Chapter 5

313 82 157
                                    

ජීවිතේ ගලාගෙන යන්න පුදුමාකාර තරම් ඉක්මනට.. ටේහ්යොන්ග් හමුවෙලා දවස් දෙකතුනක් ගෙවුණෙ ඒ දවස් කිහිපයට අපි අතරෙ ලොකු බැඳීමක් එක් කරලා.. කෝෆි කප් එකකින් පටන් ගත් අපේ මිත්‍රත්වය දවසින් දවස ශක්තිමත් උනත් අපි අපි ගැන කිසිම දෙයක් දැන උනේ නැහැ.. ටේහ්යොන්ග් මගේම වයසෙ මට යාබද පන්ති කාමරයේ ඉගෙන ගන්නා බව හැරුණු කොට ඔහු ගැන විශේෂ යමක් මන් දැනගෙන හිටියෙ නම් නැහැ..  ටේහ්යොන්ග් උනත් මන් ගැන දැනගෙන හිටියෙත් ඒ දේවල් විතරක්ම බව නම් මන් හොදින්ම දන්නා දෙයක්..

මන් ගැන කියන්න මට හමුවුණු අනෙක් පැරණි මිතුරන් මෙන් ටේහ්යොන්ග්ට සම්පූර්ණයෙන් විවෘත වෙන්න මට නොහැකි උණු එක එක්තරා විදිහකට හිතට දුකක් එක් කලත් මේ ආකාරයෙන් හෝ හිතට හයියක් වන කෙනෙකු ඉන්නා එක ගැන මට හිතට සහනයක් දැනුණා..

ටේහ්යොන්ග් එක්ක ගෙවුණු මිනිත්තු කිහිපයත් මට දැනුනෙ ලොකු සහනයක්.. සමහර විට ඒ දේ එයාටත් ඒ විදිහටම දැනෙන්න ඇති.. ගෙවුණු දවස් ඇතුලත සමහර දවස් තිබුණා අපි අපිවම හමුවුණු.. ඒ හැම දවසකම වගේ ටේහ්යොන්ග් අතේ එයා බොන්න අකමැති කෝෆි කප් දෙකක් තිබුණා.. ඒ බෙන්ච් එකේ මන් හිටියත් නැතත් ඒ කෝෆි වලින් එක කප් එකක් හැමදාමත් මට වෙන් වෙලා තිබුණා.. සමහර දවස් තිබුණා අපි අතරෙ එකම වචනයක් හුවමාරු නොවුණු.. කෝෆි කප් එකක් අතේ තියාගෙන අපි අපේ ලෝක වල තනි වෙලා ඔහේ බලන් හිටපු... හරි නිහඬ දවස්...

තවත් සමහර දවස් වලට අපි අතර යන්තමින් වචනයක් දෙකක් පමණක් හුවමාරු උනා.. තවත් දවස් තිබුනා හේතුවක් නැතුවම හිනා උනු..  නොනවත්වාම එකිනෙක ගැලපීමක් නැති බොහොමයක් දේවල් ගැන අපි ඔහේ කතා කර කර ඉදපු.... තවත් දවස් තිබුණා හේතුවක් නැතිවම බෙන්ච් එකෙ දෙපැත්තට වෙලා තනියෙන් අඩපු.. අපි අපිවම සනස ගතපු... හරි ලස්සන දවස්...

ඒත්.. ඒ කිසිම දවසක ටේහ්යොන්ග් මගෙන්වත් මන් ටේහ්යොන්ග්ගෙන් වත් ඒ කිසි දෙයක හේතුව හාර ඇවිස්සුවෙ නැහැ... ඒ නිසාම වෙන්න ඇති අපි මේ තරම් එකිනෙකාට ලං වෙන්න ඇත්තෙ...

මන් හිටියෙ මාත් ටේහ්යොන්ග්නුත් වෙනදා හමුවෙන ඒ බෙන්ච් එක උඩ.. වෙනදා වගේ ටේහ්යොන්ග්වත්... ටේහ්යොන්ග් මන් වෙනුවෙන් වෙන් කළ ඒ උණුම උණු කෝෆි මග් එකවත් තිබුණෙ නැහැ..

DREAMS 💜️ || JIMIN Centric  (COMPLETED)Wo Geschichten leben. Entdecke jetzt