part 03

30 11 1
                                    

What now...? 🙂💔

_______________________________________

ටික වෙලාවක් හතරදෙනා නිහඩව එකිනෙකාගෙ මූනු දිහා බලන් හිටියෙ වෙලා තියෙන දේ හිතාගන්න බැරුව.

-"ලිසාශී,දැන් මේ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියල අපි ඇතුලට ගිහින් කතා කලොත් හොදයි මන් නම් කියන්නෙ. 🙂"Jin කියනකොට,

-"හියොන්ග් හරි ..දැන් එලියෙ සීතලත් වැඩියි...ඔයාව අපිට මෙහෙම වාහනේ තියන්නත් බෑනෙ.අපිත් එක්ක ඇතුලට යමුකො.🤗"කියල Jimin එකතු කලා.

-"හියොන්ග් කුකීව ගන්න මන් ටේව ගත්තා.අපොයි මේකගෙ බර......අයියෝහ්...හම්මෙ කොන්ද🤕..."Jin බාගෙට නිදන් ඉන්න junkook ව එක්කගෙන ඩෝර්ම් එකක ඇතුලට ගියාට පස්සේ Jimin මැරිලා වගේ නිදන් ඉන්න V ව වාහනෙන් ඇදල ගනිද්දි කොල්ලා පරඩැල වගේ ගැස්සිලා ඇවිත් Jiminඋයි Vයි දෙන්නම එකපිට එක බිමට පතබෑවුනා.

-"මන් ටේව අරන් යන්නම් ජිමිනා...මෙයාව ඇතුලට එක්කන් එන්නකො ඔයා...😒"RM ,Jiminගෙ ඇග උඩට වැටිල ඉන්න නිදිමතේ කෙදිරිගාන Vව නැගිට්ටවලා ඇගට හේත්තු කරගෙන ,ඒ වෙනකොටත් වාහනෙන් බැහැල ඉන්න Lisa ව Jimin ට ඔලුවෙන් පෙන්නන ගමන් කිව්වා.

පොඩි දේටත් හයියෙන් හිනාවෙලා විහිලු කරන චරිතක් වෙච්ච Lisa තමන් ඉස්සරහ වැටිච්ච clumsy කොල්ලො දෙන්නටවත් හිනා උනේ නෑ.කෙල්ල වාහනේ ගාව හිටගෙන හීතලට වෙව්ලායන ගමන් තමන්  හරියට අදුනන්නෙවත් නැති කොල්ලො ගොඩක් විතරක් ඉන්න ගෙයක් ඇතුලට යනවද නැද්ද කියලා හිතන ගමන් බයෙන් වගේ බලන් හිටියා.

-"ලිසාශි දැන් ඔයා මේ එලියට වෙලා ඉන්නද හිතන් ඉන්නෙ?..ඇතුලට එන්න අපි ඔයාව කන්නෙ නෑ...😑"RM නොරිස්සුම් ගතියෙන් කියල V වත් ඇදගෙන ඇතුලට ගිහින් Jin ,Junkook ව තියලා තිබුනු සෙටියට එහාපැත්තෙන් වාඩි කෙරෙව්වා.

කෙල්ල හිමීට තාමත් බිම වාඩිවෙලා කොන්ද අතගගා ඉන්න Jimin දිහා බැලුවා.කෙල්ල තමන් දිහා බලනෝ දැක්ක   කොල්ලා බිමින් නැගිටලා කෙල්ලගාවට ඇවිත්,

-"යන් ඇතුලට...බයවෙන්නෙපා අපි කොහොමහරි ඔයාව  ගෙදර යවන්න විදියක් හොයාගමුකෝ..🤗"Jimin ලස්සනට හිනාවෙලා කියද්දි ,කෙල්ල ඔලුව වනලා ,කොල්ලා පිටිපස්සෙන් ගියා.RM ටිකක් කෙල්ලට සැරෙන් කතාකලා කියල මතක් උනු Jimin ,

It Was Unexpected💙✨️ (Short ff)Where stories live. Discover now