Part 05 👨‍❤️‍👨

998 167 83
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
අද උදෙ ඇල්බා ඇවිත් කතා කරනකම්ම මම ඇද උඩටම වෙලා හිටියා...
ඒ උට්ටාට මගෙ කඹ පිරිච්ච
කුණු කෙළ පෙරිච්ච මූණ දකින් නැතුව සාංකාව හැදෙනවානෙ නැත්නම්...
හැයියකෝ හිටාං මං ඕකාව අද කුණු කෙළ වලින් නාවනවා...
වෙනදට බෙරිහන් දෙන එකා අද හිමීට කතා කලා...

නෝටී.... නැගිටලාද ඉන්නේ....""

මම දඩ බඩ ගාලා ඇදෙන් පැනලා ගිහින් දොර ඇරියා...
මගෙ බොක්කා...
මගෙ පණ ඩිංග...
මම ඇල්බාව බදාගෙන කුණු කෙල පිටින්ම
ලොකූ උම්මියකුත් දීලා bathroom එකට දිවුවා...
නැත්නම් ඕකා මාව හපනවා...
මමනම් ඌව හැමදාම කෙළ වලින් නාවනවා...
ඌ එපා කියන්නෙත් නෑ ඉතින්...

කතා කරන්න එපා අද දවසම මුස්පේන්තුයි...
ඉස්කෝලෙට ගිය ගමන්ම අහපු දේ නම්
බ්ලෑක්...
සිකේ... සිකේ...
අද උදේ රැස්වීමලු...
බොරුනම් බලන්න,
විදුහල් භූමිය සිපගෙන උදා වන ලා හිරු කිරණ කියලා එතනම කෙලින්නෙ තඩිපචයක්නෙ...
දාඩිය කට්ට පෙරාගෙන
උදේ පාන්දර අවුවෙ කරවෙවී
ඉන්න අපිව සිප ගන්නෙ වෙන කිරණක්ද එතකොට???
ස්ටේජ් එක උඩ ඉන්න උන් කියන
ටොම් පච අහන් ඉන්නකොට
මුන්ව උල හිදුවා මර්න්න නියම කරන්න ඕනෙ ළමයි දාස් ගානක් ඉස්සරහා කෙලින කෙබ්බ වලට..

පේන තෙක්මානෙකවත් නැති වැහි දෙයියන්ට කන්නලව් කර කර ඇල්බායි මායිත් ගියා පෝළිම් හැදෙන තැනට...

හම්මේහ් ඉතිං
රෝසා ඉන්නවා අපි යනකොට පෝළිමේ මැද හරියට වෙන්න හිටගෙන...
අපි එනවා දැක්කා විතරයි ඔළුව උස්සලා බලලා හිනා උනා...
වාව්....
ඔහොම හිනා වෙනවනම් සහරා කාන්තාරෙ මැද උනත් හිටගෙන ඉන්නම්කො දෙයියෝ...
පළවෙනි පාරට මට දැනුනා මට එයාව ඕනෙ කියන හැගීම...
මම ඔළුවෙන් කතා කලා අපි ඉන්න තැනට එන්න කියලා...
එයත් හිමීට හිමීට ආවා...
ඇල්බා මගෙ පිටිපස්සෙ,
රෝසා මගෙ ඉස්සරහ,
මැද්දෙ සවුන්දර වගේ මම මැද්දෙ...

රැස්වීම ඉවර වෙනකොට රෝසා අපිත් එක්ක සෑහෙන්න ෆිට්...
මම ඇල්බාගෙ කරට අතකුත් දාගෙන රෝසාව එහා පැත්තෙතියාගෙන
එක පෙළට ආවා පන්තියට...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now