04.

181 45 1
                                    

ƒℓαsнвαcк

🖤~ τнє ทigнτ вєƒσrє ~🤍

හැමදාමත් වගේ දවසේ වැඩ ඉවර කරපු ජන්ග් කම්පැනි එකේ අනාගත අයිතිකාරයා ජන්ග් හෝසොක් බීච් එකට ගියේ වෙනදා පුරුද්දට.

" තමුසෙට ඇත්තටම වෙන වැඩ නැද්ද ? හැමදාම රෑ වෙලා බීච් එකට එන්නෙ ? "

හෝසොක් එහෙම ඇහුවෙ වෙරල තීරයේ වැතිරිලා කළු පාට අහසට අතකුත් දික්කරගෙන තරු ගනන් කර කර හිටපු කෙල්ලගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්.

" හී ... ඔයා ආවද හොබී ? වෙන වැඩක් නැති නිසානෙ බබා මං මේ විදිහට ඉන්නෙ. "

කෙල්ල කිව්වෙ තවමත් අහස දිහාම බලාගෙන.

" තමුසෙ ඔය බබා හොබා ගාන එක නතර කරන්නෙ කවදටද ? පාරෙ ඉන්න හැම එකාටම බබා ගාගෙන යන්න එපා ඕයි. "

" බබා ... බා ... බා ... බාබා ... "

වෙරල තීරයේ වැතිරිලා හිටපු කෙල්ල නැගිටලා උඩ පැන පැන කෑ ගහන්න ගත්තෙ වටේ පිටේ මිනිස්සුන්ගෙත් අවධානය කෙල්ල දිහාවට යොමු වෙද්දි.

කෙල්ල දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු හෝසොක්ට හිතුනෙ එකම දෙයයි.

' මේ කෙල්ලට පිස්සු '

කොච්චර පිස්සුවක්, විකාරයක් කියලා හිතුනත් හෝසොක් අවුරුද්දක් තිස්සේ නොවරදවාම මේ වෙලාවට බීච් එකට එන්නෙ ඒ පිස්සුවට ඇබ්බැහි වෙලා වගේ.

දවසම ෆයිල්ස් අස්සෙ හිරවෙලා කාර්යබහුල ජීවිතයක් ගතකරපු හෝසොක්ට මේ බීච් එකේදි ලොකු නිදහසක් දැනුනා. ⁣කෙල්ලගෙ පිස්සු වැඩ නිසා හෝසොක් හිනා වෙනවා.

හැමෝටම හෝසොක් උනු කොල්ලා කෙල්ලට විතරක් හොබී උනා. කෙල්ල ඉස්සරහා ඒ නමට අකමැතියි කියලා කොච්චර කෑ ගැහුවත් හෝසොක් හිත ඇතුලින් ඒ නමට ආදරේ කරා.

අප්පා කම්පැනි එක දියුණු කරගන්න මහන්සි වෙද්දි, ඔම්මා පොඩි කාලෙදිම නැති උනු හෝසොක් එයාගෙ දුක සැප බෙදාගත්තෙ පොඩි කාලෙ ඉඳන්ම යාළුවා උන යුන්ගිත් එක්ක. ඒත්, යුන්ගි මැරි කරාට පස්සෙ හෝසොක් ගොඩක් තනි උනා.

හෝසොක් බීච් එකට යන්න පටන් ගත්තෙ ඒ තනිකම මකාගන්න.

ONE WORD | COMPLETED Where stories live. Discover now