_සියාගු 10_

632 153 93
                                    

[ ♨️පොඩි වුන් නාවට කම් නැත .♨️]

'' සියාගු.. '' ධාරු මිමිණුවේ තවමත් නිල්පැහැ දෑසින් තමා දෙස ඍජුව බලා සිටි සියාගුගේ මුහුණ මත වැටී තිබූ පාණ්ඩු-තඹ පැහැ කෙස් කැරලි සෙමින් පසෙකට කරමිනි.

ධාරු සියාගුගේ දෑතින් තරයේ අල්ලාගෙන සිටිය ද ඔහු කිසිදු කලබලයක් සිදු නොකළ බැවින් දෑත සෙමින් මුදා හැරියේ ය. සියාගු තවමත් කදුළු පිරි දෑසින් ධාරු දෙස බලා සිටියේ ය. ඔහු සෑම විටම මෙලෙස සමීප වී තමාව ප්‍රතික්ෂේප කිරීම සියාගුගේ සිත රිදවූවේ ය. අනෙක් පසින් ධාරු , සියාගු මෙලෙස සිත් රිදවා ගනු ඇතැයි අපේක්ෂා නොකළේ ය.

ධාරු තවමත් සියාගුගේ සුන්දරත්වය පිළිබද පැවසීමට වදන් සොයමින් සිටියේ ය. කෙතරම් කලක් සිට දැක තිබුණද සෑම දිනක නවමු ලෙසකින් පෙනෙන්නා වූ එකී සුන්දරත්වය දෑසට නම් කිසිදු දිනෙක විඩාවක් නොවන වග ධාරුට පැවසිය හැකි විය. ඔහු පෙර නීල දෑසක් දැක නොතිබුණේ ය. සරලවම ඈත සයුර සේම පැහැයක් ගත් , සයුරු තලයට හිරු එළියට වැටී දිලිසෙන්නා සේ ද වූ එකී දෑස් ධාරුට නම් උන්මාදයක්ම විය. ඔහු සමස්ත රුවනාරයට වඩා සියාගුගේ දෑස් ප්‍රිය කළේ ය.

අනෙක් අතින් පාණ්ඩු-තාම්‍ර පැහැ කෙස් වැටියත් , ස්වේත පැහැ චන්ද්‍ර පාෂාණයක් සේ වූ ඔහුව වඩාත් සුන්දර කළේ ය. එකී සියලු සුන්දරත්වයන් පරයා ඔහුගේ හදවතෙහි වූ සුන්දරත්වය ධාරු දැන සිටියේ ය. නැතිනම් , රාජ ද්‍රෝහියෙකු ලෙස මරණ දඩුවම නියමව සිටි තමාව එලෙස බේරාගෙන පර්සියානු දේශයට රැගෙන ඒමට ඔහුට කිසිදු හේතුවක් නොවී ය. නන්නාදුනන , මුහුණ වසාගත් දුගී කුලයේ වග බැලූ බැල්මට පෙනුණු තමාව වීදි සටන් කරුවෙක් හා මංකොල්ල කරුවෙකු වග දැනගෙන ද තුවාල ලැබූ මුව පොව්වෙකු බලාගන්නා සේ ප්‍රවේසමෙන් සියාගු රැකබලාගත් ආකාරය ධාරුගේ මතකයේ හොදින්ම විය.

අල්තාරය මත හැමූ මද සුළගින් උද්දිප්තව දිගින් දිගටම අකීකිරුව දගකළ සියාගුගේ තාම්‍ර පැහැ කෙස් කැරලි නැවතත් නළල් තලය ආක්‍රමණය කරනු දුටු ධාරු නැවතත් ඒවා පසෙකට කළේ ඉවසීමනි. ඔහු සියාගු වෙත නැඹුරු වී නළලෙහි සිය සීතල දෙතොල් තද කර නාසය ඔස්සේ මෘදුව පහළට රැගෙන ආවේ ය. ඔහුව තවත් අවුස්සවමින් සියාගුගේ සුසුම් සිය දෙතොලෙහි වදිනු දැනුණ ද ධාරු මද විරාමයක් ලබා ගත්තේ ය. සිය සුසුම් ගැටෙන මානයේ වූ සියාගුගේ මිදි යුෂයෙන් තෙත්ව ඇති පීච් වන් දෙතොල් සිපගන්නට ආ දැඩි ලෝබකම මදකට පසෙක ලූ ධාරු සියාගුගේ අඩවන්ව පියවී තිබූ නීල දැස් දෙස සිය දෑස් යොමු කළේ ය.

🍁 සියාගු 🍁Where stories live. Discover now