06.

172 42 0
                                    

වෙනදට ප්‍රශ්න ඔක්කොම මුහුදු වෙරලෙදි නිදහස් කරලා යන හෝසොක්ට අද හිතන්න ප්‍රශ්නයක් තිබ්බා.

ඒ කෙල්ල නොකියා කියපු වචන ඇතුලෙ ලොකු තේරුමක් තිබුණු නිසා.

ඔරලෝසුවේ රාත්‍රී 12 කණිසම නාද උනත් හොබී තාමත් හිතන්නේ කෙල්ල කියපු දේවල් ගැන.

" මට යන්න වෙලාව ඇවිත් හොබී. "

ඒ වචන කොල්ලගෙ හිත ඇතුලෙ දෝංකාර දුන්නා. කොච්චර නිදාගන්න උත්සාහ කලත් කොල්ලට නින්ද යන්නේ නෑ.

" මේ කෙල්ල කවුද ? "

කෙල්ල කවදාවත් තමන්ගේ පවුලෙ අය ගැන, තමන් ඉන්න තැන ගැන, තමන් කරන රස්සාව ගැන හොබීත් එක්ක කතාකරලා නෑ. හොබීට ඒ දේවල් ගැන දැනගන්න ඕනි උනත් කොල්ලා ඇහුවෙ නෑ. ඒත්, අද පළවෙනි පාරට හෝසොක්ට කෙල්ලගෙ අනන්‍යතාවය ගැන ප්‍රශ්නයක් ඇති වෙලා.

ඇඳේ පෙරලි පෙරලි හිටපු හොබී ඇඳෙන් නැගිටුනේ හයියෙන්ම දොරට ගහන සද්දෙට.

" හොබී ... හොබී ... ඔයා ඉන්නවද ? අනේ ප්ලීස් මේ දොර අරින්නකො. හොබී ... "

හොබීගෙ ගේ ඉස්සරහා හිටපු කෙල්ල පිස්සුවෙන් වගේ දොරට ගහන්න පටන්ගත්තෙ හයියෙන්ම අඬන ගමන්.

කෙල්ලගෙ ඇස් වලින් කඳුළු පාලනයක් නැතුවම කඩා වැටෙද්දි දොර ඇරුනෙ කෙල්ලගෙ මුහුණෙ වේදනාව මුසු වුනු සිනහවක් ඇති කරමින්.

ඒ ඇස් වල කියාගන්න බැරි උනු ලොකු කතාවක් ලියවෙලා තිබුණා.

" පිස්සුද තමුසෙට ? මේ වෙලාවෙ මොකද්ද මෙහෙ කරන්නෙ ? අනික කොහොමද ගේ හොයාගත්තෙ ? "

" ජන්ග් කම්පැනි එකේ අනාගත අයිතිකාරයගෙ ගෙදර හොයාගන්න එක අමාරු දෙයක් ⁣කියලා ⁣ඔයා හිතනවද හොබී ? "

කෙල්ල ඇහුවෙ සුපුරුදු සිනහව මවාගන්න ගමන් උනත් අද කෙල්ල අසාර්ථක උනා. හොබීට පැහැදිලිවම තේරුනා කෙල්ලගෙ වෙනස.

" කවුද තමුසෙ ? "

" හැමදේටම උත්තර හම්බවෙයි හොබී .. ඉක්මනටම. "

කෙල්ල කිව්වෙ ලොකු හුස්මක් පිටකරන ගමන්.

" අන්තිම පාරට හග් කරන්න පුළුවන් ද ? "

කෙල්ල ඇහුවෙ හරිම අහින්සක විදිහට.

" ඇයි අන්තිම පාරට ? "

කෙල්ල උත්තරයක් නොදීම හොබීව හග්කරේ කොල්ලගෙ අවසරයක් නැතුව.

" පරිස්සමින් ඉන්න. "

කොල්ලගෙන් ඈත් වෙලා එහෙම කියපු කෙල්ල හොබීට අතවනලා ගේට් එකෙන් නොපෙනී ගියත් හෝසොක්ට මේ දේවල් වල ලොකු වෙනසක් තේරුනා.

හොබීට කෙල්ලගෙ පස්සෙන් යන්න හිතුනත් හෝසොක් ඒ හැඟීම යටපත් කරගෙන ඇඳට ගියේ නිදාගන්න හිතාගෙන.

~ ทєxτ ∂αy мσrทiทg ~

තද නින්දෙ හිටපු හෝසොක් ඇහැරුනේ ඩෝර් බෙල් එක රින්ග් වෙන සද්දෙට.

" මිස්ටර් ජන්ග් හෝසොක් ?? "

දොර ඉස්සරහා හිටියෙ පොලිස් නිලධාරියෙක්.


ONE WORD | COMPLETED Where stories live. Discover now