Part 01

85 19 4
                                    


ලෝකය ඔවුන් වෙනස් යැයි සිතා සිටියත්,ඇතුලතින් එක වගේම විනෝදකාමී සහ ආදරනීය දෙපාර්ශවයකට අහඹු සිදුවීමකින් හමුවෙන්නට සිදුවුනොත්??මොනවා වෙයිද??👀❤️

__________________________________

Award ceremoney  එක ඉවර වෙලා එළියට ආපු Idols ලා තවමත් වටේට පිරිලා හිටිය fans ලාට අත වනලා,ආචාර කරලා තම තමන් වෙනුවෙන් වෙන් කරලා තිබුණ වාහන වලට නැග්ගේ එකතැනම වාඩිවෙලා  බලන් ඉදලා වගේම,performences කරලා තිබුණු මහන්සියට කෙඳිරි ගාන ගමන්.bands,solo artists ලට වෙන් කරලා තිබුණු කළු පාට වගේම  සුදුපාට සුඛෝපභෝගී වාහන , දෙපැත්තේ fans ලාගෙන් පිරුණු පාරේ පේලියට නවත්තලා තිබුණේ artists ලාට,idols ලාට වෙන්කරපු පිළිවෙලකට.

               ************************

At BLACK PINK's vehical

-"කෝ අපේ කෙල්ලෝ හතරම ඉන්නවා නේද?..🤗" jisoo ඇහුවේ වටේටම guardsලා හිටියත් තාම driver ඇවිත් තිබුණේ නැති , සැරේන් සැරේ මහන්සිය නිසා හීනි කේදිරිගාන සද්ද විතරක් ඇහෙන වාහනේ  ඇතුලෙ  group එකේ හතර දෙනාම ඉන්නවාද කියලා check කරන්න හිතාගෙන.

-"Manager ඔප්පා කිව්වා මෙතන තියෙන ලයිට් එක කැඩිලා කියලා.මට ඔයාලව පේන්නෙත් නෑ.කෝ කට්ටිය ඉන්නවද..?🤔🤨"Jisoo ආයෙමත් ඇහුවෙ මුලු වාහනේම තවමත් නිශ්ශබ්දව තිබුනු නිසයි.හැමෝගෙන්ම වැඩිමල් ඔන්නි වුනු jisoo ,කෙල්ලො ටිකට තමන්ගෙම නංගිලට වගේ ආදරේ කලා,ඒ වගේම එයාල ගැන හොයලා බැලුවා.

-"ඔන්නි.... මන් ඉන්නවා.....මෙහේ...😴"වාහනේ පිටිපස්සෙ කොනකින් Rosé හීනියට කිව්වෙ නිදිමතෙන් කෙදිරිගාන ගමන්.

-"හරි....කවුද මේ එතකොට?😅"jisoo තමන්ගෙ සීට් එක ගාවම හිටපු කෙනාගෙ අතින් අල්ලන ගමන් කිව්වා.

-"ඔන්නි මේ මන්.... jennie...මට... නිදිමතයි......😴 "jennie ඈනුමක් අරින ගමන් කිව්ව විදියට jisoo ට හිනා ගියා.

-"හරි..හරි..මන් ඉන්නවා,jennie ඉන්නවා,Rosé ඉන්නවා.කෝ අපේ maknae කෙල්ල??lisa ඔයා ඉන්නවද?🤨"jisoo ඇහුවෙ torch එක ඔන් කරලා බලන්න phone එක හොයන්න වටේම අත පත ගාන ගමන්.

-"අයිශ්...කෝ මේ මගෙ phone එක???හොයාගන්න බෑනෙ.Rosé පොඩ්ඩක් බලන්න lisa ඔයාට එහා පැත්තෙ ඉන්නවද කියලා.🙄"jisoo කිව්වා.

It Was Unexpected💙✨️ (Short ff)Where stories live. Discover now