✾ 𝟸𝚗𝚍 𝙿𝚑𝚊𝚜𝚎 ✾

2.8K 476 324
                                    

"යුනියා.."

කෙල්ල ඉස්සරහට ගත්ත අඩිය ආයෙමත් පිටිපස්සට තිව්වේ කෙල්ලගේ පිටිපස්සෙන් ඇහුනු කටහඩට.

"සන්ශයින් ඔප්පා.."

"දෙහ් දෙහ් ඔප්පා තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"දෙහ් දෙහ් ඔප්පා තමා.."

ඒ හිටියේ හෝසොක්..කොල්ල දුවන් ආපු දිවිල්ලට කෙල්ලගේ උරහිසටත් අතක් තියන් හතිඅරින්න පටන්ගත්තා..

"කොහොමද චූටියෝ..කාලෙකින් නේ."

කොල්ල ඇහුවේ කෙල්ල දිහා බලන් ලස්සනට හිනාවෙන ගමන්..

"යා ඔප්පා බොරු කියන්නෙපා ගිය සතියට කලින් සතියෙත් ගෙදර ආවේ අනේ.."

"හරි හරි ඉතින් මගේ නංගි ගැන හොයල බලනෙක මේ ඔප්පගේ යුතුකම හුම්."

කොල්ල කිව්වේ කෙල්ලගේ කොන්ඩෙත් අවුස්සල නහයට පොඩි තට්ටුවක් දාලා..ඒත් ඒ වචන ටිකට කෙල්ලගේ ඇස්වලට ඉබේටම කදුලු පිරුණා..කොල්ලට මහ ගොඩක් ආදරේ කළා මේ කොල්ලො හයදෙනා..තමන්ගේ නොවුණත් තමන්ගෙම නංගි වගේ සැලකුවා මේ හයදෙනාම කෙල්ලට..තමන්ගේ ඔප්පගෙන් නොලැබෙන ආදරේ කෙල්ල ලැබුවේ කොල්ලො හයදෙනාගෙන්..ඒ උනුහුම රැකවරණය ලැබුවේ කොල්ලො හයදෙනාගෙන්..කෙල්ලට ඒ තරමට ආදරේ කළා ඒ හයදෙනා..මොනම වෙලාවකවත් අඩුවක් නොකර,වචනෙකින්වත් රිද්දන්නැතුව පණ වගේ බලාගත්තා කොල්ලො හයදෙනා චූටි කෙල්ලව..ඒත් කෙල්ලගේ ජීවිතේ කවදාවත් පුරවන්න බැරිවුනු හිස්තැනක් තිබුනා..ඒ ජන්ග්කුක්ගේ ආදරේ..හීනෙකින්වත් ලබල නැති ඒ ආදරේ ලබන්න කෙල්ල හැමදාම පෙරුම්පිරුවා..මොන නංගිද ආස නැත්තේ තමන්ගේ අයියගේ ආදරේ නොලබන්න..ඒ අත් අතරේ දැවටි දැවටි හුරතල්වෙන්න..අඩන වෙලේට දුවගෙන ගිහින් ඒ පපුව අස්සට තුරුල්වෙන්න..තාත්තගෙන් පස්සේ නංගි ආදරේ කරන්නේ තමන්ගේ අයියට..රණ්ඩුවුනාට ගහගත්තට ඒ චූටි හිත් අස්සේ ලොකු ආදරයක් හංගන් ඉන්නව එයාල..ඒත් කෙල්ලට උරුමනොවෙන ඒ ආදරේ..ඒ උණුහුම..කෙල්ලගේ ජීවිතේ මොනම දේකටවත් පුරවන්න බැරි හිස්තැනක්ම වුනා..ඒක හැමදාටම එහෙමයි..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now