05.

178 41 6
                                    

ඒත්, බීච් එකේදි හම්බඋනු ඒ කෙල්ල නිසා හෝසොක්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා.

අවුරුද්දකට කලින් අහම්බෙන් වගේ බීච් එකේදි හම්බ උනු මේ දෙන්නා දැන් හොඳම යාළුවො වෙලා.

( A/n - අහම්බෙන් වගේ හමුඋනු ... ඇස් පුරා මගේ ලියවුනු ...

ලස්සන සින්දුව හැබැයි ...😌 )

හෝසොක් එයාගෙ හැම ප්‍රශ්නයක්ම කිව්වෙ මේ කෙල්ලත් එක්ක. කෙල්ලත් ඒ හැම ප්‍රශ්නයක්ම හරි ලස්සනට විසඳලා දෙන්නෙ එයාගෙ පණ්ඩිත වචන වලින්.

" ඉඳගන්නවා මෙතනින්. බලනවා අර මිනිස්සුත් තමුසෙට හිනාවෙනවා. "

" ඉතින් මට මොකද හොබී. ඔයා දන්නවද ? තව කෙනෙක් අපි නිසා හිනාවෙනවනම් ඒක දිව්‍යලෝකෙ යන්න තරම් ලොකු පිනක් කියලා. "

කෙල්ල කටත් උල් කර කර හෙන ගැම්මෙන් කියපු විදිහට හොබීටත් හිනා.

" ඉඳගන්නවා ඉබ්බියෙ "

කෙල්ල එරමිණිය ගොතාගෙන වාඩි උනේ හොබීටත් රවාගෙන.

" පින් වලට අකුල් හෙලන්න එපා හලෝ. තමුසෙට අපායෙ යන්න වෙයි. "

" හ්ම්ම් "

" ඔයා දන්නවද හොබී බබා. අහස ගොඩාක් නිදහස්. අපේ හිතේ තියෙන හැමදෙයක්ම එයාට කියන්න පුළුවන්. එයා ඒ දේවල් පරිස්සමට වලාකුළු අස්සෙ හංගනවා. "

" ඇයි ඕයි තමුසෙ පෙත්ත බොන්නැත්තෙ ? "

" මොන පෙත්තද බබා "

" බබා කියන්න එපා ගෑනියෙ "

" ගෑනි කියන්න එපා බබා. මං තාම වර්ජින්. හූම් "

" ඕන්නම් නැති කරන්නත් පුළුවන්. "

හොබී කිව්වෙ අහස දිහා බලාගෙන හිටපු කෙල්ලගෙ මූණට එබෙන ගමන්.

⁣" මෙන්න මේ මනුස්සයා බලහත්කාර ... "

කෙල්ලට එතනින් එහාට කියන්න උනේ නැත්තේ හෝසොක් කෙල්ලගෙ තොල් වලින් අල්ලගත්තු නිසා.

ඒත්, එකපාරටම කෙල්ල හයියෙන් හුස්ම ගන්න පටන්ගත්තෙ හොබී කෙල්ලගෙ තොල් වලින් ඈත් වෙද්දි.

" ජීහුයා , හොඳින්ද ? "

කොල්ලා ඇහුවෙ තාමත් අමාරුවෙන් හුස්ම ගන්න කෙල්ල දිහා බලාගෙන.

" මට යන්න වෙලාව ඇවිත් හොබී. "

කෙල්ල ආයෙත් සාමාන්‍ය තත්ත්වයට හැරුනත් ඒ ඇස් වල තිබුණ වේදනාව තේරුම්ගන්න හොබීට පුළුවන් උනා.

" කොහේ යන්නද ? පිස්සුද තමුසෙට. "

කොල්ලා ඇහුවෙ කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන හොලවන ගමන්. කොල්ලගෙ අත් දෙක අයින් කරපු කෙල්ල නැගිටලා ආයෙත් පාරක් බලන් හිටියෙ අහස දිහා.

" මේ අහස විතරක් දන්න ගොඩාක් දේවල් තියෙනවා හොබී. අපි ඉක්මනටම හම්බවෙයි කවදහරි දවසක. පරිස්සමින් ඉන්න හොබී. "

⁣ක්ෂණිකව ආපු අදහසකට කොල්ලගෙ තොල් මතට කෙටි හාදුවක් දුන්නු කෙල්ල දුවගෙන ගියේ හැමදාම පිස්සු නටන මේ කෙල්ලට එකපාරටම උනේ මොකද්ද කියලා කල්පනා කරන හොබීව මුහුදු වෙරලෙ තනිකරලා. කොල්ලා තාමත් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියෙ යන්තමින් පේන කෙල්ලගෙ ඡායාව නිසා.

තවත් ටික වෙලාවක් මුහුද දිහා බලාගෙන හිටපු හෝසොක් ගෙදර ගියේ කෙල්ල කියපු දේවල් වල තේරුම ගැනත් හිතමින්.

ONE WORD | COMPLETED Where stories live. Discover now