Part 11 👨‍❤️‍👨

982 158 76
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
ඇස් ඇරලා බලද්දි මම හිටියෙ
උණුහුම පිරුණ පපුවකට හේත්තු වෙලා....
කැනියුලාව ගහලා තිබ්බ මගෙ අත තිබුනෙ ඇල්බාගෙ උකුලෙ....
මගෙ උරිස්ස වටේ අත දාලා ඇදෙන් වැටෙන්නෙ නැති වෙන්න
මාව එයාගෙ පපුවට හේත්තු කරගෙන,
මගෙ පිටට ඒ පපුවෙ රස්නෙ හොදට දැනෙනවා....
එයානම් හොදටම නිදි....

දැන් රෑද පාන්දරද කියලා හිතාගන්න බෑ වටේම කරුවලයි...
මට එයාගෙ බැන්ඩේජ් කරලා තියෙන තැන අතගාන්න ඕන උනා...
මම හෙලවෙනවා දැනිලා වෙන්න ඇති එයා ඇහැරුනා...

මගෙ පැටියා කොයි වෙලේද ඇහැරුනේ....""

ඇසුත් පොඩි කර කර ඇල්බා මගෙන් අහනවා...
එහෙම ඉන්නකොටනම් එයා සෝයී අප්පාහ්....
මූණ චූටිම චූටි බබෙක් වගේ....
ඇගේ අමාරු ඔක්කොම
පැත්තකට දාලා මූණ බදාගෙන
ඉඹින්න හිතෙනවා....

කොයි වෙලේද ඔයා ඇදට ආවේ....""

මම ඇහුවෙ නිදාගන්නකොට එයාත් එක්ක
මම මේ විදියට හිටපු නැති නිසා....

ඔයා නින්දෙන් අඩන්න ගත්තානෙ...
ඔයාව දාලා යන්න එපා....
ඔයාගෙ ළගමටම වෙලා ඉන්න කිය කිය....

ඉතින් මම හොදටම බය උනා...
ඔළුව රිදෙනවා ඇති කියලා හිතාගෙන ඔළුව අත ගෑවා....
අත රිදෙනවා ඇති කියලා අත අත ගෑවා....
මොනවා කලත් අඩන එක නැවැතුනේ නෑ....

තුරුල් කරගන්න බැහැනෙ අත් දෙකයි
මේ බටෙයි නිසා...
ඒ හින්දා මෙහෙම පිටට හේත්තු කරගත්තා,
ඊටපස්සෙ තමයි මගෙ බබා සද්ද නැතුව නිදාගත්තෙ....""

මගෙ ඔළුවෙ තිබුන බැන්ඩේජ් එක උඩින් හිමීට තොල් තියන ගමන් එයා කිවුවා...
හයියෝහ්....
තව මොනවා කියවුනාද දන් නෑ...
මාව ටීක් උනා...
ඒත් ඇල්බාගෙ කිසිම වෙනසක් නැති නිසා
මම හිත ගත්තා මගෙ කටින්
කිසිම දෙයක් පිට වෙලා නෑ කියලා....

මට ගොඩක් ලොකුවට කට අරින්න බැරි නිසා,
එයා පොඩි ලේන්සුවකට Toothpaste ටිකක් අරන්
ඇගිලි දෙකෙට තියලා හිමීට දත් මැද්දුවා....
කටත් සේදුවා....
ඊටපස්සෙ උණු වතුර පොගවපු තුවායක් අරන්
මගෙ ඇග පරිස්සමට පිහදැම්මා....
තෙත තුවායෙන් මගෙ සන් ඩිංග පිහදාන ගමන්
හොරා වගේ ඒකට උම්මියකුත් දුන්නා...
ඒ පහසටනම් මාව ගැස්සිලා ගියා....
එයාට මම ගැස්සෙනවා දැනිලාද කොහෙද
මගෙ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉදියා...
එයාගෙ පහස මට තදින්ම ඕන උනත්...
මගෙ සන් ඩිංග මාව මෙතන පාවලා දුන්නොත් වසම වස ලැජ්ජාවක් නිසා
මම අමාරුවෙන් හරි අවදි වේගෙන එන හැගීම් මැඩගෙන හිටියා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now