12.

168 45 17
                                    

ඔයා එකපාරක් ඔයාගෙ ලෙඩේ ගැන මාත් එක්ක කිව්වෙ නැත්තේ ඇයි මැණික ?

ඔයාගෙ ආදරේ ගැන කිව්වෙ නැත්තේ ඇයි මැණික ?

එහෙනම් හැමදේම වෙනස් වෙන්න තිබ්බා නේද මැණික ?

ඔයා හැමදේම බලාගෙන නේද ඉන්නෙ මැණික ?

ඔයාට ඇහෙනවා නේද මං කියන දේවල් ?

මෙච්චර ඉක්මනට අහසෙ තරුවක් උනේ ඇයි මැණික ?

ඔයාගෙ හොබීට මොකද වෙන්නෙ ?

මං ආත්මාර්ථකාමියි මැණික. ගොඩාක් ආත්මාර්ථකාමියි.

මං හැමවෙලාවකම හිතුවෙ මං ගැන විතරයි.

ඒත්, ඇයි හැමවෙලාවකම අනිත් අය ගැන හිතන ඔයා මේ වගේ දෙයක් කරගත්තෙ මැණික ?

ප්‍රශ්න අහනවා ඇරෙන්න මන් වෙන මොනවා කරන්නද ?

අහස දිහා බලාගෙන ෆ්‍රිජ් එකෙන් ගත්තු බියර් ටින් එක තොල ගාපු මට මතක් උනේ ජීහුගෙ අන්තිම කැමැත්ත.

' අනාථ නිවාසයක් හදන්න පුළුවන් ද ඔයාට ? මං වෙනුවෙන්. '

ඒ අහින්සක ඉල්ලීම කොහොමද මං අහක දාන්නෙ ? ඔයා වෙනුවෙන් එහෙම දෙයක්වත් කරන්න බැරි නම් මගේ ආදරෙන් වැඩක් තියෙනවද මැණික ?

බියර් ටින් එක ඩස්බින් එකට දාපු මම කෝල් එකක් ගත්තෙ මිස්ටර් යුන්ට.

👤 දේ ... කියන්න මිස්ටර් හෝසොක්.

එහාපැත්තෙන් ඇහුනෙ මිස්ටර් යුන්ගෙ කටහඬ.

" අලුතෙන් ගත්තු ඉඩමෙ orphanage එකක් හදන්න කියන්න යුන්. මං අප්පගෙන් permission ගන්නම්. "

👤 orphanage එකක් ?? ඒත් ඇයි සර් හදිසියේම ??

" ප්‍රශ්න අහන්නැතුව කියපු වැඩේ කරනවා මිනිහො. "

මං මගේ කේන්තිය ඒ විදිහට පිටකරා. මට මං ගැනම තරහයි. ඒත්, මං මොනවා කරන්නද මගේ කෙල්ලගෙ අන්තිම බලාපොරොත්තුව ඉෂ්ට කරනවා ඇරෙන්න ?

සමහර විට මට විඳවන්න වෙයි. හැමදාම. මගේ මැණිකව බේරගන්න බැරි උනාට. මගේ මැණිකට නපුරු විදිහට සැලකුවට.

ඒත්, කවුද හිතුවෙ මැණික මෙහෙම දෙයක් වෙයි කියලා. මං පරක්කුයි මගේ ආදරේ තේරුම්ගන්නකොට.

ඔයා කිව්වා නේද මැණික කාලය හැමදේම විසඳයි කියලා. මාත් කාලයට ඉඩදෙන්න තීරණය කරා.

🖤~ τiмє ραssє∂ ~🤍

" ජීහුයා ... ඔහොම ඉන්න පැටියො "





_________________________________________

𝖠 / 𝗇

ඉවසීමෙන් සැනසීම ලැබේ ලු 😌

තව එක චැප්ටර් එකයි.

Ending එක ගැන අදහසක් තියෙයි ද ?




-𝘗𝘢𝘳𝘬 𝘑𝘦𝘺𝘶-

ONE WORD | COMPLETED Where stories live. Discover now