සක් 10

1K 250 2
                                    

සක් 10

තිබ්බ කම්පනේට තව උස කලු හැඩි දැඩි මිනිහෙක්ගෙ වැලමිටකට මගෙ බෙල්ල හිර උනේ දඟලන්නවත් බැරි තරම් අසරණ විදිහකට.ඒ එක්කම  නහයට මොනවහරි සැර දෙයක් පොඟවපු ලේන්සුවක්ළං කලා කියලා විතරක් මට මතකයි. එතනින් එහාට මොනවා උනාද මං දන්නෙ නෑ....සැරෙන් සැරේ මං ඇස් අරින්න හැදුවත් ඇස් උඩ මහ බරක් පැටවිලා වගේ හයියකින් වේගෙකින් ඇහි පිහාටු ආයෙ ආයෙ පියවෙන්න ගත්තා... උනේ මොකද්ද වෙන්නෙ මොකද්ද කියලා කිසිම අවබෝධයක් නැති පැය කීයක් ගෙවුනද දන්නෙ නෑ..  ඒත් සංඛ අයියා ගැන මගෙ හිතේ බය දළු දාන්න පටන් ගත්තෙ යන්තමට මගෙ ඇස් දෙක ඇරගන්න පුළුවන් තරමට මං හිතින් ශක්තිමත් උනහමයි.

හිතේ හයිය අඩපණ කරන්න ගොඩක් හේතු තිබ්බා. මාව බෙහෙත් කවුන්ටරේ පුටුවක වාඩි කරවලා අත් පිටිපස්සට කරලා ගැට ගහලා තිබ්බා... කොයි තරම් දැඟලුවත් මගෙ තිබ්බ ශක්තියත් පිරිහුන එකට අමතරව උන එකම දේ අත් දෙක ලණුවට කැපිලා රතු වෙලා ඇදුම් කන්න ගත්ත එක. ලණුව කපාගන්න ඕනකම තිබ්බත් පොඩිවත් සද්දයක් කරන්න මට ඉඩක් තිබ්බෙ නෑ...මොකද ඩයස් කියන මිනිහා ඩොක්ටර් ගෙ කැබින් එකේ ඉන්න බව මට ඇහුනා... ඒත් ඩොක්ටර් එතන නොහිටපු බව විශ්වාසයි...පුටුවෙ කකුල් වලට බර වෙලා මම ටික ටික පුටුව බේත් රාක්කෙ ගාවට තල්ලු කරගත්තෙ පොඩිවත් සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න.

බෙහෙත් රාක්කෙ යකඩවලින් හදලා තිබ්බ එකක්...දාර අල්ලලා බැලුවෙ කොයිතරම් තියුනු ද කියලා බලාගන්න.
රාක්කෙ දාර ගොඩක් කැපෙන සුලු උනේ නෑ...ඒත් අත් බැඳලා තිබ්බෙ රෙදි පටියකින් වෙච්ච එකයි වෙන විකල්පයක් නොතිබ්බ එකයි නිසා මම රෙදි පටිය දාරේ ඇතිල්ලුවා...අත් දෙකේ වේදනාව වැඩි උනා....පැය බාගෙට වැඩිය මට ඒ වේදනාව උහුලන්න උනා.

ඒත් අන්තිමට අත් දෙක නිදහස් කරගත්තා...නැගිටලා ඉන්න පුළුවන් තරම් පියවි සිහියත් ලැබුනා..මම කල්පනා කලේ එහා පැත්තෙ ඉන්න මිනිහගෙන් බේරිලා යන්නෙ කොහොමද කියන එක. ඒ ගමන්ම මට මතක් උනේ මගෙ ෆෝන් එක. සාක්කුව අතගාලා බැලුවත් ඒක තිබ්බෙ නෑ.සද්දයක් නොකර මම බේත් රාක්කෙ දිහා බැලුවෙ  උදව්වට ගන්න පුළුවන් දෙයක් හොයාගන්න. වැඩකට ඇති දේකට කියලා හම්බුනේ සර්ජිකල් බෝතෙලේකුයි කතුරකුයි විතරයි.. බේරෙන්න හරි අහුවෙන්න හරි කරන්න තිබ්බෙ එක දෙයයි...නිකම්ම ඉන්නවට වඩා ඒක හොඳයි කියලා හිතුනා. මම සර්ජිකල් බෝතලලේ මූඩිය අයින් කරලා ඒකයි කතුරයි අරගෙන හිටිය විදිහටම පුටුවෙ පිටිපස්සට අත් දෙක දාන් ඔලුව බිමට පාත් කරන් නිදි මතෙන් වගේ එලියෙ හිටපු මිනිහට කතා කලා.

සක්Where stories live. Discover now