Special

477 101 53
                                    

Namjoon pov...

මම උදෙ නැගිටින කොට මන් ළඟ රැ නිදාගත්ත රෝස මල නැහැ. මම කල්පනා කරේ අහම්බෙන් හම්බුන ලස්සන Pizza boy මගේ ආදරේ උන හැටි. අද husband වෙලා ඉන්න හැටි. ආදරේ ලැබෙන්නෙත් හරිම පුදුම විදිහට. කොහොම කවදා එයිද කියන්න කාටත් බැහැ.

මම ටේබල් එක උඩ තිබ්බ ටී එක බීලා වොෂ් එකක් දාගෙන පහළට ගියේ එයාව හොයාගෙන. අදට අවුරුදු දෙකක් මම එයාව මගේම කරගෙන නීතියෙන්උත්... මගේ එකම ආදරේ....මුලින් අවුරුද්දක් ටේලා අපි එක්ක හිටියා. පස්සේ ටේගෙම ගෙදරට එයාලා ගියා. බාබා ඇඩුවා හියුං නැතුව ඉන්න බැහැ කියලා පස්සේ මම තේරුම් කරා එයාලා උනත් නිදහසේ ඉන්න ඕනේ කියන එක. පස්සේ ඉතිං අඩලා දොඩලා ඔක්කොම හරි ගියා. පිස්සු කෝළම...

එයා කුස්සියේ උයනවා. මෙහෙමයි එයාගෙ කෑම කන්න පුළුවන් එකම කෙනා මම. හරිම රසයි බාබා.... මම මෙහෙම කෑමක් කාපු පළවෙනි වතාව වගේ කතා කියල මම එයාගෙ කෑම කන්නේ. නැහැ ඒවා රහ නැත්තේ නැහැ එයා අලුත් සොයාගැනීම් කරන නිසා තමයි පොඩ්ඩක් දන්නැද්ද??

හේමීට පිටිපස්සේන් ගිහින් ඉණ වටේ අත් දෙක දාලා බදාගෙන එයාගෙ බෙල්ලට නහය තියාගෙන හිටියා. එයා හරි ආසයි ඒකට.. මමත් ආසයි ඉතින් මොකද එයා ගාවින් එන සුවඳ මට තේරුම්කරනවා මම තනි වෙලා නැහැ කියලා. මම ජීවත් වෙනවා කියලා...

"ආහ් ලොකු මහත්තයා නැගිට්ටද?"

"ඔව්නේ බාබා"

"උදේට කමු නේ"

"කමු... බාබා අද කොහෙවත් යන්නේ නැද්ද?"

"අැයි එහෙම ඇහුවේ"

"නැහැ ඉතින් ඔයා sunday වෙනකම් බලන් ඉන්නවනේ මාත් එක්ක කොහේ හරි යන්න"
එයා මම ගෙදර එනකම් බලන් ඉන්න ජාතියේ husband කෙනෙක් නෙවෙයි. එයා කියන්නේ ඔයා එනකම් මට ඉන්න බැහැ නිදිමත ආවොත් මම නිදි අන්න එහෙමයි... මමත් ආස ඒකට. ඒකෙන් මට දැනෙනවා අපි බොළඳ ආදරවන්තයෝ නෙවෙයි කියලා. හැබැයි sunday කියන්නේ එයාගෙ ආසම දවස. මගේ අත අල්ලන් ඇවිදිනවා... ඇවිදිනවා... කනවා බොනවා... ඒක එයාට ලොකු සතුටක් මටත් එයාගෙ සතුට තරම් දෙයක් කොහෙන්ද...

"යන්න ඕනේ... ජුනි මම දෙයක් අහන්නම්"

"අහන්න බාබා"

 My Pizza Boy😍❤️ || NAMKOOKWhere stories live. Discover now