07.

162 42 0
                                    

" දේ .. මම තමයි. "

හෝසොක් පිලිතුරු දුන්නෙ ප්‍රශ්නාර්ථයක් හිතේ තියාගෙන. කොල්ලා මේ වෙලාවෙ කොහොමටවත් පොලිස් නිලධාරීන් දකින්න බලාපොරොත්තු උනේ නෑ. කොල්ලා හිටියෙ මේ වෙන දේවල් ගැන හිතාගන්න බැරුව.

" සර්ට ලියුමක් තියෙයි. "

" ලියුමක් ... ඒත් කාගෙන්ද ? "

ලියුමක්නම් ඇයි ඒක පොලීසියෙන් ගෙනත් දෙන්නෙ ? හෝසොක්ට හිතාගන්න බැරි උනා.

" අපි හිතන්නේ ඒක කෙනෙක්ගෙ අවසාන කැමැත්තක්. "

" අවසාන කැමැත්තක්. ඒ කියන්නෙ ඒ .. ඒ කෙනා මේ ලෝකෙ නැද්ද ? "

හෝසොක්ට වචන පැටලුනා.

" දේ සර්. ඒ ගර්ල් අද උදේ ජීවිතේ නැතිකරගෙන. "

පොලිස් නිලධාරියා කිව්වෙ දුඹුරු පාටට හුරු ලියුම් කවරයක් හෝසොක් දෙසට දික්කරන ගමන්.

හෝසොක්ගෙ හිතේ ප්‍රශ්න දාහක් තිබුණා. කොල්ලා වෙව්ලන අත්වලින්ම ලියුම් කවරය අතට ගත්තා.

" ග .. ගර්ල් ? ඒත් කවුද ? "

හෝසොක් එයාගෙ හිතේ තිබුණු එක ප්‍රශ්නයක් ඒ විදිහට නිදහස් කරා.

" අයිඩී කාර්ඩ් එකේ තිබ්බ විදිහට කිම් ජීහු. "

" ජී .... ජීහු "

කොල්ලට දැනුනෙ වචනයෙන් විස්තර කරගන්න බැරි හැඟීමක්. හොබීගෙ ඇස් වලට කඳුළු පිරුනෙ එයාටත් නොදැනීම. ඔව්, කොල්ලා පලවෙනි වතාවට වෙන කෙනෙක් නිසා අඬනවා.

" එහෙනම් සර්, උදේ පාන්දර කරදර කරාට සමාවෙන්න. අපේ රාජකාරිය මෙතනින් ඉවරයි. "

" ඒ .. ඒත් ඒ ගර්ල්ට මොකද්ද උනේ ඉන්ස්පෙක්ටර් ? "

" එයා උදේ 1.15 ට මුහුදට පැනලා සියදිවි නසාගෙන තිබුණා සර්. මං හිතන්නේ ඔය ලියුමෙ හැමදේම තියෙනවා. "

" එ .. එතකොට බොඩ් එක. "

" අයිතිකාරයෙක් හිටියෙ නැති නිසා අපි සාමාන්‍ය විදිහට අවසන් කටයුතු කරා සර්. "

" හරි ... ගොඩක් ස්තුතියි සර්. "

හොබී කිව්වෙ එයාගෙ ඇස් වලින් වැටෙන කඳුළු පිහදාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින්.

" ඒක අපේ රාජකාරිය සර්. පරිස්සමින් ඉන්න. "

🖤~ нσвi's viєω ~🤍

' පරිස්සමින් ඉන්න '

එයා හැමවෙලාවකම කිව්වෙ ඒක. මගේ කන් වල ඒ වචන දෝංකාර දෙන්න පටන් ගත්තා.

ඒ කියන්නෙ එයාගෙ හිනාව, එයාගෙ පිස්සු කතා ආයිත් මට අහන්න වෙන්නෑ කියන එකද ?

හැමවෙලේම පිස්සු නටපු එයාට තිබුණු ප්‍රශ්නෙ මොකද්ද ? ජීවිතේ නැතිකරගන්න තරම්ම.

මට හිතාගන්න බැරි උනා.

ඉන්ස්පෙක්ටර් යනකම් බලාගෙන හිටපු මම දොරත් වහලා ඇවිත් සෝෆා එකෙන් වාඩි උනේ ලියුම කියවන්න හිතාගෙන.

මගේ ඇඟිලි වෙව්ලනවා. කියාගන්න බැරි අමුතු හැඟීමකින් හිත දෙදරුම් කනවා. මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඇයි මං හරියට දන්නෙවත් නැති කෙල්ලෙක් නිසා අඬන්නෙ ?

ලියුම් කවරය උඩ පැහැදිලි අකුරින් 'ජන්ග් හෝසොක්ට' කියලා ලියලා තිබුණා. මං පලවෙනි වතාවට එයාගෙ අකුරු දැක්⁣කෙ. ඒවා ලස්සනයි. මං මගේ ඇඟිලි තුඩු ඒ අකුරු උඩින් එහා මෙහා අරගෙන ගියා.

මට බයයි මේ ලියුම කියවන්න. මේක කෙනෙක්ගෙ අන්තිම කැමැත්තක්. මට පුළුවන් වෙයිද එයාගෙ කැමැත්ත ඉෂ්ට කරන්න.

මම ඒ වෙනකොටත් කඩලා තිබුණු ලියුම් කවරය ඇතුළට අත දාලා හතරට නමලා තිබුණු සුදු පාට කොලේ එළියට ගත්තෙ මගෙන්ම ප්‍රශ්න කරගන්න ගමන්.

ONE WORD | COMPLETED Where stories live. Discover now