිහදගත්තෙ කලින් දැකපු හීනෙම හේදිලා පලයන් කියනව වගේ.
පැත්තක වනලා තිබ්බ බාගෙට වේලුන සරමක් අරන් මම මූනයි ඇඟයි පිහදගත්තා...සේරම හෝදලා අළුතින් පටන් ගත්ත තැනම තිබ්බෙ අර මිනිහගෙ සුවඳ...සංක අයියගෙ සරමෙ තිබ්බ එයාගෙ සුවඳ.

මම සරම ආපහු වනලා කාමරේට ආවේ සංඛ අයියා ඇවිත් නොතිබ්බ එක ගැන යන්තමට වගේ බයෙන්. ආයෙ නිදාගන්න හැදුවට නින්දක් ආවෙ නෑ...එක්කො නිදිමත ගියා..නැත්නම් අර වගේ හීනයක් ආයෙම පෙනෙයි කියන බයට මට නින්ද ගියෙ නෑ.

සක්Where stories live. Discover now